Do you like to read weekly my Econocolama

Sunday, November 21, 2010

2011.11.21- -රාවය- ආසියාවේ ආශ්චර්යය වෙනුවෙන් ඇතිකළ යුතු අනිවාර්යය පරකි තිසංස්කරණ

2011 වසරේ අයවැය සමග රටට මහජනතාවට විශාල වශයෙන් වරපරරතිසාද ලබා දෙන්නට විපක්ෂය මහත් උනන්දුවක් දක්වන බව පෙනේ. එනමුත් ආණ්ඩුවේ උනන්දුවක් දැක්වූයේ රාජ්යම නායකයාගේ දෙවන ධුර කාලය ඇරඹීම උදෙසා පරීි ති උත්සව පවත්වන්නටය.



කොළඹ නගරය වෙනස් විය. මාගම්පුර වරාය, නොරොච්චෝල හා ඉහල කොත්මලේ විදුලි බලාගාර ලහි ලහියේ ඉදිකිිරීම් අවසන් වෙමින් තිබේ. ගුවන් තොටුපොල, ගුවන් මාර්ග හා අධිවේගී මාර්ග රටට එකතුවෙයි. මේවා දීර්ඝ කාලීනව ගෙවන්නට එකඟවූ ණය අරමුදල් වලින් කිරය ුයාත්මක වන සංවර්ධනයයි. මූල්‍ය අංශයෙහි කැපී පෙනෙන වෙනසක් කර තිබේ. පොලී අනුපාත පහල දමා ඇත. රුපියලේ අගය ශක්තිමත්කරන තීන්දු ගෙන තිබේ. රජය දේශීය ණය ගැනීම් සීමා කර ඇති අතර භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර පොලී අනුපාත පාලනයක් කර ඇත. යුද්ධය අවසන් කිරීමේ හා මැතිවරණ අවසන් කිරීමේ මෙහෙයුම් සමග රට ගොඩනැගීමේ ආර්ථික මෙහෙයුම ආරම්භ කරන බව දක්වන සංකේතය විය යුත්තේ මෙවර අයවැයයි.



ආදායම වැඩි කරගන්නා අතර වියදම සීමා කර ගත යුතුව ඇත. වැඩිපුර රැකියා බිහිකරන රටට ආදායම් උත්පාදනය කරන නව ව්යිවසාය ඇරඹීමට අවස්ථාව දිය යුතුය. අපනයන වර්ධනය කර ගත යුතුවෙයි. ආනයන සීමා කර ගන්නටත්, නිෂ්පාදනය වැඩි කර පලදායීතාව හා කාර්යක්ෂමතාවය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන්නටත් මග පාදා ගත යුතුය. මේ සියල්ල කළ හැකිවේද? මහජනතාවගේ අපේක්ෂා සේ ම රටේ අනාගතය කෙරෙහි සලකා තීරණාත්මක තීන්දු ගන්නටත් සිදුවන අභියෝගයක් ලෙස මෙවර අය වැය සැලකිය හැකිය.



2009 සැප්තැම්බර් මාසයේ දී ජාත්යීන්තර මූල්යර අරමුදල රට මුහුණ පෑ ගෙවුම්ශෙෂ ගැටලූවට පිළියමක් ලෙස තාවකාලික විදේශ විනිමය සංචිතයක් අනුමත කළේය. මාස විස්සක් ස`දහා වූ ඇමරිකානු ඩොලර් මිලියන 206.7 ක් වන මෙම සංචිතය බැරවූයේ මහා භාණ්ඩාගාරයටයි. එයට ගෙවිය යුතු වාර්ෂික පොලිය සියයට 1.5 කි. මෙම විදේශ විනිමය සංචිතයේ වාසිය අහෝසි වන්නට රටට ඉතිරිව ඇත්තේ තවත් මාස හයක් පමණකි. මේ කාලය ඇතුලත රටේ විදේශ විනිමය පර6. මාණය අඩුම තරමින් මාස තුනක මිළදී ගැනීම් සඳහා පරවි මාණවත් මට්ටමට නංවා ගත යුතුය. දැනට රටට විනිමය ලැබෙන පරළද ධානම මාවත සකස් වී ඇත්තේ විදේශීය රැකියා කරන පිරිස එවන මුදලයි. එය මේ වසරේදී වාර්තාගත අන්දමට ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක් වනු ඇතැයි මහ බැංකුව පරරේ කාශ කර තිබේ. තම මානව සම්පත එතෙර යවා ඒක පුද්ගල වැඩිම ආදායමක් උපයන ආසියාවේ රට ශරිත ලංකාවයි. එය සතුටු විය හැකි දත්තයක් නොවේ. මේ වැඩ කරන ජනතාව ශරිී ලංකාවේ නිෂ්පාදනයට දායක වූවා නම් උපදවන ධනය මෙයට වඩා විශාල එකකි. දෙවනුව විදේශ විනිමය උපයන ඇඟලූම් කර්මාන්තය ජී.එස්.පී සහනය අහිමිවීම හා තරගකාරීත්වය මත මේ වසරේ දී අඩු ආදායමක් උපයා දෙනු ඇති බව ඇඟලූම් කර්මාන්තකරුවන් දැනටම රජයට පෙන්වා දී තිබේ. 2009 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් ඇඟලූම් අපනයනයෙන් උපයා ඇතත් මේ වසරේ පළමු මාස හය ඇතුලත උපයා ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 674 ක් පමණකි. සාමාන්යතයෙන් මෙය ඇමරිකානු ඩොලර් මිලියන 900 ක් පමණ විශාල අඩුවීමකි. තේ ඇතුලූ ශරීල ලංකාවේ කෘෂි භෝග අපනයනයට තියුණු තරඟකාරීත්වයක් ලෝක වෙළඳ පොළේ දැන් නිර්මාණය වී තිබේ. එයට බලපා ඇති හේතුව රුපියලේ අගය ශක්තිමත් කිරීමයි. ජාත්යින්තර මූල්යම අරමුදලේ තාවකාලික ණය සහනය මත ලැබුණ සංචිත පාවිච්චි කර මෙරට ඩොලර් ඉල්ලූම උවමනාවෙන්ම සීමා කර ඇති නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්ව ඇති අතර එයින් මෙරට අපනයන ද්රයව්යන මිළ ගණන් ජාත්ය්න්තරව ඉහල ගොස් තිබේ. එය පෙනී යන්නේ මේ වසරේ ගතවූ මාස අට ඇතුලත අපනයන ආදායම වැඩිවීම සියයට දහයක් පමණකි වීමෙන්ය. විනිමය අනුපාතිකයේ බලපෑම නිසා ඩොලරයට ගෙවන මිළ අඩුවීමෙන් මෙරටට ආනයනය කිරීමේදී වාසි අත්පත් වී ඇති අතර බදු සහන හෙයින් වාහන ආනයනය ද වැඩි වී තිබේ. එහි පර්ප තිඵලයක් වශයෙන් මේ වසරේ ගතවූ මාස අට ඇතුලත ආනයන වියදම් සියයට 36.9 කින් වැඩි වී ඇත. මේ නිසා වෙළ`ද පරතරය සියයට 103 කින් ඉහළ ගොස් තිබේ.



ජාත්ය්න්තර මූල්යත අරමුදලේ විදේශ විනිම සහනය ලැබෙන විට ශරීන ලංකාව සපුරාගත හැකි ඉලක්ක ගැන ද සඳහන් කර තිබේ. දෙපාර්ශවය අතර එකඟවී ඇති රාමුව අනුව වසර 2011 වන විට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහ දක්වා අඩු කරන්නට හැකිවෙතැයි දක්වා ඇත. 2009 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.9 ක් වූ මේ ගෙවී යන වසරේ යෝජනාව අනුව සියයට 8 ක් විය හැකි මෙම අයවැය හිඟය ලබන වසරේ සියයට පහ දක්වා අඩු කළ හැක්කේ වියදම් අඩුකිරීමෙන් හෝ ආයෝජන වැඩි කර නිෂ්පාදන ඉතා වේගවත් වර්ධනයක් ලගා කරගතහොත් පමණකි.

එය පරාජ යෝගිකව කළ හැකි දෙයක්ද? නිදහස ලැබූ දා සිට පැවති සියයට පහක පමණ ආර්ථීක වර්ධනයේ සාමාන්යව හා යුද ගැටුම් අවසන් වීමෙන් පසු දැන් පවත්වාගෙන යන සියයට අටක පමණ සංවර්ධන වේගය මේ වෙනුවෙන් කෙසේවත් නොසෑහෙයි. අඩුම තරමින් සියයට දහය ඉක්මවන ආර්ථීක වර්ධනයක් රහිතව අයවැය හිඟය අඩු කර ගැනීම අපහසුය. සියයට දහයක ආර්ථික වර්ධනයක් උදෙසා විශාල පරයි තිසංස්කරණ රටට අවශ්ය්ය. අලාභ ලබන රාජ්යර ආයතන, අඩු පලදායීතාවයක් සහිත විශාල රාජ්යට සේවය, යුද්ධයක් නැති අවස්ථාවක නඩත්තු කරන විශාල හමුදා සේනාංක හා යුධ වියදම් පමණක් නොව මහජනතාවට දෙන සහනාධාර ද එවැනි ආර්ථික වර්ධනයක් උදෙසා පරණක තිසංස්කරණයකට ලක් කළ යුතු මූලික අංශ අතර කැපී පෙනේ.



රජය දරණ විශාල වියදමට හේතු වී ඇති අංශ සොයා ඒවා නිවැරදිකර එයින් ඉතිරිවන මුදලින් අයවැය හිඟය අඩු කර ගත යුතුවෙයි. රජයේ බදු අයකරගැනීම් අඩු කර දේශීය ව්යලවසායකයන්ට ව්යාඟපාර ඇරඹීමට ඇති පහසුකම් නැංවිය හැකිය. විදේශීය ආයෝජකයන් කැඳවිය හැකිය. දැනට රටේ ඇති ආයෝජන පරයේ තිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක සිට සියයට 40 දක්වා වැඩි කර ගත හැක්කේ අලූත් ආකල්ප ඇතිව වෙනස් පරයද තිපත්ති ඇතිව කරි් යා කළහොත් පමණකි. ව්යනවසායකයන් රට පුරා බිහිවන විට අලූත් රැකියා අවස්ථා ඇතිවෙයි. රජයට බදු ලැබෙන නව පැති විවරවෙයි. අලූත් ව්යා පාර වල රැකියා කරන්නට මැදපෙරදිග ඇතුලූ රටවල මෙහෙවර කරන ශරීි ලාංකිකයන්ට ආපසු පැමිණෙන්නට හැකිවෙයි. යුද ගිනි නිවෙන විට පිබිදෙන ආර්ථීකයකින් ඇතිවන අවස්ථා එවැනිය.



මේ ගැන නොසිතා මහජනතාවගේ සිත නොතලා, විපක්ෂයේ බලවේග ඉදිරිපත් කරන හඬ අනුව යමින් 2011 අයවැය ඉදිරිපත් කළ හැකිය. පුද්ගලික අංශය හෝ විදේශ ආයෝජන නොතකා රජය පමණක් ව්යැවසායකයා ලෙස ආණ්ඩුව ගෙන යා හැකිය. එසේ කළත් රට පිරිහී ආර්ථීකය කඩා වැටෙන්නේ නැත. ආසියාවේ ආශ්චර්යය වන්නේ ද නැත.

මිණිසර -

Friday, November 12, 2010

රාවය 2010.11.14 -රුපියලේ අගය ශක්තිමත් වීම මත පැන නැගෙන විවාදය

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙමින් පවතින අතර එහි පල විපාක සම්බන්ධයෙන් අභ්යින්තර විවාදයක් පැන නැගී තිබේ. අපනයනය වෙළඳාමෙන් ව්යා‍පාර මෙහෙයවන ආයෝජකයන්ගේ ඒකමතික අදහස වී ඇත්තේ එහි දැන් පවතින ස්ථාවර අගය රටේ ආර්ථිකයට හානිකර බවය. රුපියලේ අගය අවපරවරනමාණය කළ යුතු අතර එයින් මෙරට අපනයන භාණ්ඩ වලට වැඩි ඉල්ලූමක් ලැබෙනු ඇතැයි ඔවුන්ගේ අදහසයි. ආනයන කෙරෙහි වැඩි බරක් තබා කරිේ යා කරන ව්යාඑපාරිකයන් දැන් පවතින විනිමය අනුපාතිකය කෙරෙහි තෘප්තිමත්ය. රුපියලේ අගය ශක්තිමත්වීම සමග භාණ්ඩ ආනයනයේ දී ගෙවන්නට සිදුවන වියදම අඩු වී තිබේ. විදේශ වෙළඳාමෙන් වාසි දායක තත්ත්වයක් පමණක් නොව මෙරට විදේශ ණය සම්බන්ධයෙන් ද යම් වාසියක් ලබන හෙයින් පවතින රුපියලේ අගය ස්ථාවරව තබා ගත යුතු බව ඔවුන් ගේ තර්කයයි.


මේ වසරේ ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලරයක් මිළදී ගැනීමට රුපියල් 114.38 ගෙවන්නට සිදුවීය. දැන් ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 111.60 කි. විදේශ වෙළඳාමේ දී මෙහි වෙනස දැනෙන්නේ සියුම් අන්දමටය. රුපියල් 150.00 වටිනා තේ කිලෝවකට විදේශික ගැනුම්කරුවෙකු අවුරුද්ද මුල ගෙවූයේ ඩොලර් 1.31 කි. එම තේ කිලෝවට ඔවුන් දැන් ඩොලර් 1.34 ක් ගෙවිය යුතුය. ශීරා. ලංකාව මිළදී ගත් ඇමරිකානු ඩොලර් 75 ක් වටිනා බොරතෙල් බැරලයකට වසර ආරම්භයේ ගෙවන ලද්දේ රුපියල් වලින් නම් 8578.50 කි. නමුත් දැන් රුපියලේ අගය ශක්තිමත්වීම මත වැය වන්නේ රු. 8370.00 ක් පමණකි. මේ අනුව විදේශ වෙළඳාමේ දී රටට මිළදී ගැනීම් මත වාසි සිදුවන අතර මෙරටින් භාණ්ඩ මිළදී ගැනීමේ දී වැඩි වැයක් දරන්නට ගැනුම් කරුවන්ට සිදුවෙයි. විදේශ වෙළඳාම සිදුවන්නේ ඉතාමත් තරගකාරීවය. ශරීව ලංකාවේ නිෂ්පාදන වලට වඩා මිළ ගණන් අඩු හා ඉක්මනින් සේවාව ලබා ගත හැකි ඕනෑම රටකින් භාණ්ඩ මිළදී ගන්නට ගැනුම්කරුවෝ සූදානම්ය. මේ නිසා අපනයනයේ දී මෙරට රුපියලේ අගය ශක්තිමත්වීම අවාසියකි. ආනයනයේ දී යම් වාසියක් තිබෙන බව ඇත්තකි. එනමුත් මහජනතාවට පරාල යෝගිකව එය දැනෙන්නේ නැත. ආනයනය කරන තෙල් මිළ අඩු වීමෙන් ඉන්ධන මිළ ගණන් පහත වැටීමක්, සීනි, පරිප්පු හෝ වෙනත් අත්ය වශ්යි භාණ්ඩයක මිළ අඩුවීමක් අද වෙළඳ පොළ නිරීක්ෂණයෙන් දැක ගත නොහැකිය. අඩු උද්ධමන අනුපාතිකයක්, වානිජ බැංකු පොලී අඩුවීමක් හා රුපියලේ අගය ශක්තිමත් වීමක් පෙන්වන නමුත් භාණ්ඩ මිළ දිනපතා ඉහල යයි. රක්ෂණ අධි භාරය ද නැත. ආරක්ෂක හේතුමත අතරමගදී නතර කර පර්ෂ මාද කිරීම් නිසා වකර්ආරව බඩු මිළ වැඩි වන්නට ද හේතුවක් නැත. එවැනි අවස්ථාවක මහජනතාවට නැගෙන සාධාරණ පරණ් ශ්නය, රුපියලේ අගය ශක්තිමත්වීම මත ලැබෙන වාසිය කුමක්ද යන්න පමණකි.


1950 වසරේ දී ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් ශරීක ලංකාවට ගෙවන්ට සිදුවූයේ රුපියල් 4.76 ක් පමණකි. 1960 වන විටත් එහි වෙනසක් නොවූ අතර එයට හේතුව වූයේ විදේශ විනිමය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පැවතීමයි. 1977 වසර එනම් මෙරටට විවෘත ආර්ථීක කරරත මය හඳුන්වා දුන් අවධිය වන විට ඇමරිකානු ඩොලරයක් රු. 8.87 ක සීමාවේ පැවතිණ. ආනයන අපනයන සීමා ලිහිල් වීම හා මහවැලි සංවර්ධන යෝජනා කරමක මය ඇතුලූ සංවර්ධන ව්යාලපෘති වෙනුවෙන් උපයා ගත යුතු විදේශ විනිමය වෙනුවෙන් විටින් විට වෙනස් කරන ලද විනිමය අනුපාත, රුපියලේ අගය අවපරූිටමාණය වීමට බෙහෙවින් බලපෑවේය. 2000 වසර වන විට ඇමරිකානු ඩොලරය රු. 75.78 ක් වූ බව ශරීේ ලංකා මහ බැංකුවේ වාර්තා දක්වයි. 2005 වසරේ දී එය රු.100.49 ක් බවට පත්වූ අතර 2006 වසරේ දෙවන කාර්තුවේ දී අනපේක්ෂිත අයුරින් ඩොලරයේ වටිනාකම රු. 116.39 දක්වා ඉහල ගියේය. මෙම රුපියලේ අගය අවපර ත්මාණයවීම අනුව මෙරට ආනයනික ද්රේව්යම මිල ගණන් ඉහල ගිය අතර ආර්ථිකය දුෂ්කරතා ගණනාවකට මුහුණ දුන්නේය. නැවත ශක්තිමත් වූ රුපියලේ අගය 2008 වසරේ දී රු. 114.55 බවටත් පසුව 2009 මැයි වන විට රු. 116.92 ක හා දෙසැම්බර් වන විට යළි රු. 114.34 ක් වශයෙන් උච්ඡවචනය වීමත් කැපී පෙනෙයි. එවැනි ඉහල අගයක සිට ගෙවී ගිය දින කිහිපය තුළ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිළ රුපියල් 111.60 දක්වා අඩුවන අන්දමට රුපියලේ අගය ශක්තිමත්වීම විශේෂ අවධානයට ලක්විය යුත්තකි.


දියුණු වන රටක් වශයෙන් අපනයන ආදායම නංවා ගැනීම වැදගත් බව රටට ආධාර සපයන ආයතන නිතර කළ අවවාදයකි. ඒ දැනුමිදීම් අනුව කළ රුපියලේ අගය අවපර පනමාණය කිරීම වේගයෙන් වර්ධනය වූ රටේ ණය සේවා ගෙවීම් සමග සමපාත වූයේ නැත. පරදග තිඵලය වූයේ කොතරම් දුරට රුපියලේ අගය අවපර ිතමාණය වුවත් ඒ හා සමානව අපනයන වැඩි වුවත් ණය බර සහ දේශීයව භාණ්ඩ හා සේවා මිළ වැඩිවීම පමණකි. මෑත කාලය තුළ චීනය ජාත්යිව්තර පරදග ජාව අපේක්ෂා නොකළ මට්ටමකින් ඔවුන්ගේ මුදල් අගය අවපරදේශමාණය කරන ලදී. එහි බලපෑමක් වශයෙන් චීන නිෂ්පාදන ලෝක වෙළඳ පොළේ මිළ අඩු වූ අතර විශාල ඉල්ලූමක් හිමිවිය. අද චීනය ආර්ථීක අතින් ඉදිරියට යන්නට එම තීන්දුව බලපෑවේය.


මේ වසරේ ගතවූ මුල් මාස අට ඇතුලත වෙළඳ පරතරය සියයට 103.7 කින් වැඩි වී තිබේ. අපනයන ආදායම සියයට 10.8 ක අඩු වර්ධනයක් පෙන්වන අතර ආනයන වියදම් සියයට 36.9 කින් වැඩි වී ඇත. ශරීක ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා විදේශ විනිමය වැදගත්ය. විදේශ රුකියාවන්හි නිරත ශරීධ ලාංකිකයන් වසරකට එවන පිරිස මෙරටට එවන ඇමරිකානු ඩොලර් මිලියන හතරක පමණ මුදල නොවේ නම් රටට විනිමය සම්බන්ධව බරපතල පරරක ශ්නයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. දැනට ගෙවුම්ශෙෂ පරතරය පියවාගෙන ඇත්තේ ජාත්යනන්තර මූල්යම අරමුදලේ ලැබුණ සහාය මතය. මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන හතක පමණ වත්කම් රටට ඇතත් එහි ඇති උපයාගත් ශුුද්ධ ආදායම සීමිත එකකි. අපනයන නංවාගෙන එහි පිබිදීමක් මගින් රටේ විනිමය සංචිතය ඉහල මට්ටමකට ගෙන යා හැකි නම් වැදගත්ය. ඒ වෙනුවෙන් විය යුත්තේ සියයට 30කින් අපනයන නැංවෙන විට සියයට 10 ක පමණ ආනායන වියදම් විඩිවීමක් බව පෙන්වා දිය යුතුය. එවිට රටේ සමස්ථ ආර්ථීකයම දියුණුවක් කරා ගමන් කරයි.


එනමුත් දැන් පවතින විනිමය අනුපාතිකය එයට ඉඩ දෙන්නේ නැත. අඩුම තරමින් මෙරට පැමිණෙන සංචාරකයෙකු පවා රුපියලේ අගය ශක්තිමත් වීම ඉදිරියේ අවාසියට පත්වෙන බව සිතන්නට පටන් ගනී. මෙම තත්ත්වය වලකා විනිමය අනුපාතිකය පාලනය යුක්ති සහගත මට්ටමක් දක්වාගෙන ඒම වැදගත්ය. රටේ ආර්ථීකය පුබුදුවන සමබර විනිමය අනුපාතිකයක් කරා ගමන් කිරීම පරලන තිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.






මිණිසර -




Monday, November 8, 2010

2010.11.07- රාවය - පෙරහැරට කළින් කසකාරයන්ගේ සම්පරා1. ප්තිය

අය වැය රටට දර්ශනයක් ගෙන එයි. එය පෙරහැරකි. එම පෙරහැර මහත් ආඩ්ය යෙන් පෙරට වඩම්මවන ලද යුගයක් තිබිණ. අතිශය රහසිගතව සකස් කරන අයවැය යෝජනා රටේ ගමන්මග ගැන දීර්ඝ හරබර දේශනයකින් පසු රට හමුවේ තැබීමේ සම්පරදායයක් පැවතුණි. එනමුත් දැන් රටේ අය වැය ලේඛනය ගැන රටේ සාමානය ජනතාව උනන්දුවක් දක්වන්නේ නැති තරම්ය. එයට වඩා වැඩියෙන් අවධානයෙන් සිටින්නේ ජාතයන්තර මූල්ය අරමුදල ඇතුථ රටට ආධාර දෙන කණ්ඩායමයි. ඔවුන්ගේ උනන්දුව මහජනතාවගේ ආර්ථික සමෘද්ධිය ගැන නොවේ. තමන්ගෙන් ගත් ණය ආපසු ගෙවන්නට හැකි අන්දමට ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් සිටී ද යන්න ගැන ඔවුහු නිතර සොයා බලති.


නිදහස ලැබීමෙන් පසු ශරී ලංකාවට ඉතාමත් වැදගත් අය වැය ලේඛනයක් මේ මාසය තුළ රට හමුවේ තැබෙයි. විවෘත ආර්ථික කරමය මෙරටට හඳුන්වා දුන්නේ මෙයින් අවුරුදු තිහකට පමණ කලින්ය. ත ස්තවාදය, එවැනිම කාලපරිච්ඡ්දයක් සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය හා සමාජය ගොදුරු කරගෙන සිටියේය. මැතිවරණ, යුධ වකවානුව අවසන්වූ රටක අනාගත යුගය ගොඩනගන දැක්ම ඇති අයවැය ලේඛනයක් කෙරෙහි ගැඹුරු බලාපොරොත්තු අපට ඇත.


එනමුත් මහජනතාවගේ අපේක්ෂා වෙනස්ය. ඔවුහු සහන අපේක්ෂා කරති. ගෙවුණු වකවානුවේ දුකින් හා අපහසුවෙන් ජීවිතය ගත කළේ සාමාන්යට ජනතාවයි. ආරක්ෂක වියදම් ඉහල යන විට, උණ්ඩ මිළ දී ගැනීමට මුදල් හිඟ වන විට ආණ්ඩුව බදු අය කළේ මහජනතාවගෙන්ය. යුද්ධය වෙනුවෙන් දරුවන් රණ බිමට යවන ලද්දේ පමණක් නොව ඔවුන් වෙනුවෙන් සියලූ බර පැන දරන ලද්දේත් පොදු ජනතාවයි. රටේ නායකයන් ආරක්ෂා වෙමින් වෙඩි නොවදින වාහන වලින් ගමන් කරන විට පොදු පරඩි වාහන පද්ධතියේ මරුට අත වනමින් අනාරක්ෂිතව ගමන් කළේ ද ඔවුහු ම ය. යුද්ධය අවස්න් වී අවුරුද්දකට වඩා ගත වී ඇති අවස්ථාවක වැඩ කරන ජනතාවත්, සාමාන්යන ජනතාවත් ආණ්ඩුව තමන්ට සහන දෙනු ඇතැයි බලාපොරොත්තු පුරවාගෙන සිටී.
අය වැයට මාස කිහිපයකට කලින් රථ වාහන ආනයන බදු අඩු කළේය. අල, රටලූනු බදු වැඩි කළේය. මත් පැන් හා දුම්කොළ බදු ඉහළ නැංවීය. අපනයනය කරන තේ කිලෝවකින් අමතර ගාස්තුවක් අය කළේය. ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්නට මේ මගින් ඉඩ සැලසින. අඩු වෙමින් තිබුණ උද්ධමන අනුපාතිකය ඔක්තෝම්බර් මාසය අවසන් වන විට තරමක් ඉහල ගියේය. අත්යවශ ආහාර දව්ය මිළ ගණන් වැඩි වී ඇති අතර එය ජීවන වියදම වැඩිවීමට කෙලින්ම බලපා තිබේ. යුද්ධය අවසන් නිසා රක්ෂණ අධිභාරය නැත. අතරමගදී භාණ්ඩ පරයේ වාහනය කරන වාහන නතර කර පරීක්ෂා කිරීම අඩු හෙයින් වෙළ ඳුන්ට වියදම් අඩුය. ව්යපාරිකයන්ට අඩු පොලියට ණය ගන්නට හැකි ලෙස බැංකු පොලි අනුපාත පහලය. අවුරුද්දකට කලින් පැවති විනිමය අනුපාතිකයට වඩා දැන් රුපියලේ අගය ශක්තිමත් වී තිබේ. මේ අනුව නියත වශයෙන්ම මෙරටට ආනයනය කරන භාණ්ඩ මිළ ගණන් අඩු විය යුතු අතර පරින වාහන වියදම් ද සාපේක්ෂව පහළ බව නිසැකය. එනමුත් හාල්, පිටි, සීනි, එළවලූ පළතුරු හා මස් මාලූ යන සියලූම දේ එදාට වඩා අද කීයක් හෝ මිළ වැඩි වී තිබේ. වෙළඳ පොළ ගරහණය ආර්ථිකයේ පාලනය කර ගත නොහැකි පැත්තකි.


මෙයින් පෙනෙන්නේ කුමක් ද? සහන අපේක්ෂා කරන සමාජයකට සහන දෙන්නට බැරි අයවැයක් ඉදිරිපත් වන්නට නියමිත වගය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අය වැය විසර්ජන පණත් කෙටුම්පතට අනුව 2011 වසරේ මෙරට සම්පූර්ණ වියදම රුපියල් බිලියන 1,080 කි. එයින් සියයට විස්සක් එනම් රුපියල් බිලියන 215.2 ක් ආරක්ෂක වියදම් වෙනුවෙන් වැය කරනු ඇත. නොඑසේනම් පසුගිය වසරට වඩා තවත් සියයට හයකින් වැඩි මුදලක් ආරක්ෂක වියදම් වෙනුවෙන් වෙන් කර තිබේ. ආර්ථික සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 75.2 ක්, සෞඛ්ය අංශයේ වියදම් වශයෙන් රුපියල් බිලියන 62.25 ක්, වරාය හා ගුවන් සේවා වෙනුවෙන් රුපියල් බිලියන 28.65 ක් වශයෙන් පරධාන වියදම් වෙන් කර ඇත. මේ වියදම දරන්නට ආදායම උපයා ගත හැක්කේ කොතැනින්ද? රටේ ආදායම තවමත් වර්ධනය වී නැත. දෙවැනි කාර්තුවේ ආර්ථික සංවර්ධන වේගය සියයට අටකි. රටේ බදු ආදායම වැඩි වන්නට නම් සියයට දහය ඉක්මවන ආර්ථික සංවර්ධන වේගයක් අවශයය. රජයේ ආදායම පරවන මාණවත් නොවන විට තව තවත් සෘජු හා වකර බදු පනවන්නට සිදුවෙයි. දේශීය හා විදේශීය වශයෙන් ණය ගන්නට සිදුවීම වැලැක්විය නොහැකිය. දැනට රටේ ණය බර රුපියල් ටිර්ලියන හතර ඉක්මවා තිබේ. මෙම ණය වාරික හා පොලිය ගෙවන්නට රජයේ ආදායමෙන් විශාල කොටසක් වැය වෙයි. සහන දෙමින් ආර්ථික සංවර්ධනය ඇති කරන්නට නම් ණය ගන්නා පරමාණය සීමා කළ යුතුය. එය කළ හැක්කේ අය වැය හිඟය අඩු කර ගැනීමෙන් පමණකි. 2009 අවුරුද්දේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ පරතිශතයක් වශයෙන් සියයට නමය ඉක්මවා ගියේය. මේ ගෙවී යන වසරේ එය සියයට අටක මට්ටමින් පවතිනු ඇතැයි දැක්වේ. ආණ්ඩුවට ණය දෙන ජාත්යන්තර මූල්ය අරමුදල වියදම් අඩු කර අය වැය හිඟය සියයට හතට අඩු මට්ටමකින් පවත්වා ගැනීමෙන් පමණක් සංවර්ධන ඉලක්ක ජය ගත හැකි බවට අනතුරු අඟවා තිබේ. මේ වැනි අඩු අගයකට අය වැය හිඟය ගන්නට නම් බදු වැඩි කර රජයේ ආදායම නංවා ගන්නට සිදුවෙයි. අනිවාර්ය පරවර තිඵලය වැටි බද්ද දැනට පවතින පරිව තිශතය සියයට විස්ස දක්වා නැංවීම විය හැකිය. මිලියන දෙකක් පමණ වන රජයේ සේවකයන්ට වැටුප් වැඩි කර මහජනතාවට සහන දෙන්නට නම් විකල්පය වැට් බද්ද හෝ ආනයන බදු වැඩි කිරීම පමණකි. නොඑසේ නම් මහජනතාවට ඇත්ත තේරුම් කර දී තවත් කාලයක් දුක විඳිමින් ආයෝජන වෙනුවෙන් රජයේ මුදල් කැප කර සහන ලබා දීම තවත් කල් දමන වැඩ පිළිවෙලකට යා යුතුය. මහජනතාව එයට සූදානම්ද? එවැනි ඉල්ලීමක් කරන්නට ආත්ම ශක්තියක් ආණ්ඩුවට තිබේද?


පෙරහැර ට කලින් එන කසකාරයන්ගේ ගමන අනුව නම් මේ ඉදිරිපත් වන්නට නියමිත අය වැය පැවති සාම්පර්් දායික ගමන් මගේ වෙනසක් ඇති නොකරයි. පාඩු ලබන රාජ්ය ආයතන වල බර දරාගත නොහැකිව තිබියදී බිලියන ගණනින් අලාභ ලැබූ ශරී ලන්කන් ගුවන් සේවය හා ඉදිරියේදී අසාර්ථක ව්යූවසායයක් වන බවට නිසැක ෂෙල් ගෑස් සමාගමත් ආණ්ඩුවට එකතු වී තිබේ. මේවා ගන්නට රුපියල් බිලියන පහක් ආණ්ඩුවට ණය දුන් ලංකා බැකුව එහි පරතිපල මත කවර ඉරණමකට ගොදුරු වි දැයි කියන්නට කල් වැඩිය.


ඇඟට දැනෙන විප්ලවීය තීන්දු මගින් විනා දැන් රටට අවශ්යහ ආර්ථීක වර්ධනය ලඟා කර ගැනීම උගහටය. යුධ පීඩනයෙන් මිදීමේ සහන මහජනතාවටත්, තමන්ටත් බෙදා ගන්නා ආණ්ඩුවකට ආයෝජනය තුළින් පිබිදීමක් ඇතිකරන්නට වත්කමක් ඉතිරි නොවේ.
මිණිසර -

Tuesday, October 26, 2010

- 2010.10.24 රාවය-එකක් කඩතොලූ නොහොත්





රාජ්ය දේපොල පෞද්ගලීකකරණය නොකිරීම මහින්ද චින්තනය පොරොන්දු පතර්ගලයේ එක් පරමි ධාන වගන්තියකි. රට විකිණීමට එරෙහිව විශාල විරෝධයකට මහජනතාව එකතු කරන්නට මේ පොරොන්දුව සමත්විය. මැතිවරණ වේදිකාවේ දී ඕනෑම දෙයකට රැවටෙන මහජනතාව ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය හා රජයේ ආයතන නිසි කළමණාකරණය යන දෙක වරද්දා ගත්හ. ඕනෑම මිළක් ගෙවා පාඩු පිට පාඩු ලබන ආයතන තමන්ගේ බුක්තිය යටතේ තිබිය යුතු අතර එහි පාලනයට පත්විය යුතු තමන් දන්නා හඳුනන නිලධාරීන් විය යුතු යැයි සාමාන්ය ජනතාවගේ සිතට අලූත් ආකල්පයක් කාන්දු කළහ.






තරස්තවාදය පරාජය කර නව ජවයකින් මහජනතාව හමුවේ සිටින ආණ්ඩුව අද තමන් යටතේ පවතින රාජ්යන ආයතන රටට බරක් නොවී පවත්වාගෙන යාමේ අවස්ථාවට මුහුණ දී සිටී. පෞද්ගලික අංශය තමන් සතුව පවතින ව්යාමපාරයක් පාඩු පිට පවත්වාගෙන යන්නේ නැත. ව්යාපාරය  හිමිකරු තම ව්යාපාරය අසාර්ථක වන බව පෙනෙන විට එහි කළමණාකරුගෙන් නිදහසට කරුණු අසයි. ඔහුගේ දක්ෂතාවයක් නැති බව පෙනෙන අවස්ථාවේ අලූත් කළමණාකරුවෙකු පත් කර ගනී. එය සාර්ථක වන අතර තව දුරටත් අසාර්ථක වන්නේ නම් අයිතිකරු කරන්නේ ව්යාපාරය වසා දැමීම හෝ විකුණා එහි ණය බරෙන් නිදහස් වීමය. නමුත් රජය ව්යාහපාර කරන බව පෙන්වන්නේ මහජන යහපතටය. රජයේ ආයතන අකාර්යක්ෂමය. අලාභ ලබයි. එහි පාඩු පියවන්නට මහා භාණ්ඩාගාරය මුදල් නිකුත් කරයි. මහා භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ මහජනතාව ගෙවන බදු වලිනි. සීනි පිටි හාල් ඇතුලූ තමන් පරිභෝජනයට ගන්නා හැම දෙයකින්ම නොයෙක් නම් වලින් බදු ආදායම් එකතු කර ගන්නා රජය ඒ මුදල් වලින් කොටසක් අවුරුදු පතා වැය කරන්නේ මේ පාඩු ලබන ආයතන නඩත්තුවටය. මේ ගෙවී යන වසරේ පමණක් රජය තමන්ගේ පාඩු ලබන ආයතන වෙනුවෙන් වෙන් කර ඇති නඩත්තු මුදල රුපියල් බිලියන 42.2 කි. පොහොර සහනාධාරයට රුපියල් බිලියන තිහක් හා සමෘද්ධි සහනාධාරයට රුපියල් බිලියන තිස්පහක් වැය කරන ගොවියන් හා දුගී දුප්පතුන් නගා සිටුවන්නා සේ රජයේ ව්යවසාය නඩත්තුවට එයටත් වඩා වැඩි මුදලක් වැය කරන්නට සිදුව ඇත්තේ ඇයි?






මෙම රාජ්ය ව්යපාර පාලනය කරන්නේ දේශපාලන හිතමිතරා න්දීන්ය. එහි ආදායමක් ඇතත් නැතත් තමන් දන්නා හඳුනන පාක්ෂිකයන්ට රක්ෂා හා සැපයුම් කොන්තරාත් දිය යුතුය. දේශපාලන පක්ෂයේ නොයෙකුත් පචාරණ ව්යපෘති වලට අනුගහය දැක්විය යුතුය. එපමණක් නොවේ මැති ඇමතිවරුන්ට යාන- වාහන හා යැපීම් වෙනුවෙන් බරක් දරන බවද මහජනතාවට රහසක් නොවේ. පෞද්ගලීකකරණය හෝ රාජ්ය පෞද්ගලික හවුල් ව්යපාර ලෙස පවත්වාගෙන යන විට කළමණාකරුවන් මෙම අතුරු අවස්ථා ගැන නොව ආයතනය නියමාකාරයෙන් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන් ගැන පමණක් විමසිලිමත්වෙයි. ශරී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස් කළමණාකරණය යටතේ පවතින කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ලන්ඩන් සිට පැමිණෙන්නට ආසන වෙන්කර ගත නොහැකිව ආරවුලක් ඇති කරගත් බව පරසිද්ධ රහසකි. සමාගම එසේ කළේ ගුවන් සේවය ව්යා‍පාරයක් වශයෙන් පවත්වාගෙන ගිය හෙයින් බව අප තේරුම්ගත යුතුය. දැන් රජයට අයත් ශ්රි ලන්කන් සමාගමේ මෙවැනි ආරවුල් නැත. ෂෙල් සමාගම දේශපාලන පක්ෂ වලට හෝ මැතිවරණ වලට වියදම් කළේ නැත. දේශපාලන රෙකමදාරු අනුව පාක්ෂිකයන්ට රැකියා දෙන ආයතනයක් නොවීය. එහෙත් ආපසු පවරාගත් ෂෙල් සමාගමේ අනාගත පැවැත්ම ගැන මහජනතාව ට කල්පනාකළ යුතු පැත්තක් තිබේ.






රාජ්ය ආයතන තිබිය යුත්තේ පවතින ආණ්ඩුවේ තිබහ නැති කිරීමටද? පුද්ගලීකරණය කළ රජයේ ආයතන රජයට බදු ගෙවමින් ලාභාංශ නිසි පරිදි ගෙවමින් හා මෙරට තරුණන්ට රුකියා සපයමින් පවත්වාගෙන ගියේ නැද්ද? ලාභයක් පෙන්වා එහි තමන්ට හිමි කොටස මෙරට හෝ විදේශීය හවුල්කරුවන් හිමි කරගත්තේ බලහත්කාරයෙන් නොව ව්යාපාරයක් පවත්වාගෙන යාමෙන් බව වටහා ගැනීමට අප අසමත්ද? ව්යපාරය තමන්ගේ බව කියමින් එහි අලාභ අතින් ගෙවමින් පයින් යන මහජනතාව කල්පනාකළ යුත්තේ ලාභ ලැබූ ව්යාපාර වුවත් රජයට පවරාගත හැකි ඕනෑම අවස්ථාවක මෙම සමාගම් ශරිලංකාවට භාර දී ආපසු ගන්නට නීති රීති හා රෙගුලාසි විසින් ආවරණයක් ඇති බවය. ෂෙල් සමාගම සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ ගෙදර ගියා සේ ම මහින්ද චින්තනය යටතේ ද ආපසු හැරී යන්නේය. ශරි ලන්කන් සමාගම රටේ සම්පතකි. එය කළමණාකරණය කළේ එමිරේට්ස් සමාගමයි. ඔවුන් එය ව්යාපාරයක් ලෙස කරගෙන ගියේය. ඉඩම හෝ වත්කම් ආපසු දෙන්නට අකමැත්ත පළ කළේ නැත. ආණ්ඩුව ඉල්ලා සිටි අවස්ථාවේ අයිතිය අත්හැර දැමූ එමිරේට්ස් පාලකයෝ එය මෙරටට පවරන්නට එකගවිය.






දැන් අභියෝගය මේ ආයතන හරි හැටි පාලනය කිරීමයි. දේශපාලන පක්ෂයක හෝ පක්ෂ හිතවාදීන්ගේ අරමුණු වලට අනුව රජයේ ව්යපවසාය පාලනය කිරීමෙන් මවුබිම උපයාගත්තේ මොනවාද යන්න ගැන අවබෝධයක් මහජනතාවට තිබිය යුතුය. ටෙලිකොම් ආයතනයට දුරකථනයක් දෙන්නට නොහැකි විය. ගෑස් වෙළදාම පුලූල් වූයේ නැත. රක්ෂණය ඒකාධිකාරයක් මිස අද පවතින සිත්ගන්නා සුථ පෙරැළිය පෙන්නුම් කළේ නැත.






දෙස් විදෙස් සමාගම් පාලනය කළ රජයේ ව්යා පාර ආපසු අත්පත් කර ගන්නට ලංකා බැංකුව රුපියල් බිලියන පහක ණයකරයක් නිකුත් කළේය. සියයට පහලොවකට ආසන්න පොලියකට මහජනතාවගෙන් ණයට ගත් මුදලින් ව්යවසාය ආපසු පවරාගෙන තිබේ. දැන් අභියෝගය ලාභ ද උපයා ගනිමින් යහපත්ව කළමණාකරණය කරන අතරතුර ලංකා බැංකුවේ ණය මුදල පොලිය සහිතව ගෙවන්නේ කෙසේ ද යන්නයි.






රජය ගෙන ඇති පරතිපත්ති තීරණයකට අනුව තෝරාගත් ව්යාපාර කිහිපයක කොටස් කොටස් වෙළඳ පොළ හරහා මහජනතාවට විකුණන්නට සූදානම් වෙයි. ඛනිජ තෙල් සංස්ථාව, විදුලිය බල මණ්ඩලය, ශරීලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්, ස්වාධීන රූපවාහිනිය ඇතුලූ රජයේ ආයතන ගණනාවක කොටස් ඉදිරි කාලයේ දී මහජනතාවට ස්වකීය කොටස් නිකුතුවක් කරනු ඇතැයි තොරතුරු දක්වයි. ලෝකයේ හොදම කොටස් වෙළඳ පොළ වශයෙන් වසරක් ඇතුලත සියයට එකසිට දහයක වර්ධනයක් කොළඹ කොටස් වෙළඳ පොළ දක්වා තිබේ. එහෙත් මේ වර්ධනයට සම්පූර්ණයෙන්ම දායක වී ඇත්තේ දේශීය සුථ ආයෝජකයන් හා අර්ථසාධක අරමුදල වැනි රජයේ අරමුදල් පමණකි. වසරේ මේ දක්වා විදේශීය ආයේජකයන රුපියල් බිලියන විස්සක් වටිනා කොටස් විකුණා මෙරටින් ඉයත් කරගෙන ගොස් තිබේ. මේ අනුව ඉදිරියේදී මෙම රජයේ ව්යාකපාර කොටස් වෙළඳ පොළට පැමිණීමෙන් පසු මෙම ආයෝජකයන් ආකර්ශනය කර ගන්නට හැකිවේද? එසේ නැතිනම් මෙරට මහජනතාව යුහුසුලූව මේ කොටස් මිළදී ගන්නට ඉදිරිපත්වේද? මේගැන තවත් පුලූල් කතාබහකට යොමු වීම අවශ්යය.


මිණිසර -


Wednesday, October 13, 2010

රාවය 2010.10.17 - රජයේ සේවය ගැන අලූත් ආකල්ප වලින් විමසා බලන යුගයක්?


 


රජයේ වැටුප් ලබමින් සේවය කරන පිරිස ජනගහනයේ පරයේ තිශතයක් වශයෙන් ඉහල අගයක් ගන්නා අතර ශරීා ලංකාවේ රාජ්යය සේවය කුඩා හා කාර්යක්ෂම එකක් විය යුතු බවට ජාත්යබන්තර මූල්ය් අරමුදල උපදෙස් දුන්නේ 2002 වසරේ දීය. උපදෙස් දෙන අතර රාජ්යන සේවක පර02 මාණය අඩු කරන කරනට මවේදයක් ද හඳුන්වා දුන්නේය. එහෙත් එය එවකට පැවති ආණ්ඩුවට පාරා වලල්ලක් විය. එම වකවානුවේ රජයේ සේවක පිරිස මිලියනයක් තරම් වූ අතර කරවා මයෙන් ඉහල ගිය මෙරට රජයේ සේවක සංඛ්යාමව දැන් මිලියන දෙකකට සමීප වෙමින් තිබේ. මේ අතරතුර මාධ්යේ වාර්තා කරන අන්දමට තීරණ ගන්නා මාණ්ඩලික ශේණියේ නිලධාරීන්ගේ හිඟයක් තිබේ. රජයේ සේවය කරන පහල ශ්රේදණි වලට අයත් පිරිස වැඩි වන අතරතුර පරනි තිපත්ති තීරණ ගන්නා මාණ්ඩලික නිලධාරීන්ගේ හිඟයක් තිබිම අවාසිදායක එකකි.


එක පැත්තකින් රජයේ මෙවැනි ඉහල තනතුරු දරන්නට දේශපාලන සම්බන්ධතා අවශ්යවය. එවැනි සම්බන්ධතා පැවතියත් රජයේ වැටුප්තල අනුව එවැනි තානාන්තර වලට අඩු වැටුපකට පැමිණෙන්නට සුදුසුකම් ඇති විද්වතුන් කැමති නැත. දේශපාලන බලපෑම් හා නිතර වෙනස්වන අදහස් හෙයින් ගන්නා තීරණ ඉදිරියේ දෝෂ දර්ශනයට ලක්වනවාට වඩා ලෝකයේ වෙනත් රටවල ඇති අවස්ථා දිනාගෙන පැත්තකට වී ජීවත්වන්නට ඉහල තනතුරු වලට සුදුසුකම් ඇති නිලධාරීහු කැමැත්තක් දක්වති. රජය අවස්ථා කිහිපයකදී විදේශගතව සිටින ශරීන ලාංකිකයන්ට මෙරටට පැමිණ තමන්ගේ දැනුම හා අත්දැකිම් රටේ දියුණුවට යොදවන ලෙසට ආරාධනා කළේය. පරේව තිචාරය කැපී පෙනෙන එකක් නොවීය.

ආණ්ඩුවට කාර්යක්ෂම හා අත්දැකීම් ඇති ඉහල ශ්රේයණිවල නිලධාරීන් ගේ හිඟය නිසා රටේ සංවර්ධන ව්යා‍පෘති කිරධාරයාවට නැගීමේ දී අඩු ලූහුඩුකම් වලට මුහුණ දෙන්නට සිදුව ඇත. රජය පරමි තිපත්ති සම්පාදනය කරයි. දේශපාලනඥයන් ස්වකීය දර්ශනය රට හමුවේ තබයි. එසේ නමුත් මෙම පර්ශ තිපත්ති කිරධ මයාවට නැගීමේ වේගය අපේක්ෂිත තරම් නොවේ. රජයේ ආදායමෙන් යැපෙන විශාල රජයේ සේවයක් ඇති නමුත් එය වඩා ඵලදායී හා කාර්යක්ෂම කරන යාන්තරගී ණයට අවශ්යය ඉහල තනතුරු දරන්නන් පරන් මාණවත් නොවීම සංවර්ධන වේගයට සෘජු බලපෑමක් එල්ල කරයි.

තරපෑ ස්තවාදය පරාජය කිරීමෙන් පසු විධායක බලය හා ව්යෑවස්ථාදායකයේ බලය දිනාගෙන ඇති වත්මන් ආණ්ඩුව දෙවැනි ධුරකාලය සමග ඉදිරිපත් කිරීමට සූදානම් වන 2011 වසරේ අයවැය ලේඛනය ආර්ථිකය වේගවත් කිරීම පර11 මුඛ අරමුණු කරගෙන ඇති බව පැවසේ. එය අවශ්යිම තීරණයකි. එහිදී රාජ්යර සේවයේ ගුණාංග ඇති කරන එය පරවය මාණාත්මකව සීමාවන අතර වැඩි අත්දැකීම් හා සුදුසුකම් ඇති පුද්ගලයන්ගෙන් සම්පූර්ණ කරන එකක් බවට පත් කරන යෝජනා ඇතුලත්වීම වැදගත්ය. ජාත්ය්න්තර තලයේ සිදුවන වෙනස්කම්, තර`ගකාරීත්වය හා ගෝළීය ආර්ථිකයේ අලූත් පරනස වණතා සම්බන්ධයෙන් විචාරමින් අලූත් ගමනකට මුල පුරන්නට හැකිවන්නේ එහි තීන්දුව ගතහොත් පමණකි.

ශරීා ලංකාවේ සමාජ සංස්කෘතික බැඳීම් අනුව ආකල්ප මගින් හා ව්යුලහාත්මක අන්දමින් රාජ්යැ සේවයේ සම්පූර්ණ පරින තිසංවිධානයක් කිරීම පහසු එකක් නොවේ. එනමුත් මේ දිනවල කියුබාවේ එය සිදුවෙමින් පවතී. කියුබානු ආර්ථික පරනව තිසංස්කරණ අනුව පළමු වටයේ රජයේ සේවකයන් ලක්ෂ පහක් වන්දිගෙවා සේවයෙන් ඉවත්කරන්නට හා එයට සමාන්තරව ව්යවවසායකත්වයට තැන දෙන්නට සූදානම් වෙයි. ලෝකයේ දියුණුවට පත් හැම රටක්ම ආර්ථික හා සමාජ පරිවර්තනවලට නොබියව මුහුණ දීම නිසා සාර්ථකත්වයට පත් වූ බව අමතක නොකළ යුතුය. චීනය, බරත් සීලය, දකුණු කොරියාව පෙනෙන මෑත කාලයේ එවැනි තීන්දු නිසා ආර්ථික පිබිදීම් ල ඟා කර ගත් රටවල්ය.

1960 ගණන් වල ශරීල ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 152 කි. 1998 වසර වන විට එය ඇමරිකානු ඩොලර් 1,970 දක්වා පැමිණ ඇත. ඒ සඳහා දශක හතරක් ගතව තිබේ. ඉලක්කය 2015 වර්ෂය වන විට ඒක පුද්ගල ආදායම, ඇමරිකානු ඩොලර් 4000 සීමාව ඉක්මවීමයි. මෙම ඉලක්කය කරා යාමට නම් ආර්ථික වර්ධන අනුපාතය වාර්ෂිකව සියයට දහයට වැඩි අගයක ස්ථාවරව පවත්වා ගත යුතුය. දැනට ආර්ථික වර්ධනය සියයට හයට මදක් වැඩි අගයක් පමණී. ඒ උදෙසා මෙරට ආයෝජන අනුපාතය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40 ක් පමණ දක්වා ඉහළ නැංවීම අවශ්යි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



දැන් ගණන් බලා ඇති අන්දමට 2010 වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් පර්ව තිශතයක් වශයෙන් සියයට 83.1 ක් වැය වන්නේ ණය හා ණය සේවා ගෙවීමටය. රජයේ ආදායම අඩුය. වියදම පාලනය කර ගත නොහැකිය. ආණ්ඩුව එහි පරතරය පියවා ගන්නේ තවතවත් ණය ගැනීමෙන් හා ජාත්යකන්තර ආධාර පැතීමෙන්ය. එවැනි අවස්ථාවක වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට රජයට හැකියාවක් සීමිතය. වැඩි නඩත්තුවක් සහිත රජයේ සේවයක් පවත්වාගනිමින් හා අලූත් ආයෝජන හා ආර්ථික පරනු භවයන් සොයා යා හැකි දක්ෂ නිලධාරී යාන්තරයට ණයක් එහි නැතිවිට මේ ගමන යා හැක්කේ කෙසේද?



රජය හැකිතාක් දේශීය ණය අඩුකර විදේශීය ණය හා ආධාර කෙරෙහි උනන්දුවිය යුතුය. එපමණක් නොවේ. දැනට රජය ගන්නා ණය, විදේශ ආයෝජන ඉතාමත් ඵලදායී හා කාර්යක්ෂම ආකාරයකින් යෙදවිය යුතුය. අවුරුදු තිහක යුද්ධය අවසන් වන විට බිඳ වැටුණ සමාජය හා පසුබෑමකට ලක්වූ නිෂ්පාදනය නංවන්නට ලෝකයේ නොයෙකුත් පැතිවලින් ආධාර අනුබල ලැබෙන බව නිසැකය. එය දැනටමත් ලැබෙමින් පවතී. මෙරට නිලධාරීන් හා කාර්යක්ෂම ඉහල කළමණාකාරීත්වය මෙම අවස්ථා මහ ඉහලින් පරමණ යෝජනයට ගත යුතුය.



මුදල් අමාත්යංිශයේ දත්ත වලට අනුව 2010 වසරේ ජනවාරි අපරි‍යියෙල් කාලය වන විට ශරීධ ලංකාවට විදේශ ණය හා ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1487.67 ක මුදලක් දෙන්නට ජගත් පරලය ජාව එකඟවී ඇත. මෙයට සියයට විසි අටක් නොඑසේනම් වැඩිම පර්ව තිශතය ජපානයෙන් ද චීනය හා රුසියාව සියයට විස්ස බැගින් ද දායක වී තිබේ. එනමුත් මෙම කාලය තුළ ශරීා ලංකාව පරයක යෝජනයට ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 442.7 කි පමණකි. රජයේ දත්ත වලට අනුව 2010 අපරි‍ෙනයෙල් අවසානය වන විට මෙරටට අන්තර් ජාතික සංවිධාන හා රටවල් විසින් නිකුත් කරන්නට එකඟවී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7220 කි. එකඟවූ මුදලින් වැඩිම මුදලක් මාර්ග හා පරලය වාහන, විදුලිය හා බලශක්ති, ජල සම්පාදන හා සනීපාරක්ෂාව සහ කෘෂිකර්ම අංශ නියෝජනය කරයි. මුදල් ඇතත් මෙම එකම ක්ෂේතරශි යකවත් පරයේ යෝජනයට ගැනීම සියයට විසිපහ ඉක්මවා නැත. ව්යා‍පෘති කාලය දිග ඔකක් වීම හෝ වෙනත් තාක්ෂණික කාරණා ගණනාවක් මේ සමග සම්බන්ධ වී ඇතිවා විය හැකිය. මේ එකතු වී ඇති ඇමරිකානු ඩොලර් බිලියන හතක මුදල අතර 2008 වසරේ ණය හා ආධාර වශයෙන් සැපයුන ඇමරිකානු ඩොලර් මිලියන 1,942.1 ක හා 2009 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 2,221.7 ක මුදලින් කොටසක් ද ඇතුලත්ය.



මෙම දත්ත පෙන්නුම් කරන්නේ අවශ්ය තරමට ආධාර ඇතත් යම් පරන් මාණයකින් භාවිතා නොවන බවයි. එපමණක් නොවේ. අවශ්ය2 තරමටත් වැඩි රජයේ සේවයක් සිටියත් මෙවැනි මුදලක් පරදල යෝජනයට ගෙන රට ගොඩනගන්නට හැකි පරම් තිපත්ති තීන්දු ගන්නා ඉහල කළමණාකරණය රටට හිඟ බවයි. මේ පැති දෙක අතර දෝලනයවන ආර්ථිකයකින් තව දුරටත් පවතින්නට විනා අනාගතය තීරණය කරන ජවය ලඟා කරගත හැකිද? විසා බැලිය යුත්තේ එයයි.


























මිණිසර -

රාවය 2010.10.10 -අවධානය යොමු කළ යුතු ඇඟලූම් ශර්ම වෙළඳ පොළ පරිවර්තනය

මේ දිනවල ඇඟලූම් කර්මාන්තය පරම් ධාන පරම් ශ්න කිහිපයකට මුහුණ පා සිටියි. ජී. එස්. ටී. සහනය අහිමි වීම හා ඇමරිකාව මෙරට කර්මාන්ත නීති රීති සම්බන්ධයෙන් සොයා බලන්නට උනන්දු වී සිටීම එහි දැනටමත් පුලූල්ව සාකච්ඡා කර ඇති පැතිය. ශරටි ම හිඟය ඇඟලූම් කම්හල් මුහුණ පා ඇති වඩා සාකච්ඡා නොවූ උගරිකර ගැටලූවකි. බස්නාහිර පලාතේ ඇඟලූම් කම්හල් තම නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යන්නට පරචා මාණවත් තරමට සේවක හිඟය හෙයින් විශාල වශයෙන් පහසුකම් සපයමින් හා පරධය චාරක වැයක් දරමින් ඇඟලූම් සේවකයන් සොයා ගන්නට කම්හල්වලට සිදුව තිබේ.


අඩු වැටුප් උපයමින්, වැඩි කාල සීමාවක් තුළ කෑලි ගණනට නොකඩවා වැඩ කරමින් ඇඟලූම් කම්හල් වල ස්වකීය ජීවිතවල වටිනාම කාලය ගෙවා දැමූ තරුණියන් මේ දිනවල සිටින්නේ ඇඟලූම් කම්හල් සමග හෙට්ටු කරමින්ය. යාන්තම් අත්දැකීම් ඇති සේවිකාවන් පුහුණු ශර්ි මිකයන් වශයෙන් හා වඩා අත්දැකීම් ඇති පිරිස් තව තවත් වැඩි පහසුකම් සොයමින් තැනින් තැනට සේවය මාරු කිරීම නිසා ඇඟලූම් කම්හල් කළමණාකාරීත්වය අපහසුතාවයකට මුහුණ දී සිටී. ඒ ඇසුරෙන් අලූත් ව්යාඇපාරයක් මතුවී ඇති අතර වාහන වලින් ඈත පිටිසර ගම් වලට ගොස් කණ්ඩායම් වශයෙන් රැකියා විරහිත යුවතියන් ඇඟලූම් කම්හල්වලට ගෙනැවිත් දෙන තැරුව්කරුවන් පිරිසක් ද බිහිව තිබේ. මෙම තැරුව්කරුවන් කම්හල් කළමණාකාරීත්වයෙන් පමණක් නොව රැකියා සැපයීම වෙනුවෙන් යුවතියන්ගෙන් ද මුදලක් උපයා ගන්නා නිසා එය නීත්යාානුකූල මානව සම්පත් කළමණාකරණ ක්ෂෙතරදල ය ව්යාාකූල කර ඇත.


ඇඟලූම් කම්හල් දැනට මුහුණ පා ඇති ශරමණ ම හිඟය බස්නාහිර හා දකුණු පලාත්වල තියුණු ස්වභාවයක් ගෙන තිබේ. කම්හල් හිමියන් මෙයට විකල්පයක් වශයෙන් තම ව්යාාපාර අඩු මුදලට ශරරව මය ලබා ගත හැකි රටවල් වල ආයෝජනය කෙරෙහි උනන්දුවන්නට පටන් ගෙන ඇති අතර තවත් කම්හල් කළමණාකරුවන් අලූතින් ශරෝජ ම වෙළඳ පොළට ඇතුලූ වූ උතුරු නැගෙනහිර පලාත්වල තරුණ පිරිස කෙරෙහි අවධානය යොමු කර තිබේ. නමගිය සමාගම් කිහිපයක් පුනරුත්ථාපන කඳවුරු වල පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණියන් ස්වකීය කම්හල්වල රුකියා වෙනුවෙන් බඳවා ගෙන ඇත්තේ ඇත්ත වශයෙන්ම රටටත් යළි එකමුතු වන සමාජයටත් උපකාරයක් කරන බව පෙන්වමිනි.


රටක් සමාජයක් දියුණු වන විට රැකියා වෙළඳ පොළෙහි මෙවැනි වෙනස්කම් ඇති විය හැකිය. ආරම්භක වකවානුවේදී අඩු මුදලට දැඩි නීති රීති යටතේ වහල් සේවාවක නිරත වුවත් ආර්ථිකය පරයු සාරණය වීම සමග ඇතිවන අලූත් අවස්ථා හෙයින් තමන්ට ලැබෙන වැඩි ආදායම සොයා දුර්වල තැනින් පලා යාම මෙහි සාමාන්ය්යි. එසේ නමුත් මෑතක දී පරඩි ධාන පෙලේ සමාගමක් ඉන්දියාවේ ස්වකීය ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇඟලූම් ගම්මානයක් වශයෙන් පිහිටවූවා සේ තව තවත් කම්හල් ලාභ ශර්ත මය, ලිහිල් බදු පර්ම තිපත්ති, ආයෝජනයට ඉඩ දෙන මිතර ාමශීලී නීති රීති ඉදිරියේ රට හැර යන්නට උත්සාහ කළහොත් එය අප රටට මුහුණ දෙන්නට සිදුවන අවාසියකි.


වර්තමාන තාක්ෂණික හා දියුණු යටිතල පහසුකම් නිසා ආයෝජකයන්ට සිය මුදල් යොදවා ව්යාතපාර අරඹන්නට දේශ සීමා බාධාවක් නොවේ. ශරීි ලංකාව වෙනුවට වෙනත් තැනෙක කම්හල් අරඹා ස්වකීය ගැනුම්කරුවන්ගේ ඇඟලූම් ඇනවුම් ඉටු කර දිය හැකිනම් නිපදවන රට කුමක් ද යන්න තව දුරටත් වැදගත් නැත.


ගෙවීයන 2010 වසරේ ගතවූ මාස හතර ඇතුලත ඇඟලූම් අපනයනයේ අවම ආදායමක් උපයා ඇත්තේ ජූලි මාසයේ දීය. ඉකුත් වසරට වඩා සියයට එකොළහකින් ඇඟලූම් අපනයන ආදායම පහත වැටී ඇති අතර එය සීමා වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 268 කටය. මෙරට කර්මාන්ත අපනයන ආදායමෙන් ඉහලම දායකත්වය පෙන්වන ඇඟලූම් අපනයන ආදායම අඩුවී එහි ශරාය ම හිඟයක් පවතී නම් දැනට පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම සමාලෝචනයට ලක්කර එහි අනාගතය ගැන සියුම් ව විමසා බැලීම බලධාරීන්ගේ වගකීමකි.


කාලයෙන් කාලයට ගෝලීය ආර්ථිකයේ හැඩතල වෙනස්වෙයි. මෙයින් දශක දෙකකට කලින් අමුද්රලව්යග ගෙන්වා මෙරට ශරෙය මිකයන් යොදවා ඇනවුම් අනුව විදේශ වෙළ`ද පොළට නිමි ඇඳුම් සපයන්නට ලංකාවට අවස්ථාවක් හිමි විය. එවකට තිබුණ ආර්ථික පසුබිම හා රැුකියා විරහිත කාන්තාවන් ඇඟලූම් අංශයෙන් ආදායම උපයන්නට පටන් ගත්හ. දැන් ඇති දත්ත අනුව මෙරට අධ්යාවපන අංශයෙන් ඉහලින්ම සිටින්නේ කාන්තාවන්ය. නීති විද්යා්ලයේත්, විශ්ව විද්යාමලයේත් වැඩි පරමී තිශතය සිසුවියන් වන අතර මෙරට වෘත්තිකයන් අතරින් වැඩි කොටසක් ද කාන්තාවන්ය. අධ්යාදපන මට්ටම ඉහලට යන විට තවදුරටත් අඩු වැටුපට කෑලි ගණනට වෙහෙසෙන්නට මෙරට කාන්තාවන් සූදානම් නැත. මෙය පර්යේෂකයන් විසින් මෙරට මානව සම්පත් කළමණාකරණ අංශ වලට පෙන්වා දිය යුතු පැත්තකි. එයට විකල්පයක් වශයෙන් ඉහල ආදායමක් සේවිකාවන්ට ගෙවිය හැකි වන පරිදි කම්හල් තාක්ෂණික අතින් නවීකරණය කිරීම, අනවශ්යව වැය සීමාකරන කරන අතර පලදායකත්වය වර්ධනය වැනි පැති කෙරෙහි අවධානය යොමු කරන්නට තිබිණ.


සේවා ආර්ථිකයේ ඇඟලූම් කර්මාන්තයට වඩා වෙනස් අලූත් ව්යාවපාර දැන් ලෝකය පුරා බිහිව තිබේ. තොරතුරු තාක්ෂණය ආශරි සතව, භාෂා අධ්යාවපනය ද සහිත සමාජජ වල බිහිවී ඇති මෙම සේවා ව්යා පාර විශාල වශයෙන් රැකියා බිහිකර ඇති අතර මෙරට පැවති තරිි ස්තවාදී පරුා ශ්නය හෙයින් එවැනි අවස්ථා මෙරටට පැමිණීමට බාධා කළේය. දැන් මෙවැනි තරගකාරී ව්යාවසාය මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අධ්යපයනය කර එයට අවස්ථාව දෙන පසුබිමක් නිර්මාණය කළ යුතුය. දශක දෙකකට පසු ඇඟලූම් කර්මාන්තයේ එක් කඩඉමකට පසු මීලඟ යුගය උදා කර ගත හැක්කේ දියුණු වන ශර්ත ම වෙළඳ පොළට එවැනි විකල්ප අවස්ථා හඳුන්වා දීමෙන් පමණකි.


ශරීම ලංකාවේ රැකියා හිඟය සියයට හතක සීමාවේ ඇති බරපතල ගැටලූවක් බව වාර්තා වන නමුත් ඇඟලූම් කර්මාන්තය මුහුණ පා ඇති මේ කාරණය පෙන්වා දෙන්නේ එහි වෙනත් පැත්තකි. කෘෂිකාර්මික අංශයේ ද මෙවැනි ශරවා ම හිඟයක් තිබේ. ගොවිතැනෙහි යෙදෙන්නට තරුණන් නැත. තේ දලූ නෙලන්නට, රබර් කිරි කපන්නට කිසිවෙකු සූදානම් නැත. දියුණු වෙනත් රටවල් මේ වෙනුවෙන් අඩු මුදලට විදේශිකයන් රැකියා වලට ගෙන්වා ගත්තේය. නුදුරු අනාගතයේ එවැන්නක් මෙරට සිදුවන්නට බැරි නැත. දැනට වේගයෙන් ව්යාේප්ත වන සංචාරක කර්මාන්තට ඉදිරි වසර දහය ඇතුලත ලක්ෂ විසිපහක සංචාරක පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි උපකල්පනය කරයි. මේ වෙනුවෙන් අලූතින් හෝටල් ඉදිවන අතර දැන් වසරකට පැමිණෙන ලක්ෂ හයක සංචාරක පිරිසක් වෙනුවෙන් වැඩ කරන පිරිස මෙන් හතර ගුණයක රැකියා අවස්ථා අලූතින් බිහිවනු ඇතැයි ගණන් බලා තිබේ. මෙවැනි වාසනාවක් ශරී් ලංකාවට උදාවුවහොත් ඇඟලූම් කර්මාන්තයට සිදුවියහැක්කේ කුමක්ද?


මිණිසර -

Thursday, September 30, 2010

රාවය - 2010.10.03 - ඒකාධිකාරය වෙනුවට තරඟකාරීත්වයට තැන දීම




රාවය - 2010.10.03 - මිණිසර






ශරීය ලංකාවේ ආර්ථිකය දියුණු වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. නිදහසින් පසු මේ දක්වා ආර්ථික සංවර්ධනයේ සාමාන්යය වේගය සියයට පහක් පමණ විය. නිදහසින් පසු ගතවූ කාලයෙන් හරි අඩක් යුධමය වාතාවරණයක් යටතේ පැවති හෙයින් මෙම සාමාන්යර ගැන විවාද කිරීම යුක්ති සහගත නැත. සම්පත් හා නිෂ්පාදනයට දායක විය හැකි ජනගනයෙන් වැඩි පරක් තිශතය යුද බිමට සම්බන්ධ ව සිටි අතර ආර්ථිකය ගමන් කළේ ආරක්ෂක අංශ වල නිර්නායකයන්ට අනුවය.






තවමත් සහමුලින්ම රජයේ පාලනයෙන් හා ආරක්ෂක බැඳීම් වලින් මිදී නැති නමුත් යම් පරමත මාණයකට මෙරට ආර්ථිකය වේගවත් වන බව පෙනේ. මේ අවස්ථාවේ දී වඩා අවධානය යොමු කළ යුතු වන්නේ තරගකාරීත්වය ඇති කිරීම කෙරෙහි බව දැක්විය යුතුය. 1977 වසරේ විවෘත ආර්ථික කරීත මය මෙරටට හඳුන්වා දුන් කාලයේ පටන් ආර්ථික පරතු තිපත්ති සම්පාදකයන්ගේ අභිලාශය වූයේ තරඟ කාරීත්වය මගින් මහජනතාවට වඩාත් ලාභදායක, උසස් සේවාවක් සැපයීමයි. මෙයින් දශක දෙකකට පමණ කළින් විවෘත හා සංවෘත ආර්ථික අතර ජාත්යූන්තරය දෝලනය වෙමින් පැවතිණ. එනමුත් දැන් ලෝකය ගමන් කරමින් සිටින්නේ එකම ආර්ථික මූලධර්මයකට අනුවය. රටවල් අතර පරකය තිපත්ති හා සංස්කෘතික අනන්යාතා අනුව එහි යම් යම් වෙනස්කම් පමණක් නිරීක්ෂණය කළ හැකිවේ.






අංශ කිහිපයක හැරෙන්නට මෙරට ව්යාඅපාරික, මුල්යට හා වෙළ ඳ කේෂේතරවෘ යන්හි පරශය මාණවත් තර ඟ කාරීත්වයක් තවමත් නැත. දුරකථන, රක්ෂණ සහ මධ්ය‍ම පාන්තික වෙළ ඳ සැල් සමූහයක එය යම් පමණකට හඳුනාගත හැකිය. රජයට අයත්ව තිබුණ ශරීණ ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් හා පරිපාලනය පැවරීම හා එයින් පසු ජාත්යයන්තර සමාගම් ගණනාවක් මෙරට දුරකථන සේවා සැපයුම්කරුවන් වශයෙන් වෙළ ඳ පොළට ඇතුල්වීමත් සමග මෙම තර ඟ කාරීත්වය ඇතිවූ අතර රුහැන් රහිත ජංගම දුරකථන සමාගම් එය වඩා සියුම් ආකරාඟමමණයක් කරා ගෙන ගියේය. දුරකථන සම්බන්ධතාවයක් ගන්නට දේශපාලනඥයන්ගේ ලිපි හා අවුරුදු ගණන් ලියාපදිංචි වී සිටිය යුතු යුගය අවසන් වූයේ සමාගම් කීපයක් පැමිණ වේගයෙන් සේවා සපයන්නට ඉදිරිපත්වීම සමගය. මෑතක දී විදුලි සංදේශ නියාමන කොමිසම අවම ගාස්තු කරිර මයක් ඇති කිරීම දක්වා සම්බන්ධතා සැපයුම හා දුරකථන ගාස්තු තර ඟ කාරීව පහත වැටීම අවධානයට ගත යුත්තකි. රජයට අයත්ව තිබුණ ශරිා ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකකරණය කිරීමෙන් පසුව රක්ෂණ වෙළ ඳ පොළෙහි විශාල වෙනසක් සිදුවිය. විශේෂයෙන් රථවාහන රක්ෂණය සම්බන්ධයෙන් පෙරැුළිකාර පරමි ගතියක් අත්විය. සතොස ඇතුලූ රාජ්යු ආයතන කිහිපයක් අභිබවමින් අලෙවි වෙළඳ සැල් සමාගම් ගණනක් පැමිණීමෙන් ද මහජනතාවට අලූත් අවස්ථා උදා වී තිබේ.






මෙවැනි තරඟකාරීත්වයක් මගී පරක් වාහනය, ඛනිජ තෙල්, ගෑස්, සෞඛ්යණ සේවා වැනි අංශ වල ද අපේක්ෂා කළේය. එනමුත් ආයෝජකයන්ගේ ගැටලූ හා අයිතිය සහමුලින්ම අත්හැර දමන්නට ඉඩ නොදෙන සුවිශේෂී අයිතීන් රජය භාරයේ තබා ගැනීම හෙයින් පුලූල් ව්යානප්තියක් සිදු වූයේ නැත. මුලින් සඳ හන් කළ දුරකථන, රක්ෂණ හා අලෙවි ව්යාලපාර මගින් අපේක්ෂා කළ උපරිම තරඟකාරීත්වය නැතත් අවම වශයෙන් සේවය ඉල්ලා සිටින පාරිභෝගිකයන්ට සේවය සපයන්නට සමත්වීමත් වැදගත් කාරණයකි.






රජයට අයත් හෝ පුද්ගලික අංශයට වැඩි ඒකාධිකාරයක් හිමි ව්යා පාරයක් හෝ සේවාවක් මගින් පවතින ආර්ථික කරයන මය අනුව මහජනතාවට දැනෙන සු`ථ අවස්ථා උදා කරන්නේ නැත. විදුලිය බලය, ජලය හා මූල්ය් පද්ධතියේ රාජ්යශ පෞද්ගලික තරඟකාරීත්වයක් ඇති කිරීම රාජ්යැ පරුව තිපත්ති වලට අනුව කළ නොහැකි නම් අඩුම තරමින් රාජ්ය් අංශයේ ආයතන කිහිපයක් හෝ පිහිටුවා ඒ ආයතන අතර තරඟයක් ඇති කිරීමෙන් වඩා වැඩි සේවයක් හා කාර්යක්ෂමකාවයක් අපේක්ෂා කළ හැකිය. මේ බව ලෝක බැංකුව හා ජාත්ය්න්තර මූල්යා අරමුදල පවා පෙන්වා දී ඇත.






රජය සතු විදුලිය හා ජල සමාගම් විශාල නාස්තියක් කරන හා අකාර්යක්ෂම ආයතන බව රජයේ මැති ඇමතිවරුම කියා සිටී. මේවායේ නඩත්තුවට මුදල් වැය කරනවා විනා අලූත් තාක්ෂණය හඳුන්වා දීමට නොඑසේනම් සේවා පුලූල් කිරීමට රජයට මුදල් නැත. මෙවැනි අභියෝග හමුවේ කළ යුතුව ඇත්තේ අඩු වශයෙන් දියුණු තාක්ෂණය ඇති රටවල් හෝ පිළිගත් සමාගම් සමග ගිවිසුම් ඇති කරගෙන ඒවා සමග ද්වී පාර්ශවික ව්යා්පාර ඇති කිරීමයි. විදුලිය බෙදා හැරීමේ දී සියයට විසි දෙකක විදුලිබලයක් අපතේ යවන මණ්ඩලයට එය අවම කර ගැනීමට ඇති තාක්ෂණය හෝ දැනට ඇති ලක්ෂ ගණන් පාරිභෝගිකයන්ගේ බිල්පත් සැකසීමට අඩු වියදමක් දැරිය හැකි කරනට මවේදයක් ජාත්යින්තරයෙන් ලබා ගැනීම අපහසු නැත. ටෙලිකොම් සමාගම ස්වකීය බිල්පත් සැකසීම සම්බන්ධව නව පරිගණක පද්ධතියක් හඳුන්වා දීමෙන් විශාල ආර්ථීක වාසියක් අත්පත් කර ගත්තේය. විදුලි බල මණ්ඩලයට හෝ ජල සම්පාදන මණ්ඩලයට ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට නොහැකි වී ඇත්තේ අවශ්යෝ පිරිවැය හිඟකම හෙයිනි. මේ නිසා වාර්ෂිකව සිදුවන විශාල අලාභයට වන්දි ගෙවන්නේ මහජනතාවයි.






වානිජ බැංකු පද්ධතියේ මහජන හා ලංකා යන රාජ්යෝ බැංකු මෙරට මූල්යම කේෂේතරු. යේ විශාල කොටසක් ආවරණය කරගෙන සිටී. සෙසු සියලූම බැංකු වලට ඉතිරිව ඇත්තේ සුලූ වෙළඳ පොළ පරගෙ තිශතයකි. මෙම බැංකු දෙක අතර තරඟකාරීත්වය අඩු හෙයින් කාර්යක්ෂමතාවයක් නැත. පොලී පරටී තිශත අතර තර ඟ කාරීත්වයක් නැත. අවශ්යඩ සංශෝධන සහිතව පුලූල් වෙනසකට ලක් කළහොත් අප නිතර සඳහන් කරන්නාක් මෙන් තැන්පත් පොලිය හා ණය පොලී අනුපාත අතර විශාල පරතරය අඩු කර ගත හැකිවේ.






අන්තර් ආයතන හෝ රාජ්යෙ පෞද්ගලික අංශ අතර උපායශීලී තර ඟ කාරීත්වයක් පැවතිය යුතුය. එයින් සේවය ඉහල හා කාර්යක්ෂම තත්ත්වයකට පත්වෙයි. එහි වාසිය ලැබෙන්නේ මහජනතාවටය. රජයට අයත් ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, සමාන ව්යානපාරයකට පුද්ගලික අංශයට ඇතුල් වෙන්නට ඉඩදීම රටේ සම්පත් විකුණා දැමීමක් නොවේ. රජය කළ යුතු තරඟකාරීත්වයක් ඇතිවෙන්නටත් අලූත් ආයෝජන වලට පරවේ වේශ වන්නටත් ඉඩ දී එහි සිදුවන යම් යම් අකරර ිමිකතා ඇතොත් මැඩලීමයි. එයට බලය ලැබෙන පොදු ව්යධවසාය නියාමන අණ පණත් 2002 වසරේ සිට පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. පෞද්ගලික අංශයේ ව්යා පාර වලට මහජනතාවට සේවා සපයන්නට ඉඩ දී එයින් යම් හානියක් වන ඕනෑම අවස්ථාවක යුක්ති සහගත අන්දමට මැදිහත් වන්නට මෙම නීති මගින් අවකාශය ඇත.


අද අවශ්යවව ඇත්තේ පුලූල් නිදහසක් ඔස්සේ ව්යාථපාරික හා ආයෝජන අවස්ථා වර්ධනය වීමට ඉඩ දෙන පරිසරයකි. එයින් ආර්ථිකය පරරේ සාරණය වනු ඇති අතර නව රුකියා අවස්ථා ජනනය වෙයි. රජයට බදු අය කර ගැනීමේ මාර්ග ද වැඩි වනු ඇත. රජය කළ යුත්තේ නියාමන කාර්යයක් පමණකි. තරඟකාරීත්වය ඇතිවී මහජනතාවට කේවල් කර තම සේවා සලසා ගත හැකි පරිසරයක් ඇතිකිරීම රජයේ වගකීමකි.




මිණිසර

Monday, September 27, 2010

රාවය - 2010.09.26- කහට තේ වෙනුවට ඖෂධීය තේ පානයට හුරුවන ජගත් තේ වෙළඳ පොළ

ශ‍්‍රි ලංකාවේ තේ රසය මුලූ ලෝකයම හදුනයි. 1867 වසර තරම් ඉතිහාසයේ දී බි‍්‍රතාන්‍ය ජාතික ජේම්ස් ටෙලර් ලංකාවට ගෙන ආ තේ පැලයක් මෙරට ආර්ථිකයේ විශේෂිත තැනක් හා ජගත්වාසීන්ගේ ඉමහත් සැලකිල්ලට ලක්වන දෙයක් බවට පත්විය හැකි බව එදා නොසිතන්නට ඇත. අද වන විට ලෝ වැසියන් ජලය හැරුණ විට වැඩිපුරම පානය කරන බවට වාර්තා වී ඇත්තේ තේ පැන්ය. තේ නිපැයුම් විශේෂිත වර්ග දෙදහසකින් පමණ සමන්විතය. දැන් ලෝක අවධානය දිනාගෙන ඇත්තේ ඖෂධීය වටිනාකමක් ආරෝපනය කළ හර්බල් හා ගී‍්‍රන් තේ සඳහා බව ජාත්‍යන්තර වාර්තා දක්වයි.

තේ කර්මාන්තය මෙරටට ආදායම් ලබා දෙන අංශ අතුරින් පළමු තැනක සිටි කාලයක් තිබිණ. දැන් ඒ තැන දිනාගෙන ඇත්තේ විදේශ රුකියා කරන පිරිස් මෙරටට එවන විනිමය හා ඇ`ගලූම් කර්මාන්තයේ ආදායමයි. ශ‍්‍රී ලංකාව තේ නිෂ්පාදනයේ හතරවැනි ස්ථානයට දැන් පත්ව ඇත. චීනය, ඉන්දියාව හා කෙන්යාව ලෝකයේ ප‍්‍රදානතම තේ නිපැයුම්කරුවන් බවට පත්ව තිබේ. එකී රටවල් අතර පාරිභෝජනය වැඩි හෙයින් තවමත් තේ අපනයනය අතින් ඉහලට එන්නට චීනයට හෝ ඉන්දියාවට අවස්ථාව ලැබී නැත. 1995 තෙක් ලෝකයේ ප‍්‍රධානතම තේ සැපයුම් වූ ශ‍්‍රි ලංකාව එයින් පහලට ඇද දමමින් පළමු තැන දිනාගන්නට කෙන්යාව සමත්ව ඇත. එපමණක් නොව, විශේෂ අවධානයකට ලක් නොවන මෙරට තේ කර්මාන්තය දිනෙන් දිනෙම තමන්ට ලෝක සිතියමේ හිමි තැන අහිමි කර ගනිමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය.
මේ වසරේ අගෝස්තු මාසයේ තේ නිපැයුම සියයට තුනකින් වැඩි වී ඇති බව අලූත්ම වාර්තා පෙන්වයි. එය කිලෝ ගෑම් මිලියන 25.15 කි. මේ වසරේ පළමු හය මාසය ඇතුලත තේ අපනයනයෙන් ලැබූ ආදායම රුපියල් මිලියන 625.7 කි. 2009 අවුරුද්දේ තේ අපනයනයෙන් ලැබූ ආදායම සියයට හතකින් පමණ පහත වැටුණ නමුත් මේ වසරේ එය යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි සැලකේ.

ලෝකයේ තේ කර්මාන්තය අභියෝග දෙකකට මුහුණ පා සිටී. එයින් පළමුවැන්න මෙතෙක් කලූ තේ තොග වශයෙන් මිළදී ගනිමින් සිටි රටවල් විවිධ එකිනෙකට වෙනස් තේ රස හා ගුණාත්මක බව කෙරෙහි අවධානය යොමු කිරීමයි. දෙවැන්න පසුගිය අවුරුදු ගණන තුළ ලෝක තේ ඉල්ලූමට වඩා වැඩි තේ තොග ප‍්‍රමාණයක්  ලෝක වෙළ`ද පොළට ලැබීමයි. මේ නිසා තේ නිපදවන රටවල් තම අපනයනය වෙනුවෙන් කෝටා ක‍්‍රමයකට සම්බන්ධ වීමට අවධානය යොමු කර තිබේ.

ලෝකයේ තේ නිපැයුම මේ වසරේ දී ටොන් මිලියන 2.4 ක් වනු ඇත. එය සියයට 1.2 ක වර්ධනයකි. කෙන්යාව සියයට 2.3 ක් ඉන්දියාව සියයට 2.5 වශයෙන් එයට දායක වන අතර චීනය හා තවත් රටවල් කිහිපයක නැපැයුම අඩු වී තිබේ. තේ කර්මාන්තයේ හසල අත්දැකීම් ඇති ශ‍්‍රී ලංකාවේ තේ නිපැයුම වැඩි වන්නේ සියයට 0.7 කින් පමණකි. ඒ අනුව කෝටා ක‍්‍රමය කෙසේ වෙතත් වැඩි නිපැයුම යන ප‍්‍රශ්නය ඇති නොවේ. එසේ නමුත් ලක්ෂ තුනකට ආසන්න සෘජු රුකියා කරන්නවුන් හා තවත් ලක්ෂ ගණනකින් යුත් වක‍්‍ර ආදායම් ලබන පිරිස ක‍්‍රමයෙන් සීමා වනු ඇත. අප‍්‍රිකානු කලාපයෙන් ජාත්‍යන්තරයට තේ අපනයනය කරන ප‍්‍රතිශතය වැඩි වෙමින් පවතී. 2000 සිට 2010 දක්වා කාලය තුළ එය සියයට 2.7 කින් වැඩි වන විට ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවලින් සියයට 2.4 ක් පහත වැටී ඇත. ශ‍්‍රී ලංකාවේ ද සුලූ පහත වැටීමකි.
ශ‍්‍රි ලංකාවේ කලූ තේ නිපැයුම හා අපනයනය බරපතල වෙනසකට ලක්වූයේ ඇයි?  දැනට වතු සමාගම්වල පවතින තේ වගා අවුරුදු ගණන් පැරණි නඩත්තුව අඩු වගා බව පෙනී ගොස් තිබේ. දැනටත් තේ නිෂ්පාදනයෙන් වැඩි දායකත්වයක් දක්වන්නේ පුද්ගලික අංශයයි. මෙම දෙපිරිසම තේ දලූ නෙලා ගැනීමේ සිට අපනයනය දක්වා පලදායකත්වය, උසස් නිෂ්පාදනයක් වෙනුවෙන් කැපවීම හා තත්ත්ව පාලනය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. වැඩි වශයෙන් මේරූ  දලූ නෙලා හොඳ අවධානයකින් තොරව නිපදවන නිසා අවසානයේ දී මෙරට තේ වල උසස් තත්වය පිරිහී තිබේ. ලෝකයේ තේ මිලදී ගන්නා රටවල් අතරින් ඉහලම සිටින රුසියාව ඇතුලූ සීමිත සම්ප‍්‍රදායික රටවල් තවමත් උණුසුම වෙනුවෙන් වැඩි කහට කෝප්ප ප‍්‍රමාණයක් සකස් කර ගත හැකි කලූ තේ ගැන උනන්දුවක් දක්වන අතර බටහිර හා ආසියානු රටවල් වේගයෙන් ඖෂධීයත්වය ඇති තේ මිලදී ගැනීම ගැන උනන්දුවක් දක්වයි.

මේ බව පෙනී යන්නේ අලූත් වෙළඳ පොළ බිහිවන ආකාරය ගැන නිරීක්ෂණය කිරීමෙනි. කලූ තේ නිපැයුම චීනයේ අඩුවී තිබේ. මේ නිසා තේ අපනයනයේ දී පහල බැසීමක් චීනයෙන් වාර්තාවෙයි. එනමුත් ඔවුන් වේගයෙන් ග‍්‍රීන් තේ අපනයනයේ වැඩි වෙළ`ද පොලක් අත් පත් කර ගනිමින් සිටී. ලෝකයේ ගී‍්‍රන් තේ වෙළ`දාමෙන් සියයට හැත්තෑපහක් අයිතිය ඇත්තේ චීනයටය. ජපානය, විටයට්නාමය හා ඉන්දුනීසියාව ඒ වෙළඳ පොල දිනා ගැනීමට තරග කරමින් සිටී. ශ‍්‍රී ලංකාව තවමත් සම්ප‍්‍රදායික ඇට තේ වගාවෙන් බහුල රාජ්‍ය වතු ඇතිව, උසස් නිෂ්පාදනයෙන් තොර කලූ තේ අපනයනය කරමින් තම වෙළඳ පොළ ප‍්‍රතිශතය අඩු කර ගනිමින් සිටිය දී කෙන්යාව, චීනය ඇතුලූ රටවල් ගෙන යන උපක‍්‍රමික වෙළඳ පොළ දිනා ගැනීමේ අවස්ථා ගැන අප උනන්දුවක් දැක්විය යුතුය.


1960 ගණන් වල තේ කිලෝවක් අපනයනය කිරීමේ දී ඩොලර් කිහිපයක් උපයා ගන්නට සමත් වූ ලෝකයේ හොඳම තේ වැඩිම ප‍්‍රමාණයක් නිපදවන්නා අද තේ කිලෝ වකට උපයා ගන්නට සමත් ඩොලර් ප5මාණය ද අඩු කරගෙන ඇතිවා පමණක් නොව වෙළඳ පොළ නව ප‍්‍රවණතා හා පර්යේෂණ ගැන අවධානය යොමු නොකිරීමනිසා එහි ඇති ශක්තිය දුර්වල කර ගනිමින් සිටී. දැන් පවතින තත්ත්වයෙන් තවත් දශකයක් පැවතුන ද තේ වෙළදාමෙන් මෙරටට අවාසියක් වන්නේ නැත. කඩා වැටීමක් හෝ අර්බුදයක් ඇතිවේ යැයි වරදවා වටහා ගත යුතු නැත. එහෙත් වෙනස්වන ලෝකයේ වෙනස් වන වෙළඳ පොළ ප‍්‍රවනතා හෙයින් රටට අහිමිවන ආදායම හා අවස්ථාව බරපතල එකකි.
මිණිසර   -

Thursday, September 16, 2010

රාවය 2010.09.19 - වර්ධනයවන ආර්ථිකය යළි ආයෝජනයට විනා පාරිභෝජනයට නොවේ.

ශ‍්‍රී ලංකාවේ උද්ධමනය හෙවත් වාර්ෂිකව භාණ්ඩ හා සේවාවන් හි මිළ වැඩි වීමේ වේගය දරා ගත නොහැකි තරම් ඉහල වකවානුවක් තිබිණි. එනමුත් මේ වසරේ ගෙවී ගිය හය මාසය තුළ එහි කැපී පෙනෙන අඩු වීමක් වාර්තා කරයි. 2007 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 26.2 ක් වශයෙන් සටහන් විය. ලෝකයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් වැඩි වීම ඉන්ධන මිල ඉහල යාම හා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ පාලනය කර ගත නොහැකි තරමට දේශීය ණය ගැනීම වැනි කාරණා එයට බලපෑවේය. එනමුත් 2010 ජූලි මාසයේ අද්ධමනය සියයට 4.5 ක් වූ අතර එය අගෝස්තු මාසයේ දී සියයට 5 දක්වා සු`ථ වැඩිවීමක් පෙන්නුම් කළේය.

මෙවැනි උද්ධමන අනුපාතිකයක් රට තුළ පවත්වාගෙන යාමට හැකි වීම සාමාන්‍ය මහජනතාවට විශාල සහනයකි. කලින් වසරේ පැවති භාණ්ඩ හා සේවා මිළ ගණන් වලට වඩා ගෙවී යන වසරේ එම කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා මිළ වැඩි වීම සියයට පහකට අඩු නම් එහි වාසිය ලැබෙන්නේ ජනතාවටය.
රජය මේ වන විට විදේශ වත්කම් අතින් හො`ද ස්ථාවරයක සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වාරික වශයෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 406 ක ණය ආධාරය, විදේශීය රුකියා කරන පිරිස් මෙරටට එවන විනිමය ප‍්‍රමාණය ඉහල යාම හා අපනයන යම් ප‍්‍රතිශතයකින් වැඩි වීම එයට බලපා තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇමරිකානු ඩොලරයක රුපියල් වටිනාකම 114 ක සිට 111 තෙක් අඩු වීම මෙරටට ආනයනය කරන භාණ්ඩ මිල තවත් අඩු කර, උද්ධමනය පහත හෙලන්නට දායක වී තිබේ. විදේශ විනිමය වැය කරන අන්දමට ඛනිජ තෙල්, කිරි පිටි, සීනි ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෝක වෙළ`ද පොලේ මිළ ගණන් කැපී පෙනෙන වැඩි වීමක් නොවීම විනිමය පීඩනයක් ඇති නොකරන්නට ද, මෙරට භාණ්ඩ මිළ වැඩි නොවීමට ද බලපා ඇත.

මේ අතර රජය පොලී අනුපාත අඩු කරමින් දේශීය වශයෙන් උද්ධමනය වැඩි වන්නට හේතු විය හැකි කාරණා ගණනාවක් ද සියුම් ලෙස පාලනය කර තිබේ. බැංකු පොලිය අඩුවීම ඉදිරියේ රජය ගන්නා දේශීය ණය වෙනුවෙන් ගෙවන්නට සිදුවන අධික පොලිය සෑහෙන ප‍්‍රමාණයකින් පහත වැටී ඇත. මෙයින් අවුරුදු කිහිපයකට පෙර භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 26 ක් තෙක් වැඩි වී තිබුණි. එහි අදහස ආණ්ඩුව එවැනි ඉහල පොලියකට මහජනතාවගෙන් ණය ගත් බවය. පසුගිය දිනවල අවුරුදු දහයක් දක්වා බැ`දුම්කර වල පොලී අනුපාත සියයට හත අට අතර ගණනකට පහල ගියේය. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ද ඉල්ලා සිටි පොලිය බෙහෙවින් අඩුය. එහි වාසිය අත් කර ගත්තේ දැනට කල් පිරී ඇත් බිල්පත් නැවත වෙන්දේසි කිරීම මගින් කල්පිරුණ බිල්පත් වලට අලූත් මුදල් නෝට්ටු වලින් ගෙවීම් වලකා ගැනීමෙනි. කෙසේ නමුත් මහ බැංකුව මේ වසරේ ජුනි මාසයේ රුපියල් බිලියන 13 ක අලූත් මුදල් නෝට්ටු නිකුත් කර ඇති අතර එය බිලියන 54 දක්වා අගෝස්තු මාසය වන විට ඉහල ගොස් තිබේ. ආර්ථීකයේ ප‍්‍රසාරණය හා පොලී අනුපාත අඩු වීම නිසා මෙම මුදල් සංසරණයේ වැඩි වීම තියුනු බලපෑමක් කර නැත.

2010 වසරේ පළමු හය මාසය ඇතුලත රජය දේශීය වශයෙන් ණය ගැනීම අඩු කර තිබේ. 2009 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 392.5 ක දේශීය ණය ගැනීම් වාර්තා වූ නමුත් මේ වසරේ ජුනි අවසානයවන විට එය රුපියල් බිලියන 315.3 දක්වා සියයට 19.7 කින් අඩු කරගෙන ඇත. අවධානය යොමු කළ යුතු විශේෂත්වය වන්නේ මෙම දේශීය ණය ගැනීම් 2008 වසර සමග සස`දන විට එක හා සමාන බවය. රටේ ආර්ථිකයේ ප‍්‍රසාරණයනිසා විනා පාලනයේ නියම ප‍්‍රතිඵල ලබා ගන්නට නම් එය තව දුරටත් අඩු කර ගත යුතුය. විදේශීය ණය 2009 පළමු මාස හය ඇතුලත දී රුපියල් බිලියන 83.9 ක සිට 2010 එම කාලය තුළ රුපියල් බිලියන 123.5 දක්වා වැඩි වී ඇත. දේශීය ණය අඩු කර විදේශීය ණය ගැනීම් මගින් උද්ධමනය වැඩි කරන මෙරටට මුදල් සංසරණය සීමා කළ හැකි නමුත් මේ ගන්නා ණය ආපසු ගෙවන්නට සිදුවන්නේ ඩොලර් උපයා ගැනීමෙන් පමණකි.

ජාත්‍යන්තර ආර්ථිකයේ වාසි, අඩු බැංකු පොලී අනුපාත වැනි දේ ස්වභාවික ආර්ථික න්‍යායයන්ට යටත්විය යුතුය. කෘත‍්‍රීමව පාලනය කරන තාක් කල් රටට එහි අභ්‍යන්තරය නොදැනේ. අඩු අද්ධමනය හා වැඩි ප‍්‍රතිලාභ ගැන බහුලව කතා කරන අතර මහජනතාවගේ තැන්පතු වලට ලැබෙන අඩු ආදායම ගැන වැඩි සැලකිල්ලක් නොවේ. පාලනයෙන් මිදුන වහා මේ සියල්ල ආපසු හැරෙන්නට ඇති අවදානම ද අමතක කළ යුතු නැත.
දැනටමත් රජය විදේශී්‍ය ණය ගන්නේ මෙයට දශකයකට දෙකකට කලින් ශ‍්‍රී ලංකාවට ලැබුණ සහන පදනමින් නොවේ. වැඩිම ආධාර දෙන චීන රජය පවා ඒ ආධාර වෙනුවෙන් අයකරන්නේ ජාත්‍යන්තර වානිජ බැංකුවකට වැඩි පොලී අනුපාතයකි. මුල්‍ය අරමුදල හෝ වෙනත් ජාත්‍යන්තර ආයතන ශ‍්‍රි ලංකාව ඒක පුද්ගල ආදායම අතින් ඉහල රටක ගනයේ තබා ඇත. 1990 දී ඇමරිකානු ඩොලර් 473 ක ඒක පුද්ගල ආදායම 2004 දී ඇමරිකානු ඩොලර් 1,062 තෙක් හා 2008 දී එය ඇ. ඩො 2,014 තෙක් නංවාගන්නට ශ‍්‍රී ලංකාව සමත්විය. තවත් අවුරුදු පහක් ඇතුලත එය ඇමරිකානු ඩොලර් 4000 දක්වා වැඩි කර ගැනීම රජයේ ඉලක්කයයි. මෙවැනි ආදායම් ඇති රටකට තවත් රටක් හෝ සංවිධානයකින් සහනාධාර හෝ අඩු පොලී ණය අපේක්ෂා කළ නොහැකිය. මේ නිසා දේශීය හෝ විදේශීය වශයෙන් ගන්නා ණය මේ පවතින උද්ධමන අනුපාතිකය දිගටම පවත්වාගෙන යන්නට හැකි අන්දමේ පරිසරයක් නිර්මාණය කළ යුතුය. එවැනි පසුබිමක් සකස් කළ හැක්කේ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට පමණකි. හැකිතාක් ආදායම් වැඩි කර ගත යුතුය. විදේශ විනිමය ලැබෙන ආනයන නංවා ගත යුතු අතර ආනයන සීමා කර ගත හැකි වීම වැදගත්ය. එවිට ගන්නා විදේශ ණය ගෙවන්නට ප‍්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් රටට උපයා ගත හැකි වනු නියතය. අද පවතින නැගී ගෙන එන ආර්ථීකය පාරිභෝජනයට නොව තව තවත් ආයෝජනයට ඉඩ දෙන එකක් බවට පත් කළ හැක්කේ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ දර්ශනය අනුව පමණකි. එය දේශපාලනයෙන් බැහැරව උපායශීලීව මෙහෙයවිය හැකිනම් රටට අනාගතයක් අපේක්ෂා කළ හැකිය.
-මිණිසර   -

Sunday, September 12, 2010

2010.09.12- රාවය- වානිජ බැංකු අධික ලාභ මහජනතාවගේ අතට ආපසු යැවීම

ශ‍්‍රී ලංකාවේ වානිජ බැංකු විසින් උපයා ඇති ලාභය මේ දිනවල විවාද සම්පන්න මාතෘකාවක් වී ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවට වසර හැටක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම් පී. බි. ජයසුන්දර මහතා ද මේ ගැන ස්වකීය මතය දක්වා ඇත. රාවය ඉකොනොකොළම මෙන්ම තවත් මාධ්‍ය ගණනාවක් මෑත පමණක් නොව ඈත කාලයේ පටන්ම මෙරට බැංකු පද්ධතියේ පැවති අධික පොලිය ගැන කතා කළේය. මහජනතාවගෙන් සුලූ පොලියකට ගන්නා ඉතුරුම් නැවත ව්‍යවසායකයන් හා මහජනතාවටම ණයට දෙන්නේ වැඩි පොලී ප‍්‍රතිශතයකටය.


පසුගිය කාලයේ ජාත්‍යන්තරයේ පැවති මූල්‍ය අර්බුදය හෙයින් බටහිර රටවල ප‍්‍රධාන පෙලේ බැංකු හා මූල්‍ය ආයතන බි`ද වැටුණ අතර විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වූ ශ‍්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ආරක්ෂා වූ බව අදහසක් වශයෙන් පැතිර ගියේය. එනමුත් ජයසුන්දර මහතා ගේ එක් ප‍්‍රකාශයකින් එහි හැබෑ පසුබිම අනාවරණය වෙයි. මෙරට ව්‍යාපාරිකයන් හා මහජනතාව පසුගිය වසර තිහ තුළ සියයට තිහක පමණ පොලියක් ණය ගැනීමේ දී බැංකු වලට ගෙවා ඇති බව ඔහුගේ අදහසයි. ණය පොලිය එතරම් ඉහල මට්ටමක පවතින අතර තැන්පතු හිමියන් වෙනුවෙන් එයින් අඩක්වත් වානිජ බැංකු විසින් පොලී ගෙවා නැති බව පැහැදිලිය. ඒ පසුබිම ඉදිරියේ මෙරට බැංකු පද්ධතිය ආරක්ෂා කර ඇත්තේ මහජනතාව විනා එකී බැංකු වල නිවැරදි කළමණාකාරීත්වය හෝ උපායශීලී බව නම් නොවේ.


ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් විසින් බැංකු වලින් ණය ගන්නේ කර්මාන්ත, ව්‍යාපාර හෝ සේවා ආරම්භ කිරීමටය. මෙම ආරම්භ කරන ව්‍යාපෘති ලාභ සහිතව පවත්වාගෙන යන්නට නම් බැංකු වලට සියයට තිහක අධික පොලියක් ගෙවන අතරතුර මහජනතාවගෙන් ලාභ ලෙස උපයන්නට ඇති ධනස්කන්ධය කොතරම්ද? සහල්, එලවලූ මාලූ ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවන විට, බස් ගාස්තු, රෝහල් ගාස්තු වැඩිවන විට මහජනතාව ආණ්ඩුවට ඇ`ගිල්ල දිගු කළේය. වක‍්‍රව පනවන බදු වලින් ආණ්ඩු ආදායම් උපයා ගන්නා අතර බැංකු පද්ධතියේ පැවති මෙවැනි අධික ලාභ ඉපැයීම් පාලනය කරන්නට උත්සාහ කළේ නැත. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ මහජනතාව හැමදාමත් ජීවන වියදම ගැන කනස්සලලෙන් කතාකිරීමය.


මේ වසරේ පළමු මාස හය ඇතුලත බදු ගෙවීමට පෙර මහජන බැංකුව රු. බිලියන 5.2 ක ලාභයක් උපයා ඇති අතර ලංකා බැංකුව එම කාල සීමාවේදී උපයා ඇති ලාභය රු. බිලියන 4.02 කි. කොමර්ෂල් බැංකුව රු. බිලියන 4.06 ක් හැටන් නැෂනල් බැංකුව රු. බිලියන 2.89 ක ලාභයක් උපයා ඇති අතර බදු ගෙවීමෙන් පසු ශූද්ධ ලාභය රු. බිලියන 1.79 කි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 4.5 කි. එම බැංකුවේ පොලී ආදායම පමණක් රු. බිලියන 2.8 ක් වී ඇති අතර එය පසු ගිය වසරේ සම කාල පරිච්ෙඡ්දයේ දී රු.බිලියන 2.1 ක්ව පැවතී ඇත. සම්පත් බැංකුව රු. බිලියන 1.88 ක් හා එන්. ඞී. බී. බැංකුව රු. බිලියන 1,5 මෙම කාලසීමාව ඇතුලත බදු ගෙවීමට පෙර ලාභ වශයෙන් උපයා ඇති බව දැනට නිකුත් කළ ඇති මූල්‍ය වාර්තා පෙන්වයි.


මෑත කාලය තුළ අවස්ථා ගණනාවකදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සිය මිලදී ගැනීමේ හා ප‍්‍රති විකිණීමේ පොලී අනුපාත අඩු කළේය. එසේ අඩු කිරීමෙන් අපේක්ෂා කළේ වානිජ බැංකු පොලී අනුපාත එයට සාපේක්ෂව අඩු වනු ඇති බවය. එහෙත් එය එසේ නොවීය. සාමාන්‍ය ඉතුරුම් පොලී අනුපාතය සියයට හයක් වන විට ණය පොලී අනුපාතය සියයට පහලොවක සිට විසි තුන දක්වා පරාසයක විහිදී තිබිණ. සාමාන්‍යයෙන් මූල්‍ය කේෂේත‍්‍රයේ පිළිගැනීම අනුව තැන්පතු පොලිය හා ණය පොලිය අතර අනුපාත පරතරය සියයට දශම පහක සිට සියයට හතර දක්වා පරාසයක පවතින බව ජාත්‍යන්තර තරගකාරී බැංකු පෙන්වයි. එනමුත් මෙරට එම ප‍්‍රතිශත පරතරය දෙගුණයක සිට තුන් ගුණයක් දක්වා පරාසයක විහිදීමෙන් මෙම පොලී ගැන අදහසක් ඇති කර ගත හැකිය.


බැංකු මහජනතාවට වැඩි පොලියක් ගෙවිය යුතුය. එසේ නැතිනම් අඩු පොලියට ව්‍යවසායකයන්ට හා මහජනතාවට ණය නිකුත් කළ යුතුය. මෑතක දී මහ බැංකුවේ ඉල්ලීම අනුව පොලී අඩු කළේ මහජන බැංකුව පමණකි. අනෙක් බැංකු සියල්ල දැන් ස්වකීය අධික ලාභ වලට කුමක් කළ යුතු ද යන ප‍්‍රශ්නයේ සිරවී සිටී. සාමාන්‍යයෙන් කොටස්කාර සමාගමක් ලාභය යළි ආයෝජනය කළ යුතුය. එසේ නැතිනම් එය කොටස් හිමියන්ට ගෙවිය යුතුය. මෙම අධික ලාභ කොටස් හිමියන් පවා අනපේක්ෂිත එකකි. වානිජ බැංකු ඉක්මනින්ම මෙම ලාභ යළි ආයෝජනය කරන්නට සුදුසු ව්‍යාපෘති හි`ගයෙන් පෙළේ. එයට එකම විස`දුම වශයෙන් දැන් බැංකු යෝජනා කර ඇත්තේ ස්වකීය ප‍්‍රාග්ධන අරමුදල ඉහල දැමීමයි.


ශ‍්‍රී ලංකා මහ බැංකුව කලකට පෙර මෙරට බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමේ අදහසින් යෙදවුම් ප‍්‍රාග්ධනය ඉහල නැංවූ අතර 2011 වසර අවසන් වන තුරු වානිජ බැංකුවක ප‍්‍රාග්ධනය රුපියල් බිලියන තුනක් හා විශේෂිත බැංකු වලට රුපියල් බිලියන දෙකක් වශයෙන් ප‍්‍රාග්ධනය සම්මත කර තිබුණි. දැන් අධික ලාභ උපයා ගත් බැංකු මෙම ලාභ තමන් සතුවම පවත්වා ගැනීමේ අදහසින් 2013 වන විට වානිජ බැංකු ප‍්‍රාග්ධනය රු. බිලියන 4 ක් හා 2015 වන විට රු. බිලියන 5 දක්වාත්, විශේෂිත බැංකු 2013 තෙක් රු. බිලියන 2.5 හා 2015 තෙක් රු. බිලියන 3 දක්වාත් වැඩි කර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අවසර ඉල්ලා තිබේ.


මෙවැනි ප‍්‍රාග්ධනය සාදාරණ නොවන මට්ටමකින් ඉහල නැංවීමෙන් ආර්ථීක ප‍්‍රසාරණයට ලැබෙනවාසියක් නැත. මෙරට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් දෙදහස කිට්ටුවට ගැනීමට නිදහසින් පසු අවුරුදු පණහකට වැඩි කාලයක් ගත කර තිබේ. වත්මන් ආණ්ඩුවේ ඉලක්කය ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් හාරදහසක සීමාවට ඉක්මනින් ගෙනයාමයි. ඒ වෙනුවෙන් විප්ලවීය තීන්දු ගැනීම අවශ්‍යය. පොලී අනුපාත සම්බන්ධයෙන් පවතින බාධක එවැන්නක් බව පැහැදිලිය. පසුගිය අවුරුදු තිහ තුළ සියයට තිහක පොලියක් ගෙවූ පුද්ගලයෙකුට ඉදිරි අවුරුදු කිහිපය තුළ තනි ඉලක්කමක පොලියකින් ව්‍යාපාර අරඹන්නට අවස්ථාව ඇත්නම් එහි වාසිය අත්පත් වන්නේ සමස්ථ ශ‍්‍රී ලාංකික මහජනතාවට බව අවධාරණය කළ යුතුය.


-මිණිසර

Sunday, September 5, 2010

රාවය -2010.09.05 - ව්‍යවසායක බදු සහන ගැන අලූත් ඇසකින් බලන්නට කාලය

ශී‍්‍ර ලංකා මහ බැංකුවට අවුරුදු හැටක් සම්පූර්ණ වි තිබේ. ඔවුන් දක්වන ආකාරයට රට වැසියන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් දහසක සීමාවට ල`ගා වෙන්නට නිදහස ලැබීමෙන් පසු අවුරුදු පනස් පහක් වැය කරන්නට සිදුව ඇත. ඉදිරි වසර පහ ඇතුලත මෙරට ජනතාවගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් හාරදහස දක්වා ඉහල නංවා ගැනීම රජයේ අරමුණ වී ඇතැයි ප‍්‍රකාශ වෙයි.

මේ අතර විදේශික ආයෝජකයන්ට ආයෝජන මණ්ඩලයේ බදු සහන ලැබෙන පිළිවෙත ඉක්මනින්ම අත් හරින්නට ද හැට පිරුණ මහ බැංකුව අදහස් කරන බව අනාවරණය වෙයි. දැනට අවුරුදු විසි පහකට වැඩි කාලයක් ආයෝජන මණ්ඩලය පවත්වාගෙන ගියේය. ආරම්භය කෙසේ වෙතත් ගත වූ අග භාගය ආයෝජන මණ්ඩලයට අභියෝගාත්මක එකක් වන්නට ඇත. අභ්‍යන්තර යුද්ධය හා නිතර ඇවිලෙන වෘත්තීය සටන් අතරතුර මෙරටට ආයෝජකයන් කැ`දවීම පහසු එකක් නොවේ. ඒ බව තහවුරු වන්නේ ද ආයෝජන මණ්ඩලයේ දත්ත අනුවය. 2007 වසරේ නව ආයෝජන ගිවිසුම් 520 ක් හා පවතින ආයෝජන 72 ක දෙවැනි අදියර වෙනුවෙන් අයැදුම් පත් ඔවුන්ට ලැබී ඇත. 2008 වසරේ දී එය නව අයැදුම්පත් 432 ක් හා දෙවැනි පියවර ආයෝජන අයැදුම්පත් ව්‍යාපෘති 31 කි. 2009 වසරේ දී නව අයැදුම්පත් 418 ක් හා දෙවැනි පියවර වශයෙන් ආයෝජන 23 ක් අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව ස`දහන්ය. ගිවිසුම් අත්සන් කරන නමුත් සියලූම ආයෝජකයන් මෙරට ව්‍යාපාර ආරම්භ කරනේනේ නැත. ශක්‍යතා වාර්තා සලකා බලා මෙරට ඇති අවස්ථා වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් පසු ඇතැම් ආයෝජකයෝ ස්වකීය අදහස් අත්හරිති. අවසානයේ ආයෝජන වශයෙන් 2007 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 734ක්, 2008 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 889 ක් හා 2009 දී ඇමරිකානු ඩොලර් මිලියන 601 ක් රටට ලැබී තිබේ.

දැනට රට පුරා කර්මාන්ත කලාප හා අපනයන කේන්ද්‍ර කර ගත් කලාප 12 ක් රජයේ විශේෂ අවධානය යටතේ කි‍්‍රයාත්මකය. එහෙත් අවාසනාවකට මෙන් මෙම ආයෝජන මණ්ඩල සහන යටතේ හෝ රජයේ හෝ පුද්ගලික අංශයේ කම්හල් සියල්ල කේන්ද්‍රගත වී ඇත්තේ බස්නාහිර පලාත වටාය. කොළඹ දිස්ත‍්‍රික්කයේ කර්මාන්ත 2,340 ක් ස්ථාපිත කර ඇත. ගම්පහ කර්මාන්ත 957 කි. කලූතර ස්ථාපිත කර ඇති කර්මාන්ත ගණන 244 ක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අලූත්ම වාර්තාව කියයි. මෙම බස්නාහිර පලාතේ දිස්ති‍්‍රක්ක හැරුණ විට ගාල්ල, මහනුවර, කුරුණෑගල, මාතර, හම්බන්තොට හා නුවර එළියේ සු`ථ වශයෙන් කර්මාන්ත ව්‍යාප්තියක් පෙන්වයි. දිවයිනේ අන් කිසිදු දිස්ත‍්‍රික්කයක විනිමය උපදවන හෝ රුකියා ජනිතකරන කර්මාන්ත පිහිටා ඇත්තේ හතලිස් පහකට අඩු ප‍්‍රමාණයකි. මොනරාගල ඇත්තේ කම්හල් හයකි. මඩකලපුවේ කම්හල් දෙකක්, වව්නියාවේ කම්හල් එකක් හා යාපනයේ කම්හල් තුනක් ඇති බව මෙම දත්ත පෙන්වා දෙයි. මෙයින් පෙනෙන්නේ ආයෝජන මණ්ඩලය කොතරම් පහසුකම් ලබා දී අවස්ථා ඇති කළත් කර්මාන්ත ව්‍යාප්තිය හා මෙරටට නව විදේශ ආයෝජන පැමිණීමේ සැබෑ තත්ත්වයයි.

යුරෝපීය ප‍්‍රජාව මෙරටට ජී.එස්.පී. ප්ලස් බදු සහනය අවලංගු කරමින් කියා සිටියේ ඔවුන්ගේ නිර්නායකයන්ට ගැලපීමක් නොකළ හැකිනම් එරට වැසියන්ගේ බදු ආදායම ශ‍්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් තව දුරටත් ලබාදිය නොහැකි බවය. ආයෝජන මණ්ඩල අනුමැතියෙන් මෙරට කර්මාන්ත හා ව්‍යාපාර අරඹන ව්‍යවසායකයන්ට ඉඩම්,යටිතල පහසුකම්, අමුද්‍රව්‍ය, යන්ත‍්‍රසූත‍්‍ර හා වාහන ආනයනයට බදු සහන හා උපයන ලාභය ගිවිසගත් කාලයකට බද්දෙන් නිදහස් කරන්නේ වක‍්‍රව මේ රටේ ජනතාව මත බදු බර පටවමින්ය.

අවුරුදු විසිපහක් තිස්සේ අනුගමනය කළ ප‍්‍රතිපත්ති වලින් දිනාගත හැකිවූ ප‍්‍රතිලාභ ගැන නිසි තක්සේරුවක් ඇත්නම් තවදුරටත් සහන සැපයීම අවශ්‍ය නැත. එසේම ව්‍යාපාරික අංශ ස්වකීය ආකල්ප හා ආයෝජන රටාව දශක දෙක තුනකට වඩා පැරණි යුගයට වඩා අද වෙනස්ය. ආයෝජන මණ්ඩලය පිහිටුවන අවධියේ අනුමැතිය හා සහන සිත්ගන්නා අවස්ථා නමුත් අද ව්‍යාපාර අංශයේ පවතින තරගකාරීත්වයට මුහුණ දෙන්නට නම් ආකල්ප අතින් වෙනස් කරගත යුතු තැන් බොහෝය.

ව්‍යාපාරයකට අයැදුම්පත‍්‍රය යොමුකර එහි නිෂ්පාදන ආරම්භවීම දක්වා ගතවන කාලය අද ජාත්‍යන්තරව ශ්‍රේණිගත කර තිබේ. ශ‍්‍රි ලංකාව සිටින්නේ අන්තිම කෙළවරේය. හේතුව කර්මාන්තය් ඇරඹීම වෙනුවෙන් විවිධ තල වලදී ගත යුතු අවසරපත් හා නිමක් නැති පරීක්ෂණ හෙයින් කල් ගත වීමයි. අනෙක නිදහස් ශ‍්‍රම වෙළ`ද පොළ, බලශක්තිය, ප‍්‍රවාහනය හා මූල්‍ය ප‍්‍රතිපත්තීන්ය. කම්හලට අවශ්‍ය සේවකයන් ගේ කාර්යක්ෂමතාව, වෘත්තීය සමිති අරගල හා ඵලදායීත්වය නිදහස් ශ‍්‍රම වෙළ`ද පොළ යටතට ගැනේ. කම්කරු නීති රීති හා නිවාඩු ගණන ද එහිලා සැලකිල්ලට ගැනෙන සාධකයන්ය. ලෝකයේ සෙසු තරගකාරී නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මිළටම මෙරට ව්‍යාපාර කරන්නන්ට ද විදුලිය, ඛනිජතෙල් හා ගෑස් මිලයට ගත හැකිවීම බලශක්තිය විෂයෙහි බල පවත්වන වැදගත් කමයි. මේවා මිළ වැඩි නම් එය අවසානයේ නිෂ්පාදන මිලට එකතු වෙයි. එවිය මිළ ගණන් සස`දන විට වෙනත් රටක නිෂ්පාදකයෙකුගේ නිෂ්පාදනය වඩා මිළ අඩුය. තෙල් හා විදුලිය මිල දැනටත් මෙරට කර්මාන්ත හා සේවා අංශ වලට දරාගත නොහැකි මට්ටමට ඇත. යම් පමණකින් දියුණු වී ඇතත් තවමත් ප‍්‍රවාහනයේ ගැටලූ තිබේ. මාර්ග පද්ධතිය යහපත් නමුත් කම්හලේ සිට වරායට හෝ ගුවන් තොටුපොලට නිපැයුම් ගෙන එන්නට ගතවන කාලය වැඩිවීම අහිතකර එකකි. මෙරට කර්මාන්ත බස්නාහිර පලාත කේන්ද්‍රකරගෙන ව්‍යාප්ත වී ඇත්තේ මේ ගැටලූව හෙයින්ය. අවසාන වශයෙන් නම්‍යශීලී හා ඉක්මනින් ප‍්‍රාග්ධන පහසුකම් සපයා ගත හැකි මූල්‍ය වෙළ`ද පොළක් අවශ්‍යය. මේ වන විට අපනයනකරුවන්ගේ මැසිවිල්ල වී ඇත්තේ රුපියලේ අගය ශක්තිමත් වීම නිසා ජගත් වෙළ`දපොළේ දී ස්වකීය භාණ්ඩ මිල වැඩිවීමේ අවාසිය ගැනය. රුපියලේ අගය යම් ප‍්‍රමාණයකට අවප‍්‍රමාණය වීම අපනයන භාණ්ඩ වලට වාසියකි.

කෙසේ නමුත් මෙම ප‍්‍රධාන කාරණා කෙරෙහි සාවධාන වී අවශ්‍ය විස`දුම් සපයන්නට රටට හැකිනම් තව දුරටත් මහජනතාව මත බර පටවමින් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති කර්මාන්ත හා ව්‍යාපාරවලට සහන ලබා දිය යුතු නැත. එනමුත් අවශ්‍ය නම් තවත් කෙටි කාලයක් දැනට ව්‍යාපාර ස්ථාපනය වී නැති දිස්ති‍්‍රක්ක තෝරා ඒවායේ අලූත්න් කර්මාන්ත ආරම්භ කරන ව්‍යවසායකයන්ට සහන ලබා දීම පිළිගත හැකි කාරණයකි. යම් ව්‍යාපාරයක් බදු ගෙවන විට එම ගෙවන බදු ප‍්‍රතිශතය මත පදනම්ව යම් යම් මහන ලබා දිය හැකි ක‍්‍රමවේදයක් සැකසීම වඩාත් උචිතය. ව්‍යාපාරය පටන් ගෙන රටට ආදායමක් අත්පත් කර දෙන විට එයට කෘතවේදීත්වයක් වශයෙන් තව තවත් උපයන ලාභ ආයෝජනයට පෙළඹවීම එහි අරමුණ විය යුතුය.
-මිණිසර

Monday, August 30, 2010

29.08.2010- රාවය - පොලී අනුපාත අඩුවීමේ වාසිය හිමි විය යුත්තේ ව්‍යවසායකයන්ටය.

පොලී අනුපාත අඩුවීමේ වාසිය හිමි විය යුත්තේ ව්‍යවසායකයන්ටය.
-මිණිසර

ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙරට බැංකු හා මූල්‍ය පද්ධතිය දෙස අවධානයෙන් සිටී. බැංකු අතර බැංකුව වශයෙන් කි‍්‍රයාකරන්නේ ද මහ බැංකුවයි. වානිජ බැංකු වල අතිරික්ත මුදල් නිතිපතා මහ බැංකුවේ තැන්පත් කළ හැකිය. ඒ වෙනුවෙන් යම් පොලියක් ගෙවයි. එපමණක් නොවේ යම් අවස්ථාවක කිසියම් වානිජ බැංකුවකට මුදල් අවශ්‍යතාවයක් ඇතිවන විට මහ බැංකුවෙන් තාවකාලිකව ණය පහසුවක් සපයා ගත හැකිය. බැංකුවලින් මුදල් මිලදී ගැනීම හා බැංකු විසින් සිය අවශ්‍යතා වලට මුදල් ප‍්‍රති මිලදී ගැනීම වෙනුවෙන් පොලී අනුපාතයක් තිබේ.


මෑතක දී යළිත් වතාවක් මහ බැංකුව විසින් සිය ප‍්‍රතිවිකුණුම් පොලී අනුපාතය පහත දමන්නට තීරණය කළේය. දැන් මහ බැංකුවේ ප‍්‍රති විකිණුමු පොලී අනුපාතය සියයට 7.25 කි. සියයට 0.50 කින් අඩු කරන ලද පොලී අනුපාත සම්බන්ධ සම්පූර්ණ වාසිය මහජනතාවට ලැබෙනු ඇති බව මහ බැංකුව ප‍්‍රකාශ කරයි. මෙවැනි අනුපාතය අඩු කරන්නට තීරණය කරන ලද්දේ මහ බැංකුව අවස්ථා කිහිපයක දී පොලී අනුපාත අඩු කළත් එහි සම්පූර්ණ වාසිය බැංකු සමග ගනුදෙනු කරන සාමාන්‍ය ජනතාවට නොලැබෙන බව පෙනී ගොස් ඇති හෙයිනි.
රටක් සංවර්ධනය වන විට පොලී අනුපාත පහල මට්ටමක තිබීම වැදගත්ය. එවිට ඉතිරි කිරීම් අඩු වී පාරිභෝජනය වැඩි වෙයි. අඩු පොලී මට්ටම් වලට බැංකු වලින් ණය ගන්නට හැකියාව ලැබෙන විට එම මුදල් ප‍්‍රාග්ධනය වශයෙන් පාවිච්චිකර අලූත් ව්‍යාපාර ආරම්භ කරන්නට ඉඩකඩ සැලසෙයි. පාරිභෝජනය වැඩි විය යුතු නමුත් ඉතිරි කිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගන්නට අපොහොසත් වන්නේ නම් අලූත් ආයෝජන වෙනුවෙන් ප‍්‍රාග්ධනය සොයා ගැනීමේ අපහසුව ඇති වෙයි. රටක පොලී අනුපාත අඩු ප‍්‍රතිශතයක තිබිය යුතු සේම ඉහල ඉතුරුම් අනුපාතයක් ද සමබරව පවත්වාගෙන යා හැකිනම් එය රට තුළ පවතින යහපත් ආර්ථීක කළමණාකරණය ගැන වැදගත් දර්ශකයකි.


වානිජ බැංකු පවත්වා ගෙන යන්නේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේය. ඉතිරි කිරීම් ආකර්ශනය කර ගැනීමට මෙන්ම ලබා ගන්නා මහජනතාවගේ ඉතිරි කිරීම් යළි වෙනත් පුද්ගලයන්ට ණය දීමෙන් හෝ වෙනත් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් බැංකු විසින් ආදායමක් උපයා ගනී. එම ආදායම තැන්පතුකරුවන්ගේ තැන්පත් පොලී හා බැංකුවල මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යෙදවේ. ශ‍්‍රි ලංකාවේ වානිජ බැංකු අතර තැන්පත් පොලිය හා ණය පොලිය අතර අනුපාතය පවතින්නේ ඉතා ඉහල පරතරයකය. වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් තරගකාරී වානිජ බැංකු පද්ධති පවතින රටක ඉතුරුම් හා ණය පොලී අනුපාත අතර වෙනස සියයට 0.5 ක අවමයක සිට සියයට 4 ක උපරිමය දක්වා වෙයි. නමුත් ශ‍්‍රි ලංකාවේ වානිජ බැංකුවක සියයට හයක හෝ හතක පොලියකට ඉතුරුම් ගිණුමක් අරඹන තැන්පතුකරුවෙකු එම බැංකුවෙන් ම ණයක් අයදුම් කළහොත් ඒ ණය මුදල වෙනුවෙන් ගෙවන්නට සිදුවන පොලිය සියයට 20-25 අතර එකකි. එපමණක් නොවේ, අයදුම් කරන ණය මුදල වෙනුවෙන් අවශ්‍ය ලියැකියැවිලි හා වෙනත් ගාස්තු සියල්ලම ද ණය අයදුම් කරන්නා විසින් බැංකුවට ගෙවිය යුතුය. ඒ අනුව දේපොලක් හෝ පුද්ගලික ඇප මත අවදානමක් ද රහිතව ණය පිලියෙල කිරීමේ ගාස්තු ද අයකරගෙන ණය නිකුත් කරන මෙරට වානිජ බැංකු මෙම වැඩි පොලී අනුපාත වලින් අති විශාල ලාභයක් ලබයි. පසුගිය අවුරුද්දේ පමණක් නොව මේ අවුරුද්දේ පළමු භාගයේ ද මෙරට සියලූම බැංකු ලාභ ලබා ඇත්තේ රුපියල් බිලියන ගණනින්ය. අඩු පොලියට මහජනතාවගේ තැන්පතු ලබා ගෙන වැඩි පොලියට මහජනතාවටම නිකුත් කරන ව්‍යාපාරයකින් එවැනි ලාභ ඉපැයීමක් අපේක්ෂා කළ යුතුය. එපමණක් නොවේ මෑතක් වන තුරු කිසිදු අවදානමක් නැතිව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙනි සියයට පහලොව ඉක්මවන වාර්ෂික පොලියක් ලබන්නටත් වානිජ බැංකු හුරුවී සිටි බව ස`දහන් කළ යුතුව තිබේ.


රජයේ පමණක් නොව පෞද්ගලික අංශයේ බැංකු පවා ඉහල පරතරයක් ඇති පොලි අනුපාත පවත්වාගෙන යමින් මහජනතාවට නව ව්‍යාපාර වෙනුවෙන් ණය නිකුත් කිරීම වෙනුවට භාන්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරමින් ගෙන ගිය වැඩ පිලිවෙල නිසා රටට යහපතක් අත්වූයේ නැත. සිදුවූ එකම කාරණය භාණ්ඩාගාර බිල්පත් මත රජය ලබා ගන්නා ණය හෙයින් උද්ධමනය වැඩිවීම පමණකි. මේ අවුරුද්දේ අයවැය මගින් ද විදේශීය ව රුපියල් බිලියන 123.5 ක් ණය ගන්නා විට දේශීයව රුපියල් බිලියන 315.3 ක් ණය ගෙන අය වැය හිගය පියවන්නට සැලසුම් කර තිබේ. විදේශීයව ණය හා ආධාර ලැබීම් හා උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් දේශීය ණය ගැනීම සීමා කිරීමට රජය අවධානය යොමු කිරීම නිසා මේ වන විට භාණ්ඩාගාර බිල්පත් මත සාමාන්‍ය පොලි අනුපාතය සියයට අටකට ආසන්න මට්ටමක් දක්වා අඩු වී තිබේ. මෙය යහපත් තත්ත්වයකි. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ මෙම අඩු පොලී අනුපාත සමග මෙරට උද්ධමනය පහල යා යුතු අතර වානිජ බැංකු විසින් ගණුදෙණුකරුවන්ට නව ආයෝජන වෙනුවෙන් අරමුදල් නිකුත් කරන ප‍්‍රවණතාවය ඉහලයාම අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි.


මහ බැංකු ප‍්‍රති විකිණුම් හා ප‍්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාත අඩුකරමින් අවස්ථා ගණනාවක දී රජය වානිජ බැංකු පොලී අනුපාත අඩු විය යුතු බවට ඉ`ගි කරන ලද්දේය. රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා වරක් බැංකු වලට කෙලින්ම කියා සිටියේ නිවාස ණය වෙනුවෙන් අඩු පොලී අනුපාත පැවතිය යුතු බවය. එහෙත් බැංකු තවමත් නිවාස ණය වෙනුවෙන් පවා අයකරන්නේ සියයට 15-18 අතර වැඩි පොලියකි. ආදායමක් උපයන්නේ නැති මහජනතාව විසින් ස්වකීය ඉපැයීම් වලින් වාරික ගෙවිය යුතු මෙවැනි ණය වෙනුවෙන් වෙනත් රටවල විශේෂ සහන පවා ඇති නමුත් මෙරට රජයට අයත් නිවාස බැංකු පවා වානිජ බැංකු හා තරගකාරී ලෙස මහජනතාවගෙන් වැඩි පොලී අයකරමින් සිටී. එපමණක් නොවේ මහ බැංකුව පොලී අඩුවන ලෙස සිය විකිනුම් හා ප‍්‍රති විකුණුම් පොලී අඩු කරන නමුත් තැන්පතු හිමියන්ට ගෙවන පොලිය පමණක් අඩුවන පරිදි කි‍්‍රයා කිරීම නිසා විශ‍්‍රාමිකයන් විසින් තැන්පත් කර ඇති මුදල් වලට ලැබෙන ආදායම අඩුවීමෙන් සමාජ ප‍්‍රශ්නයක් ද ඇති වූ අතර රජය එයට විසදුමක් ලබා දුන්නේ ජ්‍යෙශ්ඨ පුරවැසියන්ට අතිරේක බෝනස් ක‍්‍රමයක් හදුන්වා දෙමින් වන අතර එය අසාර්ථක හා තවත් ප‍්‍රශ්න ඇති කළ අවස්ථාවක් වශයෙන් මෙරට මූල්‍ය අංශ පීඩාවට පත් කර තිබේ. මෙවර ද ණය පොලී අනුපාත අඩු විය යුතු බව මහ බැංකුව කෙලින්ම කියයි. එසේ නමුත් ස්වකීය ණයකරුවන්ගෙන් අඩු පොලියක් අයකරන්නට වානිජ බැංකු සූදානම් නැත. මෙරට වානිජ බැංකු වල ගිණුම් වාර්තා පරීක්ෂා කර බලන විට එහි ලාභ බිලියන ගණන් දක්වා වැඩි වීමෙන් පෙන්වන්නේ පහසුවෙන් ණය පොලිය අඩු කර මහජනතාවට බැංකු හරහා ණය ගෙන නව ව්‍යවසායකත්ව ජාලයක් ඇති කරන්නට හො`දටම ඉඩකඩ පවතින බවයි. එනමුත් වානිජ බැංකු මෙරට බැංකු පද්ධතියේ පවතින ඒකාධිකාරී හා විෂම චක‍්‍රය උපයෝගී කර ගනිමින් අධික ලාභ උපයමින් මහජනතාවගේ තැන්පතු මත වාසි අත්කර ගිනිමින් සිටිනව විනා සංවර්ධන යුගයක වානිජ බැංකු වලින් ඉටුවිය යුතු වගකීම ඉටු කරන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැත.


මහ බැංකුවට තව තවත් සිය පොලී අනුපාත අඩු කළ හැකිය. එවිට සිදුවන්නේ මහජනතාව ඉතිරි කිරීම් කෙරෙහි අධෛර්යවත් වීමය. දැනටත් එය සිදුවෙමින් පවතී. තැන්පතු හා ණය පොලී අතර යම් විනයක් ඇති කරන්නට තවදුරටත් අපොහොසත්වීම ආර්ථිකයේ සමබරතාවයට අහිතකරය.

Tuesday, August 17, 2010

2010.08.22- රාවය- රුකියාවක් වෙනුවෙන් කොරියානු බස ඉගැනීම ආසියාවේ ආශ්චර්යය නම් නොවේ.

මහින්ද චින්තනය ඉදිරි දැක්ම වැඩ පිලිවෙල ඉදිරිපත් වූයේ පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන්ය. එහි සදහන් වූ ඉතා වැදගත් උදාන පාඨයක් රජයේ ආයතන විසින් ඉතාමත් කෙටි කාලයක් තුළ සහමුලින්ම අමතක කර දමා තිබේ. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ‘‘රට හැර යන්නන්ගේ දේශයක් නොව, රට හැර ගිය පිරිස් පවා ආපසු කැදවන රටක්’’ බිහි කරන බවය. එය මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ සටහනේ දැක්වෙයි. එපමණක් නොවේ, ජනාධිපතිවරයා සිය ජයග‍්‍රහණයෙන් අනතුරුව විවෘත ආරාධනයක් කරමින් රට ගොඩ නගන්නට ආපසු පැමිණ තමන් හා එකතුවන ලෙස සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.


පසුගියදා මාධ්‍ය වාර්තා කළ පරිදි විදේශ රුකියා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අලූයම දෙකේ සිට පෝලිම් ගැසී සිටි තරුණ තරුණියන් ගේ අරමුණ වූයේ රුපියල් එක්දහස් පන්සියයක් ගෙවා අයදුම්පත‍්‍රයක් මිලයට ගෙන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට ඉදිරිපත් වීමයි. කාර්යාංශයේ නිලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත්තේ බිය විය යුතු නැති අතර ඇති තරම් අයදුම්පත් නිකුත් කරන බවයි. එසේම දැනටමත් තිස් දහසකට ආසන්න පිරිසක් මෙම අයදුම්පත් මිලයට ගෙන ඇත. නිලධාරියා ගේ ප‍්‍රකාශයට අනුව සමත්වන පන්දහසකගේ නම් ප‍්‍රකාශයට පත් කරනු ඇත. ඉංග‍්‍රීසි හෝ දෙමළ ඉගෙන ගන්නට උනන්දුවක් නැති මෙම තරුණ පිරිස රටේ නායකයාගේ ප‍්‍රකාශය නොසලකා නිලධාරීන් පවත්වන කොරියානු භාෂා විභාගයට පාන්දර සිට පෝලිමට එකතු වන්නට ඇත්තේ භාෂාව ඉගෙන ගන්නට තවත් දස දහස් ගණනින් මුදල් වැය කර අවසානයේ බව පැහැදිලිය. කොළඹ අපවිත‍්‍ර මුඩුක්කු කොරියාව යැයි අදත් හදුන්වන බව මේ තරුණන් නොදන්නවා විය නොහැකිය.


1960 වකවානුවේ තායිවානය, මලයාසියාව ශ‍්‍රී ලංකාව ඇතුලූ ආසියාවේ රටවල් ගණනාවක් පසුවූයේ ඒක පුද්ගල ආදායම අතින් ඇමරිකානු ඩොලර් 160 උපයන මට්ටමකය. කොරියාව පසුවූයේ එයටත් පහල දරිද්‍රතා සීමාවකය. පසුගිය දශක කිහිපය තුළ කොරියාව කාර්මික හා කෘෂිකාර්මික අතින් දියුණුවක් ලැබීය. අදත් ලංකාවේ මුඩුක්කු කොරියාව හැටියට හ`දුන්වන නමුත් හැබෑවටම අපේ තරුණන් කොරියාවට යන්නට උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකාව දියුණු නොවී කොරියාව දියුණු වූ බව අවබෝධ කරගෙන ඇති හෙයිනි.


කොරියාවේ ඇත්තේ පහසු රුකියා නොවේ. එරට ශ‍්‍රම බලකාය විසින් ප‍්‍රතික්ශේප කරන සේවා ඉටු කර ගන්නට කොරියානු රජය ආසියානු රටවලින් ලාභ ශ‍්‍රමිකයන් ගෙන්වා ගනියි. තද නීති හා වෙනස් කාලගුණය යටතේ අධික වෙහෙසක් දරා වැඩ කරන්නට සූදානමක් කොරියාවේ රුකියා අපේක්ෂා කරන්නන්ට තිබිය යුතු අනිවාර්ය සුදුසුකමකි. දස දහස් ගණනින් ධෛර්යවන්ත තරුණන් පාන්දර සිට පෝලිම් ගැසී, අලූත් භාෂාවක් ඉගෙනගෙන කවර වේදනාවක් හෝ දරමින් යමක් උපයා ගන්නට තතනන විට මේ ලාංකික දරුවන් වෙනුවෙන් අලූත් සැලසුමක් සකස් කළ යුතු යැයි මෙරට බලධාරීන්ට නොපෙනෙන්නේ මන්ද?


ශ‍්‍රමය පදනම් කරගත් විදේශ රුකියාවක් යනු නූතන වහල් සේවයකි. කම්හල් විසින් අඩු වැටුපකට විදේශීක ශ‍්‍රමය කැදවන අතර එහි ලාභයෙන් දියුණු වන්නේ ඒ රටවල සමාගම් හා ඒ රටේ ආර්ථීකයයි. වෙහෙස වී උපයා ගන්නා මුදලක් ඇත්නම් රටට එවන අතර විදේශ රුකියා කරන පිරිස් රටට එවන මුදල අද ශ‍්‍රී ලංකාවේ විනිමය ඉපැයීමේ ප‍්‍රධානම ආදායම් මාර්ගයයි. පසුගිය වසරේ එයින් උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කි. ශ‍්‍රි ලංකාවට මේ ආදායම උපයා දෙන ලාංකිකයන් ගෙන් සියයට අසූ පහක් වෘත්තීය පසුබිමක් රහිත මැදපෙරදිග හා ආසියානු රටවල මෙහෙකාර ඇතුලූ සුලූ රුකියාවන්හි නිරතව සිටිති. ලංකාව හැරුණ විට මෙවැනි ශ‍්‍රමයකින් වැඩි ආදායමක් උපයා ගන්නේ පිලිපීනය වන අතර පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් උපයා ගත් පිලිපීනය වෘත්තීය පුහුණුව නැති ශ‍්‍රමිකයන්ට විදේශ ගතවීම මේ වන විට ප‍්‍රතිපත්තියක් වශයෙන් තහනම් කර තිබේ.


ලෝකයේ උතුම් රට වශයෙන් විරුදාවලි ලැබ මෑතක දී භයානක ත‍්‍රස්තවාදය පරදවා සිටින ශ‍්‍රී ලංකාව පිලිපීනය අත්හැර දමන වෘත්තීය පුහුණුවක් නැති ශ‍්‍රමිකයන් රට යවා ඩොලර් උපයන්නට මහන්සිවන දේශය හැටියට අනාගත දිනක ජාත්‍යන්තරයේ ප‍්‍රසිද්ධ විය යුතු නැත. විදේශ රුකියා කිරීම අතහැර රට වෙනුවෙන් වැඩ කරන තරුණ පිරිසක් ගොඩනගන්නට බලධාරීන් වහා අවශ්‍ය පියවර ගත යුතුය. අධයාපනය අවසන් කරන ලද ලක්ෂ ගණන් තරුණ තරුණියන් රට පුරා සිටී. ඔවුන්ට රජයේ රුකියා සැපයීම එකම උත්තරය නොවේ. අලූයම සිට පෝලිමේ සිටිමින් වෙනත් භාෂා පවා ඉගෙන ගනිමින් පෙන්වන කුසලතාව සැලකිල්ලට ගත යුතුය. මෙම පිරිසට සුලූ හෝ අවස්ථාවක් දිය හැකිනම් ඔවුන් දවසක රටේ ආඩම්බරයට හේතුවන තරුණන් බවට පත්වනු නිසැකය.


මෙම කරුණන්ට බැංකුවකින් ණයක් දෙන්නේ නැත. සුලූ හෝ ඉඩම් කැබැල්ලක් නැත. අලූත් අදහසක් ව්‍යාපාරයක් ගැන සංකල්පයක් ඇති වුවහොත් කියන්නට කෙනෙක් නැත. තම හැකියාව ගැන කියා ඉඩමක් හෝ ණයක් ඉල්ලා ඒ හැකියාව අනුව අභිමානයෙන් යමක් කරන්නට මේ කොරියාවට යන ඕනෑම තරුණයෙකු සූදානම් බව තේරුම් ගන්නට විශේෂ පර්යේෂණ අනවශ්‍යය. චරිත රත්වත්ත මහතා සභාපතිව සිටි අවධියේ ජාතික තරුණ සේවා සභාව තරුණන්ගේම රුපියල් දහය බැගින් කොටස් අලෙවි කර නිස්කෝ අරමුදලක් ගොඩ නගා තරුණන්ට ස්වයං රුකියා දෙන වැඩ පිළිවෙලක් අරඹන ලදී. එය සාර්ථක විය. වානිජ බැංකු විසින් ණයක් දෙන්නට වත්කම් හොයන යුගයක හැකියාව අනුව ණය නිකුත් කළ නිස්කෝ වැඩ පිලිවෙලට පසුව වානිජ බැංකු එකතු වූ අතර මේ නිසා රට පුරා ලක්ෂ ගණනින් සුලූ ව්‍යාපාරිකයන් බිහිවූ අතර පසුව එය කොතරම් ප‍්‍රබල බලවේගයක් වූයේ ද යත් ණය දෙන්නට ඉදිරිපත් නොවූ ප‍්‍රකට රජයේ බැංකුවක් පසුව එම ව්‍යවසායකයන් ගේ නිෂ්පාදන විකුණන්නට කොළඹ යුනියන් පෙදෙසේ විශාල භූමියක් විවෘත පොලක් බවට පරිවර්තනය කරන්නට ඉදිරිපත්විය. මේවා ලංකාවේ සාර්ථකත්වය ගැන අත්දැකීමිය. මේ දක්ෂ නිලධාරී කණ්ඩායම තරුණ සේවා සභාවට අහිමි වීම සමග දැන් ඒ නිස්කෝ සමුපකාරයේ අරමුදල් පවා අතුරුදහන්ව බවට සැකයක් නැත.


වර්තමානයේ විදේශ රුකියා නියුක්ති කාර්යාංශය වසා දමා නව තරුණ නියුක්ති කාර්යංශයක් ජාතික වැදගත්කමක් සේ සලකා වහාම ආරම්භ කළ යුතුය. තරුණන්ගේ දක්ෂතා හ`දුනාගෙන, ඔවුන්ගේ කැපවීම හා ධෛර්යය අනුව මෙරට තුළ යමක් නිපදවන සේවාවක් ආරම්භ කරන හෝ වෙළදාමක් මගින් ජීවිතය ජය ගන්නට අවස්ථාව සැක සිය යුතුය. එවිට පිටරටින් එන ඩොලර් බිලියන ගණනට වඩා දේශීයව විශාල සංවර්ධනයක් සිදුවනු නොඅනුමානය. එදා ශ‍්‍රී ලංකාවට පහලින් සිටි ආසියාවේ සියලූම රටවල් ඉදිරියට පැමිණියේ මෙවැනි අලූත් ව්‍යාපාර මගින් විනා කොරියාවේ හෝ මැදපෙරදිග රුකියා මගින් වැඩි වැඩියෙන් විනිමය ඉපැයීමෙන් නොවේ.

-මිණිසර

Thursday, August 12, 2010

2010.08.16-රාවය -ආර්ථිකය පාලනය කිරීමට ගන්නා තීන්දු හා එහි බලපෑම

විවෘත ආර්ථිකයක් පවතින විට රජයකට කළ හැකි දෙයක් තිබිය යුතු නැත. රජය මැදිහත්වීම අවශ්යැ වන්නේ ආර්ථිකයේ රාමුව සකස් කිරීම සම්බන්ධයෙන් පමණකි. රාමුවට එපිටින් ආර්ථිකය ගමන් කරන බව පෙනෙන විට එයට එරෙහිව යන්නන් කොටුකර ගැනීමට නීතිය හා විධි විධාන තිබේ. මේ නීති හා විධි විධාන පැවතිය යුතු තමන්ට හිතවත් පුද්ගලයා ආරක්ෂා කරන හා තමන්ට එරෙහි වන්නා මැඩ පවත්වන අන්දමට නොවේ.


විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් අවුරුදු තිස් දෙකක අත්දැකීම් රටට ඇත. එහෙත් තවමත් මේ ආර්ථිකය තමන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යා හැකියයි සිතන්නේ නම් බරපතල වරදකි. ඉල්ලූම හා සැපයුම යන මූලික සිද්ධාන්තයනට අවනතව තරගකාරීත්වයයටතේ මෙම ආර්ථිකයට තවත් වැඩෙන්නට ඉඩ දිය යුතු වෙයි. යුධමය පරිසරය යටතේ අනේක විධ බාධාවන්ට යටත් වන්නට සිදුවූ ව්යාෙපාර හිස ඔසවන විට එහි පාලනයට මැදිහත්වීම ද ආණ්ඩුවක කාර්යයට අයත්විය යුතු නැත.


මේ මූලික කරුණු සදහන් කරන්නට සිදුවූයේ ඇයි? නියම් හා අනියම් අන්දමට ආර්ථිකය කලමණාකරණය කරන්නට කිරේ ඇයා කරන බව පෙනෙන නිසාය. රක්ෂණ අංශයේ තරගකාරීත්වයක් ඇතිවෙමින් පවතින අවස්ථාවේ එහි තරගකාරී බව පරශයේශ්නයක් කරමින් මෙරට විශාලම රක්ෂණායතනය රජයට යළි අයත්විය. එසේ නොවුනානම් වෙළ`දපොළ දිනා ගන්නට ඇති වන ආයතන අතර තරගයෙන් වාසි සිදුවන්නේ පාරිභෝගිකයන්ටය. පරන ධාන රක්ෂණ ආයතන පුද්ගලික අංශය සතුව පැවති අවස්ථාවේ තිබුණ ආකර්ශණීයත්වය දැන් නැත. දුරකථන සමාගම් අතර තරගයක් ඇති වී පාරිභෝගිකයාට වාසි සිදුවන්නට අවස්ථාව තිබියදී දුරකථන නියාමන කොමිසම මැදිහත්වී අවම ගාස්තු කර අතමයක් ඇති කළේය. එයින් යහපතක් වන්නේ කා හටද? තාවකාලිකව සමාගම් ආරක්ෂා වනු ඇත. වර්ධනය වෙමින් පැවති තොරතුරු හුවමාරු වෙළදපොළ දීර්ඝ කාලීනව පීඩාවකට ලක්ව තිබේ.


කොළඹ කොටස් වෙළද පොළ තියුණු වර්ධනයක් පෙන්නුම් කළේය. ව්යා පාරිකයන් ලාභ අපේක්ෂාවෙන් නොයෙකුත් අනිසි උපකරපැ ම භාවිතා කළේය. පාලනාධිකාරිය එකී අපහරණ මැඩලනු වෙනුවට දිනකට එක සමාගමක ගනුදෙනු විය හැකි කොටස් ගණන සීමා කළේය. පාලකයෙකුගේ සීමා අණ පණත් අනුව කොටස් මිළදී ගන්නට ආයෝජකයන් සූදානම් නැත.


වානිජ බැංකු පොලී අනුපාත වලට ආණ්ඩුව මැදිහත් විය. තැන්පතු පොලී අඩු කළේය. දැන් ස්ථාවර තැන්පතු පොලිය සියයට අට - දහය දක්වා අඩු වී තිබේ. එහෙත් ණය පොලී අනුපාතය සියයට විස්ස - විසිපහ අතරය. මහජනතාව අඩු පොලියට තැන්පත් කරන ධනය බැංකු විසින් වැඩිපුර ආයෝජනය වන්නේ භාණ්ඩාගාර බිල්පත් වල බව පෙනේ. එක දිගට රජයේ භාණ්ඩාගාර බිල්පත් වලට ඉදිරිපත් කරන පරවි මාණය මෙන් දෙතුන් ගුණයක ඉල්ලීම් ලැබේ. විශාමිකයන්ට ස්වකීය තැන්පතු මත පොලිය අඩුවන විට ඒ වෙනුවෙන් බෝනස් පොලී ගෙවා හි`ගය මහ බැංකුවෙන් ගෙවන්නට නියම විය. එය අඛණ්ඩව කරගෙන යා නොහැකි එකක් බව දැන් සනාථ වී ඇත. මෙයට කළින් ද නිවාස ණය පොලී අඩු කරන ලෙස ආණ්ඩුව නියම කළේය. එය ආණ්ඩුවේ බැංකු පවා සැලකිල්ලට ගත්තේ නැත. දැන යළිත් සියයට අට - දහය වැනි පරතරයකට නිවාස ණය නිකුත් කරන ලෙස ආණ්ඩුව කියයි. එය පරානි යෝගිකද? සේවකයන්ගේ නිවාස ණය වෙනුවෙන් වෙන් කළ හැකි අර්ථ සාධක අරමුදලේ එකතුවන මුදල් කොටස් වෙළ`දපොළ වැනි අවදානම් තැනෙක ආයෝජනය කරයි. වානිජ බැංකු වලට නිවාස ණය අඩු කරන්නට කියන්නේ ඇයි?


රාජ්ය බැංකු මහජනතාවගෙන් ණය ගනී. ලංකා බැංකුව මාස කිහිපයකට කලින් රුපියල් බිලියන පහක මුදලක් අවුරුදු පහකින් සම්පූර්ණවන ණයකර නිකුතුවක් ඉදිරිපත් කළේය. එයින් උපයා ගත් මුදල් ඔවුන් ආයෝජනය කරන්නට යන්නේ අවුරුද්දකට රු. බිලියන දහයක් පාඩු ලබන ශරි ක ලන්කන් ගුවන් සේවාවේ කොටස් රජය වෙනුවෙන් ආපසු මිලදී ගන්නටය. ගිවිසුම අවසන් වන ෂෙල් සමාගමේ කොටස් රජය වෙනුවෙන් මිලදී ගන්නට ද මේ මුදල් යොදවනු ඇත. මහජනතාවගෙන් සියයට දහයකට වැඩි වාර්ෂික පොලියකට ගන්නා මේ මුදල් ලංකා බැංකුව විසින් අවුරුදු පහක් ඇතුලත පොලිය සමග ගෙවන්නට නම් විශාල ආදායමක් උපයා ගත යුතුව තිබේ. මේ ව්යශවසාය ලංකා බැංකුවට බරක් වන විට ගොවි ණය කපා හැරියා සේ ගිණුම් පොත් වලින් ඉවත් කළ හැකිද?
අපනයනකරුවන් ඉල්ලා සිටිය දීත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ගර දීහණය කරගෙන සිටින්නට ආණ්ඩුව උනන්දුය. එයින් ණය බර හා ආනයයන වියදම් අඩු කර ගත හැකිය. ස්වභාවිකව රුපියලේ අගය ලිහිල් වෙන්නට ඉඩ දුන්නේ නම් එයින් රටට ඇතිවන අවස්ථාව අමතක කිරීම ද සුදුසු නැත.


මේ සියල්ල අවසානයේ ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව ට අනුව ජූලි මාසයේ උද්ධමන අනුපාතිකය සියයට 4.3 ක් බව කියයි. එය ජුනි මාසයේ 4.8 ක් විය. පසුගිය මාස පහ තුළ අඛණ්ඩව උද්ධමනය අඩු වූ අතර එය ආර්ථිකයේ යහපතක් බව පෙන්වන්නට උත්සාහ කරයි.
ආර්ථිකය පාලනය කිරීම අවුරුදු පහෙන් පහට බලයට පත්වන දේශපාලන පක්ෂ වලට කළ හැකි පරාපේ තිහාර්යයක් නොවේ. ඒ වෙනුවෙන් දීර්ඝ කාලීනව සිතා සැලසුම් සකස් කරන ආර්ථික විශේෂඥයන්ට අවස්ථාව තිබිය යුතුය. මහ බැංකුව දේශපාලන පාලනයෙන් තොරව ස්වාධීන ආයතනයක් විය යුතුවෙයි. එහි කිරනයෙයාකාරීත්වය විනිවිද පෙනෙන සුථ වීම වැදගත්ය. නියම තරගකාරීත්වය ඇතිවන විට විනා කෘතීම පාලනයක් මගින් සිදුවන්නේ ආර්ථිකයට එපිටින් නොපෙනෙන කලූ ආර්ථිකයක් ඇතිවීම පමණකි. එය නොපෙනේ. පවතින නීති වලට පාලනය කර ගැනීමට නොහැකිය. නොපෙනෙන කලූ ආර්ථිකය පාලනය කිරීමේ අරමුණින් නීති ගෙන එන තරමට එහි අයිතිකරුවන් එයින් මිදෙන්නට සිය බලය හා දේශපාලන හයිය පාවිච්චි කරන්නට පටන් ගනී.
යුද පරිසරයකට පසු සාමකාමී සිවිල් ජන සමාජයක් ඇතිවන විට එය ට ස්වභාවික නීතිය යටතේ පිබිදෙන්නට පටන් ගනී. ලෝකයේ කොතැනකත් සිදුවන්නේ එයයි. එයට ඉඩ දීම මැනවි. ඉඩ අවුරා නීති පනවා ස්වභාවික න්යා ය ට හරස්වන විට අවසානයේ පීඩනය යොමුවන්නේ සාමාන්ය ජනතාව වෙතටය.

-මිණිසර

Thursday, August 5, 2010

2010.08.08 - රාවය - විදේශ වෙළදාමේ ඉහල පරතරය ආර්ථීකයට බලපෑමකි.

ආනයනය කළ කුකුලූ මස් මෙටි‍්‍රක් ටොන් හාරදහස් දෙසීයක් ගැන මාධ්‍ය වාර්තා කළ අතර පසුව දැනගන්නට ලැබුනේ මෙයින් එක් කන්ටේනරයක තිබුණ මස් සෞඛ්‍ය අංශ වල අනුමැතිය රහිත හෙයින් විනාශ කළ බවය. වෙළද අමාත්‍යංශය මෙරට කුකුලූ මස් හිගයට පිළියමක් වශයෙන් පිටරටින් ගෙන්වන්නට අදහසක් ඇති බව කියා සිටි අතර එය දැනගත් වහාම කිසිදු වග විභාගයකින් තොරව මස් ආනයනය කළ ව්‍යාපාරිකයාට සිදු වූයේ අලාභයකි. අනවසර මස් තොගය විනාශ කර ඇති නමුත් රටට විනිමය අතින් සිදුවූ හානියට පිලියමක් නැත. වෙළද පොළ අවශ්‍යතාවයක් පැන නැගුණු වහා එයට යුහුසුලූ වී ලාභ ඉපැයීමට තැත් කිරීම ශූර ව්‍යාපාරික ඥානයයි. සත්ව පාලනයෙහි යෙදෙන දේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කළා නම් දින හතලිස් අටක් ඇතුලත රටට හිග කුකුලූ මස් සපයා ගන්නට හැකි වනු ඇති බව රටේ පාලකයන් නොදැන සිටි අඥානවත්තකමයි.


විවෘත ආර්ථිකයක් පවතින රටක ආනයන අපනයන සම්බන්ධයෙන් පාලනයක් පැවතීම සාධාරණ නැත. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් මෙරට ගෙවුම් ශේෂය හා විනිමය භාවිතය ගැන ගැඹුරින් සැලකිලිමත් විය යුතුය. මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා මාස පහ ඇතුලත ශ‍්‍රී ලංකාවේ වෙළද පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 2.3 දක්වා සියයට 117 කින් වැඩිවී ඇති බව මහ බැංකුවේ අලූත්ම වාර්තා පෙන්වයි.


මෙරටින් අපනයනය කරන නිෂ්පාදන වෙනුවෙන් රටට විනිමය ආදායමක් ලැබේ. එහෙත් රටට අතවශ්‍ය දේ ආනයනය කරන්නට මේ විනිමය යළි කරන්නට සිදුවේ. අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි වූ විට ඒ අතර පරතරයක් ඇතිවෙයි. කලින් වසරට සාපේක්ෂව මෙම පරතරය සියයට එකසිය දාහතකින් වැඩිවන විට එහි පීඩනය ඇතිවන්නේ විදේශ විනිමය හිගවීමෙන් රටේ ආර්ථිකය ගැටලූ සහගත තත්ත්වයට පත්වන අවස්ථාවේදීය. සීමාවකින් තොරව වාහන ගෙන්වන විට, කුකුලූ මස් ඇතුලූ රටට අනවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන විට වැය වන්නේ රටේ විදේශ විනිමයයි.


2010 වසරේ ගතවූ මාස පහ ඇතුලත මෙරට අපනයන සියයට 11 කින් වැඩිවි ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 2,926.72 කි. කෘෂිකාර්මික අපනයන මේ වෙනුවෙන් වැඩි දායකත්වයක් දක්වා තිබේ. එය ඇ. ඩොලර් මිලියන 754.7 දක්වා සියයට 27 ක වර්ධනයකි. කර්මාන්ත අපනයන ආදායම සියයට 6.5 ක ප‍්‍රගතියක් පෙන්වා ඇති අතර ඇ. ඩොලර් මිලියන 2,132.2 ක් වන එයින් ඇ. ඩොලර් මිලියන 1197 ක් ම රෙදිපිළි හා ඇගලූම් ආනයනයෙන් ලද ආදායමයි. සමස්ථයක් වශයෙන් කාර්මික අපනයන අංශය සියයට 6.5 ක ඉහල යාමක් පෙන්වන නමුත් ඇගලූම් අපනයන ආදායම සියයට 7.5 කින් අඩුවී තිබීම ද සැලකිල්ලට ගත යුතුය. මේ අතර වාරයේ ආනයන වියදම මෙම කාලය තුළ ඇ. ඩොලර් මිලියන 5,277.38 තෙක් කලින් වසරට සාපේක්ෂව සියයට 42 කින් වැඩි වී ඇත. ඛනිජ තෙල්, කිරි පිටි, සීනි, මෝටර් රථ හා මෝටර් සයිකල් ආනයනය මෙම කාලය තුළ වැඩි වී ඇති අතර ජනවාරි මැයි මාස පහ අතර අවසන් මාස දෙක තුළ මෝටර් රථ ආනයන බදු අඩු විම නිසා ආනයන විශාල වශයෙන් වැඩි වී ඇති බව ද දැක්වේ. පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට වඩා බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන වියදම ඇ. ඩොලර් 66 ක සිට 81 දක්වා වැඩි වි ඇති අතර වාහන ආනයනය වැඩි වීම සමග ඉදිරියේදී මෙරට ඛනිජ තෙල් අවශ්‍යතා ඉහල යනු ඇත. ලෝකයේ තෙල් මිළ ඉහල යමින් පවතී. දැනට සාමාන්‍යයෙන් ඇ. ඩොලර් 77 ක් පමණ වන බොරතෙල් බැරලයක් 2011 වසරේ පළමු කාර්තුවේ දී ඇ. ඩොලර් 100 ට සමීප වනු ඇතැයි ආර්ථීක විශ්ලේශකයන්ගේ අදහසයි. මේ අනුව මේ වසරේ මෙරට ආනයන හා අපනයන පරතරය වැදගත් ආකාරයකට පාලනය කර ගත නොහැකි වුවහොත් ගැටලූකාරී වාතාවරණයකට ඉඩ කඩ ඇත.


අපනයන ආදායම ප‍්‍රමාණවත් නොවන විට ශ‍්‍රි ලංකාව විදේශ විනිමය සම්බන්ධයෙන් යැපෙන්නේ මැදපෙරදිග ඇතුලූ රටවල වෙහෙසෙන මෙරට ජනතාව දුක් මහන්සියෙන් උපයා රටට එවන මුදලින්ය. මෙම මාස පහ ඇතුලත විදේශ රුකියා කරන ලාංකිකයන් විසින් මෙරටට ඇ. ඩොලර් මිලියන 1498 ක මුදලක් එවා ඇත. මෙය කලින් වසරේ සම කාල සීමාවට වඩා සියයට 13.3 ක වැඩි වීමකි. අවසානයේ දී අපනයන ආදායමත් මේ විදේශ රුකියාවන්හි නිරත පිරිස් එවන මුදලත් විදේශ වෙළ`දාමට වැය වන අතර කලින් වසරේ මුල් මාස පහට සාපේක්ෂව විදේශ වෙළ`දාමේ පරතරය සියයට 117 කින් වැඩි වීමෙන් මෙය යම් පමණකින් පාලනය කර ගත යුතු හෝ අපනයන ආදායම නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු මොහොතක දැන් පසු වන බව පෙනේ.


විදේශ විනිමය අනුපාත සැලකීමේ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියගේ අගය ශක්තිමත් වි තිබීම ද සැලකිල්ලට ගත යුතුය. දැනට මාස 5.1 ක ආනයන වෙනුවෙන් ප‍්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් රටට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ ආධාර සමග සලකන විට ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවීමට ඉඩකඩ අඩුය. රුපියලේ අගය ශක්තිමත්වීම අපනයන කෙරෙහි අහිතකර ලෙස බලපාන බැවින් යම් ප‍්‍රමාණයකින් අගය අවප‍්‍රමාණය කරන ලෙස අපනයන කරුවෝ ඉල්ලා සිටිති. මේ අතර මේ වසර අවසන් වනනට කලින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන දහසක මුදලක් ජාත්‍යන්තර බැදුම්කර වශයෙන් ගන්නට රජය සූදානම්ය. මේ සියල්ල විසින් පෙන්වා දෙන්නේ දුර දක්නා නුවණකින් විදේශ ආදායම හැසිරවිය යුතු බවය. යුධමය පරිසරයකට පසු සමාජයේ බලාපොරොත්තු ඉහල ගොසින් තිබේ. නිසි කලමණාකරණයකින් තොරව විදේශ වෙළදාම හැසිරවුවහොත් අනාගතයේ ඇතිවන අහිතකර ප‍්‍රතිපල සමස්ථයක් වශයෙන් රටට බලපානු ඇත්තේ යහපත් අන්දමට නොවේ.

-මිණිසර

Sunday, August 1, 2010

2010.07.25 - රාවය-පාරිභෝගිකයා වෙනුවට ආයතන රකින්නට වෙහෙසෙන නියාමන කොමිසම

විදුලි සංදේශ නියාමන කොමිසම ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයවන ජංගම දුරකථන සමාගම් ලාභදායී තත්ත්වයෙන් පවත්වාගෙන යාම පිළිබද අනවශ්‍ය උනන්දුවක් දැක්වීම කේෂේත‍්‍රයේ විද්වතුන්ගේ මවිතයට හේතුවී තිබේ. පසුගිය ජූලි 15 වැනිදා සිට බලපවත්වන පරිදි අලූතින් ජංගම දුරකථන සම්බන්ධතා මිලදී ගන්නා ග‍්‍රාහකයන් ස්වකීය ඇමතුම් වෙනුවෙන් නිශ්චිත අවම ගාස්තුවක් ගෙවිය යුතුය. මෙම නියමය හදුන්වා දී ඇත්තේ මෙරට සේවා සපයන සමාගම් තරගකාරීව අඩු මිලට දුරකථන පහසුකම් සපයන්නට යාමෙන් ඇතිවිය හැකි ව්‍යාපාර බිදවැටීම් වලකා ගැනීමේ අරමුණෙන් බව ප‍්‍රකාශවෙයි.

නියාමන කොමිසමකින් අපේක්ෂා කරන්නේ සමාගම් අතර තරගකාරීත්වය හෙයින් පාරිභෝගිකයන්ට අවාසියක් වන අවස්ථාවේ මැදිහත්වීම වන නමුත් මේ අවස්ථාවේ ව්‍යාපාර මෙහෙයවන සමාගම්වල ආදායම ගැන බෙහෙවින් සැලකිලිමත්වීම වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින මෙරට ජංගම දුරකථන සේවාවන් කෙරෙහි සියුම් බලපෑමක් ඇතිවීම නොවැලැක්විය හැකිය.
දැනට ඩයලොග් ඇක්සියාටා, එයාර් ටෙල්, එටිසලාට්, හචිසන් සහ ටෙලිකොම් මොබිටෙල් යන සමාගම් මෙරට ජංගම දුරකථන සේවා සැපයීමෙහි නිරත අතර ස්ථාවර දුරකථන ඉල්ලීම අඩුවෙමින් හා ජංගම දුරකථන භාවිතය වැඩිවෙමින් පවතින අවස්ථාවක නියාමන කොමිසම ගත් තීරණය අනුව අලූතින් ලබාගන්නා සම්බන්ධතා වලට අවම ඇමතුම් ගාස්තුවක් ගෙවන්නට සිදුවනු ඇත. සීමිත වෙළදපොල අවස්ථා දිනා ගැනීම සදහා ජංගම දුරකථන පහසුකම් සපයන ආයතන ඉතාමත් අඩු ගාස්තු අයකිරීම් යටතේ සේවා සපයන්නට ඉදිරිපත්ව තිබේ. මේ නිසා ඇතැමි සමාගම් අර්බුදයට පත්ව ඇතැයි දුරකථන කේෂේත‍්‍රයේ තොරතුරු අනාවරණය කරයි. මෙම සමාගම්වල මූල්‍ය තත්ත්වය කෙරෙහි සැලකිලිමත් වෙමින් අවම ගාස්තු නියම කර ඇති අතර එය ජාත්‍යන්තරයේ මේ වන විට දුරකථන ඇමතුම් ගාස්තු ඉතාමත් අඩුවෙමින් පවතින අවස්ථාවක එයට එරෙහිව යමින් ගත් තීරණයක් වශයෙන් ද සැලකෙයි. මේ වන විට ජාත්‍යන්තර දුරකථන ගාස්තු අඩුවෙමින් අතර දුරකථන සමාගම් ඇමතුම් කාලය නොමිලේ සපයමින් දත්ත හුවමාරුව හෙවත් අන්තර්ජාල හා ඊමේල් සම්බන්ධතා වලින් ආදායම් උපයාගෙන සමාගම් පවත්වාගෙන යන මට්ටමට තාක්ෂණය දියුණු වෙමින් පවතින බව ජගත් පර්යේෂණ වාර්තා දක්වයි. මේ අතර වෙබ් අඩවි හරහා දෙස් විදෙස් ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගත හැකි අවස්ථාතිබියදී අවම ගාස්තු ක‍්‍රමය ජංගම දුරකථන පාරිභෝගිකයන්ට අතිරේක බරක් වනු ඇත.

එපමණක් නොවේ, දැනටමත් මෙරට ව්‍යාපාර පවත්වාගෙන යන ජංගම දුරකථන සමාගම් මෙම තීන්දුවට එරෙහිව නඩු මගට බසින්නට තීරණය කර ඇත. දැන් මහජනතාවගේ අයහපතට හේතුවන තීන්දුවක් සමාගම්වල යහපත වෙනුවෙන් ගත් නියාමන කොමිසම ආරක්ෂා කරන්නට මහජනතාවගේ බදු මුදලින් තීති ගාස්තු වැය කිරීම යුක්ති සහගත යැයි කියන්නේ කවුද?


ජාත්‍යන්තර වාර්තා අනුව 2009 අවසන් වන විට ජංගම දුරකථන සබදතා බිලියන 4.6 ක් ලෝක වාසීන් පරිහරණය කරමින් සිටියේය. 2004 වසර වන විට සියයට 1.4 ක වර්ධනයක් පෙන්නුම් කළ ජංගම දුරකථන නව සම්බන්ධතා ඇතිවීම 2009 වසර වන විට සියයට 21 ක වර්ධනයක් දක්වා ඉහල ගොස් තිබේ. චීනය හා ඉන්දියාව ලෝකයේ වැඩිම ජංගම දුරකතන සම්බන්ධතා ඇති රටවල්ය. ඇමරිකාව, රුසියාව, ඉන්දුනීසියාව හා බ‍්‍රසිලය සෙසු රටවල්ය. මේ අතර ජංගම දුරකථන ව්‍යාප්තියේ වේගවත්ම වර්ධනය ලෙස සැලකෙන සියයට 46.1 ක ඉහල යාමක් පෙන්නුම් කරන්නේ ශ‍්‍රි ලංකාව ද ඇතුලත් අග්නි දිග ආසියානු කලාපයේය.

2010 වසරේ පළමු කාර්තුව අවසන් වන විට ශ‍්‍රි ලංකාවේ ජංගම දුරකථන භාවිතය මිලියන 15 ඉක්මවා ඇති අතර එය සියයට තිහක වර්ධනයකි. රුහැන් සහිත දුරකථන නව සම්බන්ධතා ඉල්ලූම අඩුවී ඇති අතර ශ‍්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් ඇක්සියාටා, ලංකා බෙල් හා සන්ටෙල් වැනි ආයතන විසින් සපයන රුහැන් රහිත එහෙත් ස්ථාවර දුරකථන නව සම්බන්ධතා සැපයීම ද සියයට 4.7 ක සුථ වර්ධනයක් දක්වයි. මේ අතර මෙරට අන්තර් ජාල සම්බන්ධතා ප‍්‍රමාණය ලක්ෂ දෙකහමාර ඉක්මවා සියයට හතකට ආසන්න වැඩි දියුණුවක් ද පෙන්වා ඇතැයි දුරකථන සමාගම් සම්බන්ධ පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. දත්ත සම්ප්‍රෙශනය සම්බන්ධව ඉහල යමින් පවතින ඉල්ලූම හරහා ව්‍යාපාර ආදායම් නංවා ගැනීමට ඉඩකඩ තිබියදී ව්‍යාපාර මූල්‍ය තත්ත්වය සලකා අවම ගාස්තු අයකිරීමේ තීරණයකට විදුලි සංදේශ නියාමන කොමිසම අවතීර්ණ වී ඇති බව මෙයින් ඉතාමත් පැහැදිලිය.


විදුලි සංදේශ නියාමන කොමිසම දැන් අවුරුදු ගණනක් තිස්සේ මෙරට දුරකථන සමාගම් සමග අර්බුදයක පැටලී සිටියි. ඒ අනුව සමාගම් අතර අය කරන අන්තර් සම්බන්ධතා ගාස්තු පිළිබද පැහැදිලි ප‍්‍රතිපත්ති තීරණයක් ගන්නට අපොහොසත්ව ඇත. එයට වඩා තීරණාත්මක එකක් වී ඇත්තේ රටපුරා විදුලි සංදේශ කුලූණු ඉදිකිරීම අරභයා පොදු අදහසකට පැමිණෙන්නට නොහැකිවිමයි. සෑම දුරකථන සමාගමක්ම රජයේ හා පොදු දේපොළ උපයෝගී කර ගනිමින් සිය සංඥා විකාශනය වෙනුවෙන් කුලූණු ඉදිකරයි. මේවා පරිසරයට හානිකරය. එපමණක් නොවේ මේවායේ ඉදිකිරීම් හා නඩත්තුව වෙනුවෙන් වැය වන මුදල ගෙවන්නේත් එදිනෙදා ඇමතුමක් ගන්නා පාරිභෝගිකයන්ය. මෙම කුලූණු සියල්ල ඉවත්කර පොදු සංඥා පද්ධති ඇති කළහොත් සමාගම් වලට මේවා කුලියට ගත හැකි අතර එයින් ඕනෑම සමාගමක සියලූම දුරකථන පාවිච්චි කරන්නන්ට හැම ප‍්‍රදේශයකදීම එක හා සමාන ආවරණ කලාපයක සිටීමේ භාග්‍යය හිමිවෙයි. දැනට ප‍්‍රශ්නයක් වී ඇති රූපවාහිනි ඇන්ටෙනා විවිධ පැතිවලට හරවමින් එක් එක් නාලිකා බලන්නට මහජනතාවට සිදුවී ඇති හිරිහැරයට විසදුමක් දිය හැක්කේ ද නියාමන කොමිසමට පමණකි. මෙවැනි ප‍්‍රායෝගික අවස්ථා ගැන පුලූල්ව කරුණු අධ්‍යයනය කර විසදුම් නිර්මාණය කරන්නට හැකි නියාමන කොමිසම ස්ථාවර ගාස්තු වැනි යල් පැන ගිය පටු තීරණයකට අවතීර්ණ වීම ගැටලූවකි.

01.08.2010 - රාවය - පුද්ගලීකකරණය ගැන යළි ආපසු හැරී බලන්නට අවස්ථාවක්


මෙරට අලාභ ලබන රාජ්‍ය ආයතන ගැන යළි කතා බහක් ඇතිවන්නට පටන් ගෙන තිබේ. රාජ්‍ය පෞද්ගලික ආයෝජනය සදහා ඉඩ ලැබෙන සංස්ථාවක් පිහිටුවීම ගැන අදහසක් ද ඇත. මේ සියල්ල මතුවන්නේ මහින්ද චින්තන සංකල්පය අනුව රජයේ දේපොල විකුණන්නේ නැති බව ප‍්‍රකාශ වන අතරය. මැතිවරණ වේදිකාවේ දී රටේ සම්පත් කුණු කොල්ලයට විකුණන බවට එකිනෙකාට චෝදනා කර ගන්නා නමුත් ආණ්ඩුවකට මෙම රටේ සම්පත් ආරක්ෂා කර පවත්වාගෙන යන්නට දරන්නට ඇති අමාරුව දන්නේ මහා භාණ්ඩාගාරය පමණකි.

මේ අවුරුද්දේ රජය පොහොර සහනාධාරය වෙනුවෙන් රු. බිලියන 30 ක් වැය කරයි. අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් සමෘද්ධි සහන දෙන්නට වෙන් කර ඇති මුදල රු. බිලියන 35 කි. අලාභ ලබන රජයේ ආයතන වෙනුවෙන් භාණ්ඩාගාරය වෙන් කර ඇති මුදල රු. බිලියන 42.2 ක් බව දැක්වේ. රජයේ ආයතන විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් ගන්නා ණය හා ඒ වෙනුවෙන් ගෙවන අතිරේක වැයක් ඇත්නම් එය මෙයට ඇතුලත් නැත. මහජනතාවගෙන් බදු වශයෙන් රුපියලක් උපයා ගන්නට භාණ්ඩාගාරය ගන්නා වෙහෙස දන්නේ ඔවුන් පමණකි. එහෙත් ඒ මුදල් ලෙහෙසියෙන් වියදම් කරන්නට ආණ්ඩුවේ ඕනෑම ආයතනයක් සූදානම්ය. නිදහස ලැබූ දා පටන් ම පැවතුනේ මේ ක‍්‍රමයයි.

ආර්ථිකය ගැන සැලැස්මක් නැතිව දිගින් දිගටම ණය ගනිමින් රාජ්‍ය ආයතන නඩත්තු කරන ආකාරය දෙස අවධානයෙන් බලා සිටි ලෝක බැංකුව 1987 වසරේ දී රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය කළ යුතු බවට මුලින්ම යෝජනා කළේය. රජය එය ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගත්තේය. එයින් වසර දෙකකට පසු අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන සොයා බලා තීන්දු ගැනීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලද අතර අවුරුදු පහක් ඇතුලත ප‍්‍රවාහන, වැවිලි ඇතුලූ ආයතන 43 ක් පෞද්ගලීකකරණය කිරීමට රජය සමත්විය.

ජනාධිපති කොමිසමක් පත් කරන විට විද්වතුන් සේවකයන් හා වෘත්තිය සමිති එකතු වී ඔබ සතුකරණය වැනි සිත්ගන්නා සංකල්ප වලින් සේවකයන්ට කොටස් හා වන්දි ගෙවමින් දිගින් දිගටම පාඩු ලබමින් සිටි රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පැවරීම වේගවත්වූ අතර 1997 වසර අවසානයේ දී මහජනතාවට දැනෙන ගුවන් සේවය, ටෙලිකොම් හා ගෑස් ඇතුලූ ව්‍යාපාර සමග පෞද්ගලීකකරණය කරන ලද ව්‍යවසාය ගණන හැත්තෑ පහක් දක්වා ඉහල ගියේය. මේ අතරවාරයේ පෞද්ගලීකකරණ වැඩසටහන විධිමත්ව කරගෙන යාම උදෙසා කැබිනට් අනුමැතිය ඇතිව 1995 වසරේ දී රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ කොමිසම ස්ථාපිත කරන ලද බව ද අමතක කළයුතු නැත. රජයේ තොරතුරු වලට අනුව 1997 වසර අවසන් වන විට එතෙක් ආණ්ඩුවේ අයවැය ලේඛනයට බරක්ව තිබුණ ආයතන දෙස් විදෙස් ආයෝජකයන්ට විකිණීමෙන් හා කලමනාකරණය පැවරීමෙන් රු. බිලියන 47.3 ක් නොඑසේනම් ඇමරිකානු ඩොලර් මිලියන 715 ක් උපයා ගන්නට හැකිවිය. මෙම ව්‍යවසාය නැවත පණ ගැන්විම සදහා විදේශ රටවලින් මෙරටට ගලා ආ ආයෝජනවල වටිනාකම් ඇමරිකානු ඩොලර් මිලියන 465 කි. ආදායමක් ලබන අතර තවත් විනිමය රටට ගෙනැවිත් නැවත පණ ගන්වන ලද එතෙක් අලාභ ලබමින් තිබුණ ආයතන හෙයින් රටේ ණය බර අඩු වූ අතර ගෙවුම් ශෙෂ පරතරය අඩු වී වාසි දායක බවක් ඇති කළේය. රජයේ ණය පොලී අඩුවූ අතර ව්‍යාපාර වලින් ලැබෙන බදු රජයේ ආදායමට එකතු විය. වෘත්තීය සමිති දක්වන අන්දමට මෙම ආයතන වල සේවය කරමින් රජයේ වැටුප් ලබමින් සිටි පණස් දහසකට පමණ රුකියා අහිමි වූ අතර හැම පුද්ගලයෙකුටම වන්දියක් ගෙවීය. මේ පුද්ගලයන්ට වන්දි මුදල් වලින් ව්‍යාපාරයක් හෝ වත්කමක් මිලදී ගන්නට අවස්ථාව උදාවූ අතර වෙන සමාගමක රුකියාව කරන්නට ද ඉඩ කඩ ලැබිණ. පුද්ගලීකරණය සිදුවන පරිවර්තන කාලය තුළ සමාජ ප‍්‍රශ්න ඇති කරන ලද අතර ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ විසින් ඇති කරන ලද මහජන මතය නිසා මෙය රටට විනාශය අත්කරන රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමක් ලෙස මහජනතාව සිතන්නට පටන් ගත්තේය. කොමිස්, වංචා හා දුෂණ වැනි වචන ද එයින් පසු කොමිෂන් සභා පත්කර ඇත්ත හොයන ස්වභාවය දක්වා පෞද්ගලීකරණය බරපතල ප‍්‍රශ්නයක් කළේය.

මේ කාලයේ ලෝකයේ නොයෙක් රටවල මෙකී ප‍්‍රතිපත්තිය පිළිගෙන තිබිණ. රජයේ තීන්දු ගැනීමේ විලාශය හා තරගකාරීත්වයට මුහුණ දිය හැකි කාර්යක්ෂම පාලනයක් නොමැතිවීම නිසා එයටහපන්කම් පෙන්වන පුද්ගලික අංශයට ව්‍යාපාර මෙහෙයවීම පවරන ලද අතර එයින් රුකියා අවස්ථා ලාභ හා බදු ආදායම ජාතික ආදායමට එකතු වූයේය. මැලේසියාව, සිංගප්පූරුව හා ඉන්දියාව පවා මෙම අත්දැකීමෙන් සාර්ථකත්වය ලැබීය. දේශපාලනය අනුව තීන්දු ගන්නා ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට මෙරට ආයතන පාලනය කරගත නොහැකි වූ නමුත් ඉන්දියන් ඔයිල් වැනි එරට රජය සතු ව්‍යවසාය ලෝකයේ ඉසුරුමත්ම සමාගම් 500 අතරට ගෙන ගියේ රජයේ නිලධාරීන් ගේ පාලනයෙන් බවද සදහන් කළ යුතුය. එහි ඇත්තේ දේශපාලන මැදිහත්වීමෙන් අකාර්යක්ෂම පාලනය හා කාර්යක්ෂමව තීන්දු ගැනීම නිසා ඉන්දීය සමාගම් ලෝකයේ පළමු තැනට පත්වූ බවයි.
ආණ්ඩු වෙනස් වන විට රටේ ප‍්‍රතිපත්ති වෙනස් වෙයි. එයට මග පෑදෙන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම සදහා දේශපාලන වේදිකාවේ දී කරන කතා අනුවය. රටේ සම්පත් විකුණා දැමීම ගැන චෝදනා කළ අයට බලයට පත්වූ පසු ඒවා ප‍්‍රසිද්ධීයේ විකුනා දැමිය නොහැකිය. මේ නිසා 2004 වසරේ දී උපායශීලී ව්‍යාපාර කළමණාකරන ඒජන්සිය පිහිටුවන ලද අතර එයින් ‘‘විකුණා දමන්නට’’ තීන්දු කර තිබුණ ආයතන කළමණාකරනය කර ලාභ ලබන තත්ත්වයට පත් කළේය. මහජන බැංකුව මෙම ඉරණමට මුහුණ දුන් අතර එය ප‍්‍රතිසංස්කරණයවිය. මහජනතාවගේ තැන්පතු වලට සියයට හයක සිට අටක දක්වා පොලියක් ගෙවන අතර සියයට විසි එකක සිට විසි පහ දක්වා ණය පොලී ආදායමක් ලබන බැංකුවකට යළි ගොඩ එන්නට අලූත් මාවතක් අවශ්‍ය නැත. මේ වාසියේ පිහිටෙන් පෞද්ගලික බැංකු අවුරුදු පතා රුපියල් බිලියන ගණන් ලාභ උපයති. මෙම ආයතනය මෑතක දී ඇඹිලිපිටිය කඩදාසි කම්හල රජයේ මැදිහත්වීමෙන් යලි පණ ගැන්වීය. රජය යෙදවූ මුදල රු. මිලියන 250 කි. තවත් මිලියන 90 ක හි`ග විදුලි බිලක් සහිතව මාස තුනක් ඇතුලත එය වැසී ඇත. වාලච්චනෙයි කඩදාසි, කන්තලේ සීනි යන කම්හල් යළි බල ගන්වන්නට මේ කමිටුව උනන්දුවෙයි. රජයට කොපමණ මුදලක් වැය කරන්නට සිදුවනු ඇත්ද? මේවා ව්‍යාපාරිකයන්ගේ මුදල් නොව මහජන මුදල්ය. බිලියන දහයක් අලාභ ලබන ශ‍්‍රි ලන්කන් ආපසු රටට අත්පත් කරගත්තේ හා ෂෙල් සමාගම මුදල් ගෙවා ආපසු ගන්නට උත්සාහ කරන්නේ රටේ සම්පත් ආපසු දිනා ගැනීමක් හැටියටය.

නිදහස ලබා හැට අවුරුද්දකට පසුවත් අත්හදා බලමින් එකිනෙකාට චෝදනා කරමින් සිටීමට වඩා සියයට දහයක ට වඩා ආර්ථීක වර්ධනයක් ගැනීමට ගත යුතු මග කුමක්දැයි සිතා බැලීම වටී.



-මිණිසර