Do you like to read weekly my Econocolama

Monday, August 30, 2010

29.08.2010- රාවය - පොලී අනුපාත අඩුවීමේ වාසිය හිමි විය යුත්තේ ව්‍යවසායකයන්ටය.

පොලී අනුපාත අඩුවීමේ වාසිය හිමි විය යුත්තේ ව්‍යවසායකයන්ටය.
-මිණිසර

ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙරට බැංකු හා මූල්‍ය පද්ධතිය දෙස අවධානයෙන් සිටී. බැංකු අතර බැංකුව වශයෙන් කි‍්‍රයාකරන්නේ ද මහ බැංකුවයි. වානිජ බැංකු වල අතිරික්ත මුදල් නිතිපතා මහ බැංකුවේ තැන්පත් කළ හැකිය. ඒ වෙනුවෙන් යම් පොලියක් ගෙවයි. එපමණක් නොවේ යම් අවස්ථාවක කිසියම් වානිජ බැංකුවකට මුදල් අවශ්‍යතාවයක් ඇතිවන විට මහ බැංකුවෙන් තාවකාලිකව ණය පහසුවක් සපයා ගත හැකිය. බැංකුවලින් මුදල් මිලදී ගැනීම හා බැංකු විසින් සිය අවශ්‍යතා වලට මුදල් ප‍්‍රති මිලදී ගැනීම වෙනුවෙන් පොලී අනුපාතයක් තිබේ.


මෑතක දී යළිත් වතාවක් මහ බැංකුව විසින් සිය ප‍්‍රතිවිකුණුම් පොලී අනුපාතය පහත දමන්නට තීරණය කළේය. දැන් මහ බැංකුවේ ප‍්‍රති විකිණුමු පොලී අනුපාතය සියයට 7.25 කි. සියයට 0.50 කින් අඩු කරන ලද පොලී අනුපාත සම්බන්ධ සම්පූර්ණ වාසිය මහජනතාවට ලැබෙනු ඇති බව මහ බැංකුව ප‍්‍රකාශ කරයි. මෙවැනි අනුපාතය අඩු කරන්නට තීරණය කරන ලද්දේ මහ බැංකුව අවස්ථා කිහිපයක දී පොලී අනුපාත අඩු කළත් එහි සම්පූර්ණ වාසිය බැංකු සමග ගනුදෙනු කරන සාමාන්‍ය ජනතාවට නොලැබෙන බව පෙනී ගොස් ඇති හෙයිනි.
රටක් සංවර්ධනය වන විට පොලී අනුපාත පහල මට්ටමක තිබීම වැදගත්ය. එවිට ඉතිරි කිරීම් අඩු වී පාරිභෝජනය වැඩි වෙයි. අඩු පොලී මට්ටම් වලට බැංකු වලින් ණය ගන්නට හැකියාව ලැබෙන විට එම මුදල් ප‍්‍රාග්ධනය වශයෙන් පාවිච්චිකර අලූත් ව්‍යාපාර ආරම්භ කරන්නට ඉඩකඩ සැලසෙයි. පාරිභෝජනය වැඩි විය යුතු නමුත් ඉතිරි කිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගන්නට අපොහොසත් වන්නේ නම් අලූත් ආයෝජන වෙනුවෙන් ප‍්‍රාග්ධනය සොයා ගැනීමේ අපහසුව ඇති වෙයි. රටක පොලී අනුපාත අඩු ප‍්‍රතිශතයක තිබිය යුතු සේම ඉහල ඉතුරුම් අනුපාතයක් ද සමබරව පවත්වාගෙන යා හැකිනම් එය රට තුළ පවතින යහපත් ආර්ථීක කළමණාකරණය ගැන වැදගත් දර්ශකයකි.


වානිජ බැංකු පවත්වා ගෙන යන්නේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේය. ඉතිරි කිරීම් ආකර්ශනය කර ගැනීමට මෙන්ම ලබා ගන්නා මහජනතාවගේ ඉතිරි කිරීම් යළි වෙනත් පුද්ගලයන්ට ණය දීමෙන් හෝ වෙනත් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් බැංකු විසින් ආදායමක් උපයා ගනී. එම ආදායම තැන්පතුකරුවන්ගේ තැන්පත් පොලී හා බැංකුවල මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යෙදවේ. ශ‍්‍රි ලංකාවේ වානිජ බැංකු අතර තැන්පත් පොලිය හා ණය පොලිය අතර අනුපාතය පවතින්නේ ඉතා ඉහල පරතරයකය. වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් තරගකාරී වානිජ බැංකු පද්ධති පවතින රටක ඉතුරුම් හා ණය පොලී අනුපාත අතර වෙනස සියයට 0.5 ක අවමයක සිට සියයට 4 ක උපරිමය දක්වා වෙයි. නමුත් ශ‍්‍රි ලංකාවේ වානිජ බැංකුවක සියයට හයක හෝ හතක පොලියකට ඉතුරුම් ගිණුමක් අරඹන තැන්පතුකරුවෙකු එම බැංකුවෙන් ම ණයක් අයදුම් කළහොත් ඒ ණය මුදල වෙනුවෙන් ගෙවන්නට සිදුවන පොලිය සියයට 20-25 අතර එකකි. එපමණක් නොවේ, අයදුම් කරන ණය මුදල වෙනුවෙන් අවශ්‍ය ලියැකියැවිලි හා වෙනත් ගාස්තු සියල්ලම ද ණය අයදුම් කරන්නා විසින් බැංකුවට ගෙවිය යුතුය. ඒ අනුව දේපොලක් හෝ පුද්ගලික ඇප මත අවදානමක් ද රහිතව ණය පිලියෙල කිරීමේ ගාස්තු ද අයකරගෙන ණය නිකුත් කරන මෙරට වානිජ බැංකු මෙම වැඩි පොලී අනුපාත වලින් අති විශාල ලාභයක් ලබයි. පසුගිය අවුරුද්දේ පමණක් නොව මේ අවුරුද්දේ පළමු භාගයේ ද මෙරට සියලූම බැංකු ලාභ ලබා ඇත්තේ රුපියල් බිලියන ගණනින්ය. අඩු පොලියට මහජනතාවගේ තැන්පතු ලබා ගෙන වැඩි පොලියට මහජනතාවටම නිකුත් කරන ව්‍යාපාරයකින් එවැනි ලාභ ඉපැයීමක් අපේක්ෂා කළ යුතුය. එපමණක් නොවේ මෑතක් වන තුරු කිසිදු අවදානමක් නැතිව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙනි සියයට පහලොව ඉක්මවන වාර්ෂික පොලියක් ලබන්නටත් වානිජ බැංකු හුරුවී සිටි බව ස`දහන් කළ යුතුව තිබේ.


රජයේ පමණක් නොව පෞද්ගලික අංශයේ බැංකු පවා ඉහල පරතරයක් ඇති පොලි අනුපාත පවත්වාගෙන යමින් මහජනතාවට නව ව්‍යාපාර වෙනුවෙන් ණය නිකුත් කිරීම වෙනුවට භාන්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරමින් ගෙන ගිය වැඩ පිලිවෙල නිසා රටට යහපතක් අත්වූයේ නැත. සිදුවූ එකම කාරණය භාණ්ඩාගාර බිල්පත් මත රජය ලබා ගන්නා ණය හෙයින් උද්ධමනය වැඩිවීම පමණකි. මේ අවුරුද්දේ අයවැය මගින් ද විදේශීය ව රුපියල් බිලියන 123.5 ක් ණය ගන්නා විට දේශීයව රුපියල් බිලියන 315.3 ක් ණය ගෙන අය වැය හිගය පියවන්නට සැලසුම් කර තිබේ. විදේශීයව ණය හා ආධාර ලැබීම් හා උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් දේශීය ණය ගැනීම සීමා කිරීමට රජය අවධානය යොමු කිරීම නිසා මේ වන විට භාණ්ඩාගාර බිල්පත් මත සාමාන්‍ය පොලි අනුපාතය සියයට අටකට ආසන්න මට්ටමක් දක්වා අඩු වී තිබේ. මෙය යහපත් තත්ත්වයකි. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ මෙම අඩු පොලී අනුපාත සමග මෙරට උද්ධමනය පහල යා යුතු අතර වානිජ බැංකු විසින් ගණුදෙණුකරුවන්ට නව ආයෝජන වෙනුවෙන් අරමුදල් නිකුත් කරන ප‍්‍රවණතාවය ඉහලයාම අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි.


මහ බැංකු ප‍්‍රති විකිණුම් හා ප‍්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාත අඩුකරමින් අවස්ථා ගණනාවක දී රජය වානිජ බැංකු පොලී අනුපාත අඩු විය යුතු බවට ඉ`ගි කරන ලද්දේය. රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා වරක් බැංකු වලට කෙලින්ම කියා සිටියේ නිවාස ණය වෙනුවෙන් අඩු පොලී අනුපාත පැවතිය යුතු බවය. එහෙත් බැංකු තවමත් නිවාස ණය වෙනුවෙන් පවා අයකරන්නේ සියයට 15-18 අතර වැඩි පොලියකි. ආදායමක් උපයන්නේ නැති මහජනතාව විසින් ස්වකීය ඉපැයීම් වලින් වාරික ගෙවිය යුතු මෙවැනි ණය වෙනුවෙන් වෙනත් රටවල විශේෂ සහන පවා ඇති නමුත් මෙරට රජයට අයත් නිවාස බැංකු පවා වානිජ බැංකු හා තරගකාරී ලෙස මහජනතාවගෙන් වැඩි පොලී අයකරමින් සිටී. එපමණක් නොවේ මහ බැංකුව පොලී අඩුවන ලෙස සිය විකිනුම් හා ප‍්‍රති විකුණුම් පොලී අඩු කරන නමුත් තැන්පතු හිමියන්ට ගෙවන පොලිය පමණක් අඩුවන පරිදි කි‍්‍රයා කිරීම නිසා විශ‍්‍රාමිකයන් විසින් තැන්පත් කර ඇති මුදල් වලට ලැබෙන ආදායම අඩුවීමෙන් සමාජ ප‍්‍රශ්නයක් ද ඇති වූ අතර රජය එයට විසදුමක් ලබා දුන්නේ ජ්‍යෙශ්ඨ පුරවැසියන්ට අතිරේක බෝනස් ක‍්‍රමයක් හදුන්වා දෙමින් වන අතර එය අසාර්ථක හා තවත් ප‍්‍රශ්න ඇති කළ අවස්ථාවක් වශයෙන් මෙරට මූල්‍ය අංශ පීඩාවට පත් කර තිබේ. මෙවර ද ණය පොලී අනුපාත අඩු විය යුතු බව මහ බැංකුව කෙලින්ම කියයි. එසේ නමුත් ස්වකීය ණයකරුවන්ගෙන් අඩු පොලියක් අයකරන්නට වානිජ බැංකු සූදානම් නැත. මෙරට වානිජ බැංකු වල ගිණුම් වාර්තා පරීක්ෂා කර බලන විට එහි ලාභ බිලියන ගණන් දක්වා වැඩි වීමෙන් පෙන්වන්නේ පහසුවෙන් ණය පොලිය අඩු කර මහජනතාවට බැංකු හරහා ණය ගෙන නව ව්‍යවසායකත්ව ජාලයක් ඇති කරන්නට හො`දටම ඉඩකඩ පවතින බවයි. එනමුත් වානිජ බැංකු මෙරට බැංකු පද්ධතියේ පවතින ඒකාධිකාරී හා විෂම චක‍්‍රය උපයෝගී කර ගනිමින් අධික ලාභ උපයමින් මහජනතාවගේ තැන්පතු මත වාසි අත්කර ගිනිමින් සිටිනව විනා සංවර්ධන යුගයක වානිජ බැංකු වලින් ඉටුවිය යුතු වගකීම ඉටු කරන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැත.


මහ බැංකුවට තව තවත් සිය පොලී අනුපාත අඩු කළ හැකිය. එවිට සිදුවන්නේ මහජනතාව ඉතිරි කිරීම් කෙරෙහි අධෛර්යවත් වීමය. දැනටත් එය සිදුවෙමින් පවතී. තැන්පතු හා ණය පොලී අතර යම් විනයක් ඇති කරන්නට තවදුරටත් අපොහොසත්වීම ආර්ථිකයේ සමබරතාවයට අහිතකරය.

Tuesday, August 17, 2010

2010.08.22- රාවය- රුකියාවක් වෙනුවෙන් කොරියානු බස ඉගැනීම ආසියාවේ ආශ්චර්යය නම් නොවේ.

මහින්ද චින්තනය ඉදිරි දැක්ම වැඩ පිලිවෙල ඉදිරිපත් වූයේ පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන්ය. එහි සදහන් වූ ඉතා වැදගත් උදාන පාඨයක් රජයේ ආයතන විසින් ඉතාමත් කෙටි කාලයක් තුළ සහමුලින්ම අමතක කර දමා තිබේ. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ‘‘රට හැර යන්නන්ගේ දේශයක් නොව, රට හැර ගිය පිරිස් පවා ආපසු කැදවන රටක්’’ බිහි කරන බවය. එය මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ සටහනේ දැක්වෙයි. එපමණක් නොවේ, ජනාධිපතිවරයා සිය ජයග‍්‍රහණයෙන් අනතුරුව විවෘත ආරාධනයක් කරමින් රට ගොඩ නගන්නට ආපසු පැමිණ තමන් හා එකතුවන ලෙස සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.


පසුගියදා මාධ්‍ය වාර්තා කළ පරිදි විදේශ රුකියා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අලූයම දෙකේ සිට පෝලිම් ගැසී සිටි තරුණ තරුණියන් ගේ අරමුණ වූයේ රුපියල් එක්දහස් පන්සියයක් ගෙවා අයදුම්පත‍්‍රයක් මිලයට ගෙන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට ඉදිරිපත් වීමයි. කාර්යාංශයේ නිලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත්තේ බිය විය යුතු නැති අතර ඇති තරම් අයදුම්පත් නිකුත් කරන බවයි. එසේම දැනටමත් තිස් දහසකට ආසන්න පිරිසක් මෙම අයදුම්පත් මිලයට ගෙන ඇත. නිලධාරියා ගේ ප‍්‍රකාශයට අනුව සමත්වන පන්දහසකගේ නම් ප‍්‍රකාශයට පත් කරනු ඇත. ඉංග‍්‍රීසි හෝ දෙමළ ඉගෙන ගන්නට උනන්දුවක් නැති මෙම තරුණ පිරිස රටේ නායකයාගේ ප‍්‍රකාශය නොසලකා නිලධාරීන් පවත්වන කොරියානු භාෂා විභාගයට පාන්දර සිට පෝලිමට එකතු වන්නට ඇත්තේ භාෂාව ඉගෙන ගන්නට තවත් දස දහස් ගණනින් මුදල් වැය කර අවසානයේ බව පැහැදිලිය. කොළඹ අපවිත‍්‍ර මුඩුක්කු කොරියාව යැයි අදත් හදුන්වන බව මේ තරුණන් නොදන්නවා විය නොහැකිය.


1960 වකවානුවේ තායිවානය, මලයාසියාව ශ‍්‍රී ලංකාව ඇතුලූ ආසියාවේ රටවල් ගණනාවක් පසුවූයේ ඒක පුද්ගල ආදායම අතින් ඇමරිකානු ඩොලර් 160 උපයන මට්ටමකය. කොරියාව පසුවූයේ එයටත් පහල දරිද්‍රතා සීමාවකය. පසුගිය දශක කිහිපය තුළ කොරියාව කාර්මික හා කෘෂිකාර්මික අතින් දියුණුවක් ලැබීය. අදත් ලංකාවේ මුඩුක්කු කොරියාව හැටියට හ`දුන්වන නමුත් හැබෑවටම අපේ තරුණන් කොරියාවට යන්නට උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකාව දියුණු නොවී කොරියාව දියුණු වූ බව අවබෝධ කරගෙන ඇති හෙයිනි.


කොරියාවේ ඇත්තේ පහසු රුකියා නොවේ. එරට ශ‍්‍රම බලකාය විසින් ප‍්‍රතික්ශේප කරන සේවා ඉටු කර ගන්නට කොරියානු රජය ආසියානු රටවලින් ලාභ ශ‍්‍රමිකයන් ගෙන්වා ගනියි. තද නීති හා වෙනස් කාලගුණය යටතේ අධික වෙහෙසක් දරා වැඩ කරන්නට සූදානමක් කොරියාවේ රුකියා අපේක්ෂා කරන්නන්ට තිබිය යුතු අනිවාර්ය සුදුසුකමකි. දස දහස් ගණනින් ධෛර්යවන්ත තරුණන් පාන්දර සිට පෝලිම් ගැසී, අලූත් භාෂාවක් ඉගෙනගෙන කවර වේදනාවක් හෝ දරමින් යමක් උපයා ගන්නට තතනන විට මේ ලාංකික දරුවන් වෙනුවෙන් අලූත් සැලසුමක් සකස් කළ යුතු යැයි මෙරට බලධාරීන්ට නොපෙනෙන්නේ මන්ද?


ශ‍්‍රමය පදනම් කරගත් විදේශ රුකියාවක් යනු නූතන වහල් සේවයකි. කම්හල් විසින් අඩු වැටුපකට විදේශීක ශ‍්‍රමය කැදවන අතර එහි ලාභයෙන් දියුණු වන්නේ ඒ රටවල සමාගම් හා ඒ රටේ ආර්ථීකයයි. වෙහෙස වී උපයා ගන්නා මුදලක් ඇත්නම් රටට එවන අතර විදේශ රුකියා කරන පිරිස් රටට එවන මුදල අද ශ‍්‍රී ලංකාවේ විනිමය ඉපැයීමේ ප‍්‍රධානම ආදායම් මාර්ගයයි. පසුගිය වසරේ එයින් උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කි. ශ‍්‍රි ලංකාවට මේ ආදායම උපයා දෙන ලාංකිකයන් ගෙන් සියයට අසූ පහක් වෘත්තීය පසුබිමක් රහිත මැදපෙරදිග හා ආසියානු රටවල මෙහෙකාර ඇතුලූ සුලූ රුකියාවන්හි නිරතව සිටිති. ලංකාව හැරුණ විට මෙවැනි ශ‍්‍රමයකින් වැඩි ආදායමක් උපයා ගන්නේ පිලිපීනය වන අතර පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් උපයා ගත් පිලිපීනය වෘත්තීය පුහුණුව නැති ශ‍්‍රමිකයන්ට විදේශ ගතවීම මේ වන විට ප‍්‍රතිපත්තියක් වශයෙන් තහනම් කර තිබේ.


ලෝකයේ උතුම් රට වශයෙන් විරුදාවලි ලැබ මෑතක දී භයානක ත‍්‍රස්තවාදය පරදවා සිටින ශ‍්‍රී ලංකාව පිලිපීනය අත්හැර දමන වෘත්තීය පුහුණුවක් නැති ශ‍්‍රමිකයන් රට යවා ඩොලර් උපයන්නට මහන්සිවන දේශය හැටියට අනාගත දිනක ජාත්‍යන්තරයේ ප‍්‍රසිද්ධ විය යුතු නැත. විදේශ රුකියා කිරීම අතහැර රට වෙනුවෙන් වැඩ කරන තරුණ පිරිසක් ගොඩනගන්නට බලධාරීන් වහා අවශ්‍ය පියවර ගත යුතුය. අධයාපනය අවසන් කරන ලද ලක්ෂ ගණන් තරුණ තරුණියන් රට පුරා සිටී. ඔවුන්ට රජයේ රුකියා සැපයීම එකම උත්තරය නොවේ. අලූයම සිට පෝලිමේ සිටිමින් වෙනත් භාෂා පවා ඉගෙන ගනිමින් පෙන්වන කුසලතාව සැලකිල්ලට ගත යුතුය. මෙම පිරිසට සුලූ හෝ අවස්ථාවක් දිය හැකිනම් ඔවුන් දවසක රටේ ආඩම්බරයට හේතුවන තරුණන් බවට පත්වනු නිසැකය.


මෙම කරුණන්ට බැංකුවකින් ණයක් දෙන්නේ නැත. සුලූ හෝ ඉඩම් කැබැල්ලක් නැත. අලූත් අදහසක් ව්‍යාපාරයක් ගැන සංකල්පයක් ඇති වුවහොත් කියන්නට කෙනෙක් නැත. තම හැකියාව ගැන කියා ඉඩමක් හෝ ණයක් ඉල්ලා ඒ හැකියාව අනුව අභිමානයෙන් යමක් කරන්නට මේ කොරියාවට යන ඕනෑම තරුණයෙකු සූදානම් බව තේරුම් ගන්නට විශේෂ පර්යේෂණ අනවශ්‍යය. චරිත රත්වත්ත මහතා සභාපතිව සිටි අවධියේ ජාතික තරුණ සේවා සභාව තරුණන්ගේම රුපියල් දහය බැගින් කොටස් අලෙවි කර නිස්කෝ අරමුදලක් ගොඩ නගා තරුණන්ට ස්වයං රුකියා දෙන වැඩ පිළිවෙලක් අරඹන ලදී. එය සාර්ථක විය. වානිජ බැංකු විසින් ණයක් දෙන්නට වත්කම් හොයන යුගයක හැකියාව අනුව ණය නිකුත් කළ නිස්කෝ වැඩ පිලිවෙලට පසුව වානිජ බැංකු එකතු වූ අතර මේ නිසා රට පුරා ලක්ෂ ගණනින් සුලූ ව්‍යාපාරිකයන් බිහිවූ අතර පසුව එය කොතරම් ප‍්‍රබල බලවේගයක් වූයේ ද යත් ණය දෙන්නට ඉදිරිපත් නොවූ ප‍්‍රකට රජයේ බැංකුවක් පසුව එම ව්‍යවසායකයන් ගේ නිෂ්පාදන විකුණන්නට කොළඹ යුනියන් පෙදෙසේ විශාල භූමියක් විවෘත පොලක් බවට පරිවර්තනය කරන්නට ඉදිරිපත්විය. මේවා ලංකාවේ සාර්ථකත්වය ගැන අත්දැකීමිය. මේ දක්ෂ නිලධාරී කණ්ඩායම තරුණ සේවා සභාවට අහිමි වීම සමග දැන් ඒ නිස්කෝ සමුපකාරයේ අරමුදල් පවා අතුරුදහන්ව බවට සැකයක් නැත.


වර්තමානයේ විදේශ රුකියා නියුක්ති කාර්යාංශය වසා දමා නව තරුණ නියුක්ති කාර්යංශයක් ජාතික වැදගත්කමක් සේ සලකා වහාම ආරම්භ කළ යුතුය. තරුණන්ගේ දක්ෂතා හ`දුනාගෙන, ඔවුන්ගේ කැපවීම හා ධෛර්යය අනුව මෙරට තුළ යමක් නිපදවන සේවාවක් ආරම්භ කරන හෝ වෙළදාමක් මගින් ජීවිතය ජය ගන්නට අවස්ථාව සැක සිය යුතුය. එවිට පිටරටින් එන ඩොලර් බිලියන ගණනට වඩා දේශීයව විශාල සංවර්ධනයක් සිදුවනු නොඅනුමානය. එදා ශ‍්‍රී ලංකාවට පහලින් සිටි ආසියාවේ සියලූම රටවල් ඉදිරියට පැමිණියේ මෙවැනි අලූත් ව්‍යාපාර මගින් විනා කොරියාවේ හෝ මැදපෙරදිග රුකියා මගින් වැඩි වැඩියෙන් විනිමය ඉපැයීමෙන් නොවේ.

-මිණිසර

Thursday, August 12, 2010

2010.08.16-රාවය -ආර්ථිකය පාලනය කිරීමට ගන්නා තීන්දු හා එහි බලපෑම

විවෘත ආර්ථිකයක් පවතින විට රජයකට කළ හැකි දෙයක් තිබිය යුතු නැත. රජය මැදිහත්වීම අවශ්යැ වන්නේ ආර්ථිකයේ රාමුව සකස් කිරීම සම්බන්ධයෙන් පමණකි. රාමුවට එපිටින් ආර්ථිකය ගමන් කරන බව පෙනෙන විට එයට එරෙහිව යන්නන් කොටුකර ගැනීමට නීතිය හා විධි විධාන තිබේ. මේ නීති හා විධි විධාන පැවතිය යුතු තමන්ට හිතවත් පුද්ගලයා ආරක්ෂා කරන හා තමන්ට එරෙහි වන්නා මැඩ පවත්වන අන්දමට නොවේ.


විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් අවුරුදු තිස් දෙකක අත්දැකීම් රටට ඇත. එහෙත් තවමත් මේ ආර්ථිකය තමන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යා හැකියයි සිතන්නේ නම් බරපතල වරදකි. ඉල්ලූම හා සැපයුම යන මූලික සිද්ධාන්තයනට අවනතව තරගකාරීත්වයයටතේ මෙම ආර්ථිකයට තවත් වැඩෙන්නට ඉඩ දිය යුතු වෙයි. යුධමය පරිසරය යටතේ අනේක විධ බාධාවන්ට යටත් වන්නට සිදුවූ ව්යාෙපාර හිස ඔසවන විට එහි පාලනයට මැදිහත්වීම ද ආණ්ඩුවක කාර්යයට අයත්විය යුතු නැත.


මේ මූලික කරුණු සදහන් කරන්නට සිදුවූයේ ඇයි? නියම් හා අනියම් අන්දමට ආර්ථිකය කලමණාකරණය කරන්නට කිරේ ඇයා කරන බව පෙනෙන නිසාය. රක්ෂණ අංශයේ තරගකාරීත්වයක් ඇතිවෙමින් පවතින අවස්ථාවේ එහි තරගකාරී බව පරශයේශ්නයක් කරමින් මෙරට විශාලම රක්ෂණායතනය රජයට යළි අයත්විය. එසේ නොවුනානම් වෙළ`දපොළ දිනා ගන්නට ඇති වන ආයතන අතර තරගයෙන් වාසි සිදුවන්නේ පාරිභෝගිකයන්ටය. පරන ධාන රක්ෂණ ආයතන පුද්ගලික අංශය සතුව පැවති අවස්ථාවේ තිබුණ ආකර්ශණීයත්වය දැන් නැත. දුරකථන සමාගම් අතර තරගයක් ඇති වී පාරිභෝගිකයාට වාසි සිදුවන්නට අවස්ථාව තිබියදී දුරකථන නියාමන කොමිසම මැදිහත්වී අවම ගාස්තු කර අතමයක් ඇති කළේය. එයින් යහපතක් වන්නේ කා හටද? තාවකාලිකව සමාගම් ආරක්ෂා වනු ඇත. වර්ධනය වෙමින් පැවති තොරතුරු හුවමාරු වෙළදපොළ දීර්ඝ කාලීනව පීඩාවකට ලක්ව තිබේ.


කොළඹ කොටස් වෙළද පොළ තියුණු වර්ධනයක් පෙන්නුම් කළේය. ව්යා පාරිකයන් ලාභ අපේක්ෂාවෙන් නොයෙකුත් අනිසි උපකරපැ ම භාවිතා කළේය. පාලනාධිකාරිය එකී අපහරණ මැඩලනු වෙනුවට දිනකට එක සමාගමක ගනුදෙනු විය හැකි කොටස් ගණන සීමා කළේය. පාලකයෙකුගේ සීමා අණ පණත් අනුව කොටස් මිළදී ගන්නට ආයෝජකයන් සූදානම් නැත.


වානිජ බැංකු පොලී අනුපාත වලට ආණ්ඩුව මැදිහත් විය. තැන්පතු පොලී අඩු කළේය. දැන් ස්ථාවර තැන්පතු පොලිය සියයට අට - දහය දක්වා අඩු වී තිබේ. එහෙත් ණය පොලී අනුපාතය සියයට විස්ස - විසිපහ අතරය. මහජනතාව අඩු පොලියට තැන්පත් කරන ධනය බැංකු විසින් වැඩිපුර ආයෝජනය වන්නේ භාණ්ඩාගාර බිල්පත් වල බව පෙනේ. එක දිගට රජයේ භාණ්ඩාගාර බිල්පත් වලට ඉදිරිපත් කරන පරවි මාණය මෙන් දෙතුන් ගුණයක ඉල්ලීම් ලැබේ. විශාමිකයන්ට ස්වකීය තැන්පතු මත පොලිය අඩුවන විට ඒ වෙනුවෙන් බෝනස් පොලී ගෙවා හි`ගය මහ බැංකුවෙන් ගෙවන්නට නියම විය. එය අඛණ්ඩව කරගෙන යා නොහැකි එකක් බව දැන් සනාථ වී ඇත. මෙයට කළින් ද නිවාස ණය පොලී අඩු කරන ලෙස ආණ්ඩුව නියම කළේය. එය ආණ්ඩුවේ බැංකු පවා සැලකිල්ලට ගත්තේ නැත. දැන යළිත් සියයට අට - දහය වැනි පරතරයකට නිවාස ණය නිකුත් කරන ලෙස ආණ්ඩුව කියයි. එය පරානි යෝගිකද? සේවකයන්ගේ නිවාස ණය වෙනුවෙන් වෙන් කළ හැකි අර්ථ සාධක අරමුදලේ එකතුවන මුදල් කොටස් වෙළ`දපොළ වැනි අවදානම් තැනෙක ආයෝජනය කරයි. වානිජ බැංකු වලට නිවාස ණය අඩු කරන්නට කියන්නේ ඇයි?


රාජ්ය බැංකු මහජනතාවගෙන් ණය ගනී. ලංකා බැංකුව මාස කිහිපයකට කලින් රුපියල් බිලියන පහක මුදලක් අවුරුදු පහකින් සම්පූර්ණවන ණයකර නිකුතුවක් ඉදිරිපත් කළේය. එයින් උපයා ගත් මුදල් ඔවුන් ආයෝජනය කරන්නට යන්නේ අවුරුද්දකට රු. බිලියන දහයක් පාඩු ලබන ශරි ක ලන්කන් ගුවන් සේවාවේ කොටස් රජය වෙනුවෙන් ආපසු මිලදී ගන්නටය. ගිවිසුම අවසන් වන ෂෙල් සමාගමේ කොටස් රජය වෙනුවෙන් මිලදී ගන්නට ද මේ මුදල් යොදවනු ඇත. මහජනතාවගෙන් සියයට දහයකට වැඩි වාර්ෂික පොලියකට ගන්නා මේ මුදල් ලංකා බැංකුව විසින් අවුරුදු පහක් ඇතුලත පොලිය සමග ගෙවන්නට නම් විශාල ආදායමක් උපයා ගත යුතුව තිබේ. මේ ව්යශවසාය ලංකා බැංකුවට බරක් වන විට ගොවි ණය කපා හැරියා සේ ගිණුම් පොත් වලින් ඉවත් කළ හැකිද?
අපනයනකරුවන් ඉල්ලා සිටිය දීත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ගර දීහණය කරගෙන සිටින්නට ආණ්ඩුව උනන්දුය. එයින් ණය බර හා ආනයයන වියදම් අඩු කර ගත හැකිය. ස්වභාවිකව රුපියලේ අගය ලිහිල් වෙන්නට ඉඩ දුන්නේ නම් එයින් රටට ඇතිවන අවස්ථාව අමතක කිරීම ද සුදුසු නැත.


මේ සියල්ල අවසානයේ ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව ට අනුව ජූලි මාසයේ උද්ධමන අනුපාතිකය සියයට 4.3 ක් බව කියයි. එය ජුනි මාසයේ 4.8 ක් විය. පසුගිය මාස පහ තුළ අඛණ්ඩව උද්ධමනය අඩු වූ අතර එය ආර්ථිකයේ යහපතක් බව පෙන්වන්නට උත්සාහ කරයි.
ආර්ථිකය පාලනය කිරීම අවුරුදු පහෙන් පහට බලයට පත්වන දේශපාලන පක්ෂ වලට කළ හැකි පරාපේ තිහාර්යයක් නොවේ. ඒ වෙනුවෙන් දීර්ඝ කාලීනව සිතා සැලසුම් සකස් කරන ආර්ථික විශේෂඥයන්ට අවස්ථාව තිබිය යුතුය. මහ බැංකුව දේශපාලන පාලනයෙන් තොරව ස්වාධීන ආයතනයක් විය යුතුවෙයි. එහි කිරනයෙයාකාරීත්වය විනිවිද පෙනෙන සුථ වීම වැදගත්ය. නියම තරගකාරීත්වය ඇතිවන විට විනා කෘතීම පාලනයක් මගින් සිදුවන්නේ ආර්ථිකයට එපිටින් නොපෙනෙන කලූ ආර්ථිකයක් ඇතිවීම පමණකි. එය නොපෙනේ. පවතින නීති වලට පාලනය කර ගැනීමට නොහැකිය. නොපෙනෙන කලූ ආර්ථිකය පාලනය කිරීමේ අරමුණින් නීති ගෙන එන තරමට එහි අයිතිකරුවන් එයින් මිදෙන්නට සිය බලය හා දේශපාලන හයිය පාවිච්චි කරන්නට පටන් ගනී.
යුද පරිසරයකට පසු සාමකාමී සිවිල් ජන සමාජයක් ඇතිවන විට එය ට ස්වභාවික නීතිය යටතේ පිබිදෙන්නට පටන් ගනී. ලෝකයේ කොතැනකත් සිදුවන්නේ එයයි. එයට ඉඩ දීම මැනවි. ඉඩ අවුරා නීති පනවා ස්වභාවික න්යා ය ට හරස්වන විට අවසානයේ පීඩනය යොමුවන්නේ සාමාන්ය ජනතාව වෙතටය.

-මිණිසර

Thursday, August 5, 2010

2010.08.08 - රාවය - විදේශ වෙළදාමේ ඉහල පරතරය ආර්ථීකයට බලපෑමකි.

ආනයනය කළ කුකුලූ මස් මෙටි‍්‍රක් ටොන් හාරදහස් දෙසීයක් ගැන මාධ්‍ය වාර්තා කළ අතර පසුව දැනගන්නට ලැබුනේ මෙයින් එක් කන්ටේනරයක තිබුණ මස් සෞඛ්‍ය අංශ වල අනුමැතිය රහිත හෙයින් විනාශ කළ බවය. වෙළද අමාත්‍යංශය මෙරට කුකුලූ මස් හිගයට පිළියමක් වශයෙන් පිටරටින් ගෙන්වන්නට අදහසක් ඇති බව කියා සිටි අතර එය දැනගත් වහාම කිසිදු වග විභාගයකින් තොරව මස් ආනයනය කළ ව්‍යාපාරිකයාට සිදු වූයේ අලාභයකි. අනවසර මස් තොගය විනාශ කර ඇති නමුත් රටට විනිමය අතින් සිදුවූ හානියට පිලියමක් නැත. වෙළද පොළ අවශ්‍යතාවයක් පැන නැගුණු වහා එයට යුහුසුලූ වී ලාභ ඉපැයීමට තැත් කිරීම ශූර ව්‍යාපාරික ඥානයයි. සත්ව පාලනයෙහි යෙදෙන දේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කළා නම් දින හතලිස් අටක් ඇතුලත රටට හිග කුකුලූ මස් සපයා ගන්නට හැකි වනු ඇති බව රටේ පාලකයන් නොදැන සිටි අඥානවත්තකමයි.


විවෘත ආර්ථිකයක් පවතින රටක ආනයන අපනයන සම්බන්ධයෙන් පාලනයක් පැවතීම සාධාරණ නැත. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් මෙරට ගෙවුම් ශේෂය හා විනිමය භාවිතය ගැන ගැඹුරින් සැලකිලිමත් විය යුතුය. මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා මාස පහ ඇතුලත ශ‍්‍රී ලංකාවේ වෙළද පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 2.3 දක්වා සියයට 117 කින් වැඩිවී ඇති බව මහ බැංකුවේ අලූත්ම වාර්තා පෙන්වයි.


මෙරටින් අපනයනය කරන නිෂ්පාදන වෙනුවෙන් රටට විනිමය ආදායමක් ලැබේ. එහෙත් රටට අතවශ්‍ය දේ ආනයනය කරන්නට මේ විනිමය යළි කරන්නට සිදුවේ. අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි වූ විට ඒ අතර පරතරයක් ඇතිවෙයි. කලින් වසරට සාපේක්ෂව මෙම පරතරය සියයට එකසිය දාහතකින් වැඩිවන විට එහි පීඩනය ඇතිවන්නේ විදේශ විනිමය හිගවීමෙන් රටේ ආර්ථිකය ගැටලූ සහගත තත්ත්වයට පත්වන අවස්ථාවේදීය. සීමාවකින් තොරව වාහන ගෙන්වන විට, කුකුලූ මස් ඇතුලූ රටට අනවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන විට වැය වන්නේ රටේ විදේශ විනිමයයි.


2010 වසරේ ගතවූ මාස පහ ඇතුලත මෙරට අපනයන සියයට 11 කින් වැඩිවි ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 2,926.72 කි. කෘෂිකාර්මික අපනයන මේ වෙනුවෙන් වැඩි දායකත්වයක් දක්වා තිබේ. එය ඇ. ඩොලර් මිලියන 754.7 දක්වා සියයට 27 ක වර්ධනයකි. කර්මාන්ත අපනයන ආදායම සියයට 6.5 ක ප‍්‍රගතියක් පෙන්වා ඇති අතර ඇ. ඩොලර් මිලියන 2,132.2 ක් වන එයින් ඇ. ඩොලර් මිලියන 1197 ක් ම රෙදිපිළි හා ඇගලූම් ආනයනයෙන් ලද ආදායමයි. සමස්ථයක් වශයෙන් කාර්මික අපනයන අංශය සියයට 6.5 ක ඉහල යාමක් පෙන්වන නමුත් ඇගලූම් අපනයන ආදායම සියයට 7.5 කින් අඩුවී තිබීම ද සැලකිල්ලට ගත යුතුය. මේ අතර වාරයේ ආනයන වියදම මෙම කාලය තුළ ඇ. ඩොලර් මිලියන 5,277.38 තෙක් කලින් වසරට සාපේක්ෂව සියයට 42 කින් වැඩි වී ඇත. ඛනිජ තෙල්, කිරි පිටි, සීනි, මෝටර් රථ හා මෝටර් සයිකල් ආනයනය මෙම කාලය තුළ වැඩි වී ඇති අතර ජනවාරි මැයි මාස පහ අතර අවසන් මාස දෙක තුළ මෝටර් රථ ආනයන බදු අඩු විම නිසා ආනයන විශාල වශයෙන් වැඩි වී ඇති බව ද දැක්වේ. පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට වඩා බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන වියදම ඇ. ඩොලර් 66 ක සිට 81 දක්වා වැඩි වි ඇති අතර වාහන ආනයනය වැඩි වීම සමග ඉදිරියේදී මෙරට ඛනිජ තෙල් අවශ්‍යතා ඉහල යනු ඇත. ලෝකයේ තෙල් මිළ ඉහල යමින් පවතී. දැනට සාමාන්‍යයෙන් ඇ. ඩොලර් 77 ක් පමණ වන බොරතෙල් බැරලයක් 2011 වසරේ පළමු කාර්තුවේ දී ඇ. ඩොලර් 100 ට සමීප වනු ඇතැයි ආර්ථීක විශ්ලේශකයන්ගේ අදහසයි. මේ අනුව මේ වසරේ මෙරට ආනයන හා අපනයන පරතරය වැදගත් ආකාරයකට පාලනය කර ගත නොහැකි වුවහොත් ගැටලූකාරී වාතාවරණයකට ඉඩ කඩ ඇත.


අපනයන ආදායම ප‍්‍රමාණවත් නොවන විට ශ‍්‍රි ලංකාව විදේශ විනිමය සම්බන්ධයෙන් යැපෙන්නේ මැදපෙරදිග ඇතුලූ රටවල වෙහෙසෙන මෙරට ජනතාව දුක් මහන්සියෙන් උපයා රටට එවන මුදලින්ය. මෙම මාස පහ ඇතුලත විදේශ රුකියා කරන ලාංකිකයන් විසින් මෙරටට ඇ. ඩොලර් මිලියන 1498 ක මුදලක් එවා ඇත. මෙය කලින් වසරේ සම කාල සීමාවට වඩා සියයට 13.3 ක වැඩි වීමකි. අවසානයේ දී අපනයන ආදායමත් මේ විදේශ රුකියාවන්හි නිරත පිරිස් එවන මුදලත් විදේශ වෙළ`දාමට වැය වන අතර කලින් වසරේ මුල් මාස පහට සාපේක්ෂව විදේශ වෙළ`දාමේ පරතරය සියයට 117 කින් වැඩි වීමෙන් මෙය යම් පමණකින් පාලනය කර ගත යුතු හෝ අපනයන ආදායම නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු මොහොතක දැන් පසු වන බව පෙනේ.


විදේශ විනිමය අනුපාත සැලකීමේ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියගේ අගය ශක්තිමත් වි තිබීම ද සැලකිල්ලට ගත යුතුය. දැනට මාස 5.1 ක ආනයන වෙනුවෙන් ප‍්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් රටට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ ආධාර සමග සලකන විට ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවීමට ඉඩකඩ අඩුය. රුපියලේ අගය ශක්තිමත්වීම අපනයන කෙරෙහි අහිතකර ලෙස බලපාන බැවින් යම් ප‍්‍රමාණයකින් අගය අවප‍්‍රමාණය කරන ලෙස අපනයන කරුවෝ ඉල්ලා සිටිති. මේ අතර මේ වසර අවසන් වනනට කලින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන දහසක මුදලක් ජාත්‍යන්තර බැදුම්කර වශයෙන් ගන්නට රජය සූදානම්ය. මේ සියල්ල විසින් පෙන්වා දෙන්නේ දුර දක්නා නුවණකින් විදේශ ආදායම හැසිරවිය යුතු බවය. යුධමය පරිසරයකට පසු සමාජයේ බලාපොරොත්තු ඉහල ගොසින් තිබේ. නිසි කලමණාකරණයකින් තොරව විදේශ වෙළදාම හැසිරවුවහොත් අනාගතයේ ඇතිවන අහිතකර ප‍්‍රතිපල සමස්ථයක් වශයෙන් රටට බලපානු ඇත්තේ යහපත් අන්දමට නොවේ.

-මිණිසර

Sunday, August 1, 2010

2010.07.25 - රාවය-පාරිභෝගිකයා වෙනුවට ආයතන රකින්නට වෙහෙසෙන නියාමන කොමිසම

විදුලි සංදේශ නියාමන කොමිසම ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයවන ජංගම දුරකථන සමාගම් ලාභදායී තත්ත්වයෙන් පවත්වාගෙන යාම පිළිබද අනවශ්‍ය උනන්දුවක් දැක්වීම කේෂේත‍්‍රයේ විද්වතුන්ගේ මවිතයට හේතුවී තිබේ. පසුගිය ජූලි 15 වැනිදා සිට බලපවත්වන පරිදි අලූතින් ජංගම දුරකථන සම්බන්ධතා මිලදී ගන්නා ග‍්‍රාහකයන් ස්වකීය ඇමතුම් වෙනුවෙන් නිශ්චිත අවම ගාස්තුවක් ගෙවිය යුතුය. මෙම නියමය හදුන්වා දී ඇත්තේ මෙරට සේවා සපයන සමාගම් තරගකාරීව අඩු මිලට දුරකථන පහසුකම් සපයන්නට යාමෙන් ඇතිවිය හැකි ව්‍යාපාර බිදවැටීම් වලකා ගැනීමේ අරමුණෙන් බව ප‍්‍රකාශවෙයි.

නියාමන කොමිසමකින් අපේක්ෂා කරන්නේ සමාගම් අතර තරගකාරීත්වය හෙයින් පාරිභෝගිකයන්ට අවාසියක් වන අවස්ථාවේ මැදිහත්වීම වන නමුත් මේ අවස්ථාවේ ව්‍යාපාර මෙහෙයවන සමාගම්වල ආදායම ගැන බෙහෙවින් සැලකිලිමත්වීම වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින මෙරට ජංගම දුරකථන සේවාවන් කෙරෙහි සියුම් බලපෑමක් ඇතිවීම නොවැලැක්විය හැකිය.
දැනට ඩයලොග් ඇක්සියාටා, එයාර් ටෙල්, එටිසලාට්, හචිසන් සහ ටෙලිකොම් මොබිටෙල් යන සමාගම් මෙරට ජංගම දුරකථන සේවා සැපයීමෙහි නිරත අතර ස්ථාවර දුරකථන ඉල්ලීම අඩුවෙමින් හා ජංගම දුරකථන භාවිතය වැඩිවෙමින් පවතින අවස්ථාවක නියාමන කොමිසම ගත් තීරණය අනුව අලූතින් ලබාගන්නා සම්බන්ධතා වලට අවම ඇමතුම් ගාස්තුවක් ගෙවන්නට සිදුවනු ඇත. සීමිත වෙළදපොල අවස්ථා දිනා ගැනීම සදහා ජංගම දුරකථන පහසුකම් සපයන ආයතන ඉතාමත් අඩු ගාස්තු අයකිරීම් යටතේ සේවා සපයන්නට ඉදිරිපත්ව තිබේ. මේ නිසා ඇතැමි සමාගම් අර්බුදයට පත්ව ඇතැයි දුරකථන කේෂේත‍්‍රයේ තොරතුරු අනාවරණය කරයි. මෙම සමාගම්වල මූල්‍ය තත්ත්වය කෙරෙහි සැලකිලිමත් වෙමින් අවම ගාස්තු නියම කර ඇති අතර එය ජාත්‍යන්තරයේ මේ වන විට දුරකථන ඇමතුම් ගාස්තු ඉතාමත් අඩුවෙමින් පවතින අවස්ථාවක එයට එරෙහිව යමින් ගත් තීරණයක් වශයෙන් ද සැලකෙයි. මේ වන විට ජාත්‍යන්තර දුරකථන ගාස්තු අඩුවෙමින් අතර දුරකථන සමාගම් ඇමතුම් කාලය නොමිලේ සපයමින් දත්ත හුවමාරුව හෙවත් අන්තර්ජාල හා ඊමේල් සම්බන්ධතා වලින් ආදායම් උපයාගෙන සමාගම් පවත්වාගෙන යන මට්ටමට තාක්ෂණය දියුණු වෙමින් පවතින බව ජගත් පර්යේෂණ වාර්තා දක්වයි. මේ අතර වෙබ් අඩවි හරහා දෙස් විදෙස් ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගත හැකි අවස්ථාතිබියදී අවම ගාස්තු ක‍්‍රමය ජංගම දුරකථන පාරිභෝගිකයන්ට අතිරේක බරක් වනු ඇත.

එපමණක් නොවේ, දැනටමත් මෙරට ව්‍යාපාර පවත්වාගෙන යන ජංගම දුරකථන සමාගම් මෙම තීන්දුවට එරෙහිව නඩු මගට බසින්නට තීරණය කර ඇත. දැන් මහජනතාවගේ අයහපතට හේතුවන තීන්දුවක් සමාගම්වල යහපත වෙනුවෙන් ගත් නියාමන කොමිසම ආරක්ෂා කරන්නට මහජනතාවගේ බදු මුදලින් තීති ගාස්තු වැය කිරීම යුක්ති සහගත යැයි කියන්නේ කවුද?


ජාත්‍යන්තර වාර්තා අනුව 2009 අවසන් වන විට ජංගම දුරකථන සබදතා බිලියන 4.6 ක් ලෝක වාසීන් පරිහරණය කරමින් සිටියේය. 2004 වසර වන විට සියයට 1.4 ක වර්ධනයක් පෙන්නුම් කළ ජංගම දුරකථන නව සම්බන්ධතා ඇතිවීම 2009 වසර වන විට සියයට 21 ක වර්ධනයක් දක්වා ඉහල ගොස් තිබේ. චීනය හා ඉන්දියාව ලෝකයේ වැඩිම ජංගම දුරකතන සම්බන්ධතා ඇති රටවල්ය. ඇමරිකාව, රුසියාව, ඉන්දුනීසියාව හා බ‍්‍රසිලය සෙසු රටවල්ය. මේ අතර ජංගම දුරකථන ව්‍යාප්තියේ වේගවත්ම වර්ධනය ලෙස සැලකෙන සියයට 46.1 ක ඉහල යාමක් පෙන්නුම් කරන්නේ ශ‍්‍රි ලංකාව ද ඇතුලත් අග්නි දිග ආසියානු කලාපයේය.

2010 වසරේ පළමු කාර්තුව අවසන් වන විට ශ‍්‍රි ලංකාවේ ජංගම දුරකථන භාවිතය මිලියන 15 ඉක්මවා ඇති අතර එය සියයට තිහක වර්ධනයකි. රුහැන් සහිත දුරකථන නව සම්බන්ධතා ඉල්ලූම අඩුවී ඇති අතර ශ‍්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් ඇක්සියාටා, ලංකා බෙල් හා සන්ටෙල් වැනි ආයතන විසින් සපයන රුහැන් රහිත එහෙත් ස්ථාවර දුරකථන නව සම්බන්ධතා සැපයීම ද සියයට 4.7 ක සුථ වර්ධනයක් දක්වයි. මේ අතර මෙරට අන්තර් ජාල සම්බන්ධතා ප‍්‍රමාණය ලක්ෂ දෙකහමාර ඉක්මවා සියයට හතකට ආසන්න වැඩි දියුණුවක් ද පෙන්වා ඇතැයි දුරකථන සමාගම් සම්බන්ධ පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. දත්ත සම්ප්‍රෙශනය සම්බන්ධව ඉහල යමින් පවතින ඉල්ලූම හරහා ව්‍යාපාර ආදායම් නංවා ගැනීමට ඉඩකඩ තිබියදී ව්‍යාපාර මූල්‍ය තත්ත්වය සලකා අවම ගාස්තු අයකිරීමේ තීරණයකට විදුලි සංදේශ නියාමන කොමිසම අවතීර්ණ වී ඇති බව මෙයින් ඉතාමත් පැහැදිලිය.


විදුලි සංදේශ නියාමන කොමිසම දැන් අවුරුදු ගණනක් තිස්සේ මෙරට දුරකථන සමාගම් සමග අර්බුදයක පැටලී සිටියි. ඒ අනුව සමාගම් අතර අය කරන අන්තර් සම්බන්ධතා ගාස්තු පිළිබද පැහැදිලි ප‍්‍රතිපත්ති තීරණයක් ගන්නට අපොහොසත්ව ඇත. එයට වඩා තීරණාත්මක එකක් වී ඇත්තේ රටපුරා විදුලි සංදේශ කුලූණු ඉදිකිරීම අරභයා පොදු අදහසකට පැමිණෙන්නට නොහැකිවිමයි. සෑම දුරකථන සමාගමක්ම රජයේ හා පොදු දේපොළ උපයෝගී කර ගනිමින් සිය සංඥා විකාශනය වෙනුවෙන් කුලූණු ඉදිකරයි. මේවා පරිසරයට හානිකරය. එපමණක් නොවේ මේවායේ ඉදිකිරීම් හා නඩත්තුව වෙනුවෙන් වැය වන මුදල ගෙවන්නේත් එදිනෙදා ඇමතුමක් ගන්නා පාරිභෝගිකයන්ය. මෙම කුලූණු සියල්ල ඉවත්කර පොදු සංඥා පද්ධති ඇති කළහොත් සමාගම් වලට මේවා කුලියට ගත හැකි අතර එයින් ඕනෑම සමාගමක සියලූම දුරකථන පාවිච්චි කරන්නන්ට හැම ප‍්‍රදේශයකදීම එක හා සමාන ආවරණ කලාපයක සිටීමේ භාග්‍යය හිමිවෙයි. දැනට ප‍්‍රශ්නයක් වී ඇති රූපවාහිනි ඇන්ටෙනා විවිධ පැතිවලට හරවමින් එක් එක් නාලිකා බලන්නට මහජනතාවට සිදුවී ඇති හිරිහැරයට විසදුමක් දිය හැක්කේ ද නියාමන කොමිසමට පමණකි. මෙවැනි ප‍්‍රායෝගික අවස්ථා ගැන පුලූල්ව කරුණු අධ්‍යයනය කර විසදුම් නිර්මාණය කරන්නට හැකි නියාමන කොමිසම ස්ථාවර ගාස්තු වැනි යල් පැන ගිය පටු තීරණයකට අවතීර්ණ වීම ගැටලූවකි.

01.08.2010 - රාවය - පුද්ගලීකකරණය ගැන යළි ආපසු හැරී බලන්නට අවස්ථාවක්


මෙරට අලාභ ලබන රාජ්‍ය ආයතන ගැන යළි කතා බහක් ඇතිවන්නට පටන් ගෙන තිබේ. රාජ්‍ය පෞද්ගලික ආයෝජනය සදහා ඉඩ ලැබෙන සංස්ථාවක් පිහිටුවීම ගැන අදහසක් ද ඇත. මේ සියල්ල මතුවන්නේ මහින්ද චින්තන සංකල්පය අනුව රජයේ දේපොල විකුණන්නේ නැති බව ප‍්‍රකාශ වන අතරය. මැතිවරණ වේදිකාවේ දී රටේ සම්පත් කුණු කොල්ලයට විකුණන බවට එකිනෙකාට චෝදනා කර ගන්නා නමුත් ආණ්ඩුවකට මෙම රටේ සම්පත් ආරක්ෂා කර පවත්වාගෙන යන්නට දරන්නට ඇති අමාරුව දන්නේ මහා භාණ්ඩාගාරය පමණකි.

මේ අවුරුද්දේ රජය පොහොර සහනාධාරය වෙනුවෙන් රු. බිලියන 30 ක් වැය කරයි. අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් සමෘද්ධි සහන දෙන්නට වෙන් කර ඇති මුදල රු. බිලියන 35 කි. අලාභ ලබන රජයේ ආයතන වෙනුවෙන් භාණ්ඩාගාරය වෙන් කර ඇති මුදල රු. බිලියන 42.2 ක් බව දැක්වේ. රජයේ ආයතන විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් ගන්නා ණය හා ඒ වෙනුවෙන් ගෙවන අතිරේක වැයක් ඇත්නම් එය මෙයට ඇතුලත් නැත. මහජනතාවගෙන් බදු වශයෙන් රුපියලක් උපයා ගන්නට භාණ්ඩාගාරය ගන්නා වෙහෙස දන්නේ ඔවුන් පමණකි. එහෙත් ඒ මුදල් ලෙහෙසියෙන් වියදම් කරන්නට ආණ්ඩුවේ ඕනෑම ආයතනයක් සූදානම්ය. නිදහස ලැබූ දා පටන් ම පැවතුනේ මේ ක‍්‍රමයයි.

ආර්ථිකය ගැන සැලැස්මක් නැතිව දිගින් දිගටම ණය ගනිමින් රාජ්‍ය ආයතන නඩත්තු කරන ආකාරය දෙස අවධානයෙන් බලා සිටි ලෝක බැංකුව 1987 වසරේ දී රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය කළ යුතු බවට මුලින්ම යෝජනා කළේය. රජය එය ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගත්තේය. එයින් වසර දෙකකට පසු අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන සොයා බලා තීන්දු ගැනීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලද අතර අවුරුදු පහක් ඇතුලත ප‍්‍රවාහන, වැවිලි ඇතුලූ ආයතන 43 ක් පෞද්ගලීකකරණය කිරීමට රජය සමත්විය.

ජනාධිපති කොමිසමක් පත් කරන විට විද්වතුන් සේවකයන් හා වෘත්තිය සමිති එකතු වී ඔබ සතුකරණය වැනි සිත්ගන්නා සංකල්ප වලින් සේවකයන්ට කොටස් හා වන්දි ගෙවමින් දිගින් දිගටම පාඩු ලබමින් සිටි රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පැවරීම වේගවත්වූ අතර 1997 වසර අවසානයේ දී මහජනතාවට දැනෙන ගුවන් සේවය, ටෙලිකොම් හා ගෑස් ඇතුලූ ව්‍යාපාර සමග පෞද්ගලීකකරණය කරන ලද ව්‍යවසාය ගණන හැත්තෑ පහක් දක්වා ඉහල ගියේය. මේ අතරවාරයේ පෞද්ගලීකකරණ වැඩසටහන විධිමත්ව කරගෙන යාම උදෙසා කැබිනට් අනුමැතිය ඇතිව 1995 වසරේ දී රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ කොමිසම ස්ථාපිත කරන ලද බව ද අමතක කළයුතු නැත. රජයේ තොරතුරු වලට අනුව 1997 වසර අවසන් වන විට එතෙක් ආණ්ඩුවේ අයවැය ලේඛනයට බරක්ව තිබුණ ආයතන දෙස් විදෙස් ආයෝජකයන්ට විකිණීමෙන් හා කලමනාකරණය පැවරීමෙන් රු. බිලියන 47.3 ක් නොඑසේනම් ඇමරිකානු ඩොලර් මිලියන 715 ක් උපයා ගන්නට හැකිවිය. මෙම ව්‍යවසාය නැවත පණ ගැන්විම සදහා විදේශ රටවලින් මෙරටට ගලා ආ ආයෝජනවල වටිනාකම් ඇමරිකානු ඩොලර් මිලියන 465 කි. ආදායමක් ලබන අතර තවත් විනිමය රටට ගෙනැවිත් නැවත පණ ගන්වන ලද එතෙක් අලාභ ලබමින් තිබුණ ආයතන හෙයින් රටේ ණය බර අඩු වූ අතර ගෙවුම් ශෙෂ පරතරය අඩු වී වාසි දායක බවක් ඇති කළේය. රජයේ ණය පොලී අඩුවූ අතර ව්‍යාපාර වලින් ලැබෙන බදු රජයේ ආදායමට එකතු විය. වෘත්තීය සමිති දක්වන අන්දමට මෙම ආයතන වල සේවය කරමින් රජයේ වැටුප් ලබමින් සිටි පණස් දහසකට පමණ රුකියා අහිමි වූ අතර හැම පුද්ගලයෙකුටම වන්දියක් ගෙවීය. මේ පුද්ගලයන්ට වන්දි මුදල් වලින් ව්‍යාපාරයක් හෝ වත්කමක් මිලදී ගන්නට අවස්ථාව උදාවූ අතර වෙන සමාගමක රුකියාව කරන්නට ද ඉඩ කඩ ලැබිණ. පුද්ගලීකරණය සිදුවන පරිවර්තන කාලය තුළ සමාජ ප‍්‍රශ්න ඇති කරන ලද අතර ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ විසින් ඇති කරන ලද මහජන මතය නිසා මෙය රටට විනාශය අත්කරන රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමක් ලෙස මහජනතාව සිතන්නට පටන් ගත්තේය. කොමිස්, වංචා හා දුෂණ වැනි වචන ද එයින් පසු කොමිෂන් සභා පත්කර ඇත්ත හොයන ස්වභාවය දක්වා පෞද්ගලීකරණය බරපතල ප‍්‍රශ්නයක් කළේය.

මේ කාලයේ ලෝකයේ නොයෙක් රටවල මෙකී ප‍්‍රතිපත්තිය පිළිගෙන තිබිණ. රජයේ තීන්දු ගැනීමේ විලාශය හා තරගකාරීත්වයට මුහුණ දිය හැකි කාර්යක්ෂම පාලනයක් නොමැතිවීම නිසා එයටහපන්කම් පෙන්වන පුද්ගලික අංශයට ව්‍යාපාර මෙහෙයවීම පවරන ලද අතර එයින් රුකියා අවස්ථා ලාභ හා බදු ආදායම ජාතික ආදායමට එකතු වූයේය. මැලේසියාව, සිංගප්පූරුව හා ඉන්දියාව පවා මෙම අත්දැකීමෙන් සාර්ථකත්වය ලැබීය. දේශපාලනය අනුව තීන්දු ගන්නා ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට මෙරට ආයතන පාලනය කරගත නොහැකි වූ නමුත් ඉන්දියන් ඔයිල් වැනි එරට රජය සතු ව්‍යවසාය ලෝකයේ ඉසුරුමත්ම සමාගම් 500 අතරට ගෙන ගියේ රජයේ නිලධාරීන් ගේ පාලනයෙන් බවද සදහන් කළ යුතුය. එහි ඇත්තේ දේශපාලන මැදිහත්වීමෙන් අකාර්යක්ෂම පාලනය හා කාර්යක්ෂමව තීන්දු ගැනීම නිසා ඉන්දීය සමාගම් ලෝකයේ පළමු තැනට පත්වූ බවයි.
ආණ්ඩු වෙනස් වන විට රටේ ප‍්‍රතිපත්ති වෙනස් වෙයි. එයට මග පෑදෙන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම සදහා දේශපාලන වේදිකාවේ දී කරන කතා අනුවය. රටේ සම්පත් විකුණා දැමීම ගැන චෝදනා කළ අයට බලයට පත්වූ පසු ඒවා ප‍්‍රසිද්ධීයේ විකුනා දැමිය නොහැකිය. මේ නිසා 2004 වසරේ දී උපායශීලී ව්‍යාපාර කළමණාකරන ඒජන්සිය පිහිටුවන ලද අතර එයින් ‘‘විකුණා දමන්නට’’ තීන්දු කර තිබුණ ආයතන කළමණාකරනය කර ලාභ ලබන තත්ත්වයට පත් කළේය. මහජන බැංකුව මෙම ඉරණමට මුහුණ දුන් අතර එය ප‍්‍රතිසංස්කරණයවිය. මහජනතාවගේ තැන්පතු වලට සියයට හයක සිට අටක දක්වා පොලියක් ගෙවන අතර සියයට විසි එකක සිට විසි පහ දක්වා ණය පොලී ආදායමක් ලබන බැංකුවකට යළි ගොඩ එන්නට අලූත් මාවතක් අවශ්‍ය නැත. මේ වාසියේ පිහිටෙන් පෞද්ගලික බැංකු අවුරුදු පතා රුපියල් බිලියන ගණන් ලාභ උපයති. මෙම ආයතනය මෑතක දී ඇඹිලිපිටිය කඩදාසි කම්හල රජයේ මැදිහත්වීමෙන් යලි පණ ගැන්වීය. රජය යෙදවූ මුදල රු. මිලියන 250 කි. තවත් මිලියන 90 ක හි`ග විදුලි බිලක් සහිතව මාස තුනක් ඇතුලත එය වැසී ඇත. වාලච්චනෙයි කඩදාසි, කන්තලේ සීනි යන කම්හල් යළි බල ගන්වන්නට මේ කමිටුව උනන්දුවෙයි. රජයට කොපමණ මුදලක් වැය කරන්නට සිදුවනු ඇත්ද? මේවා ව්‍යාපාරිකයන්ගේ මුදල් නොව මහජන මුදල්ය. බිලියන දහයක් අලාභ ලබන ශ‍්‍රි ලන්කන් ආපසු රටට අත්පත් කරගත්තේ හා ෂෙල් සමාගම මුදල් ගෙවා ආපසු ගන්නට උත්සාහ කරන්නේ රටේ සම්පත් ආපසු දිනා ගැනීමක් හැටියටය.

නිදහස ලබා හැට අවුරුද්දකට පසුවත් අත්හදා බලමින් එකිනෙකාට චෝදනා කරමින් සිටීමට වඩා සියයට දහයක ට වඩා ආර්ථීක වර්ධනයක් ගැනීමට ගත යුතු මග කුමක්දැයි සිතා බැලීම වටී.



-මිණිසර