Do you like to read weekly my Econocolama

Sunday, September 5, 2010

රාවය -2010.09.05 - ව්‍යවසායක බදු සහන ගැන අලූත් ඇසකින් බලන්නට කාලය

ශී‍්‍ර ලංකා මහ බැංකුවට අවුරුදු හැටක් සම්පූර්ණ වි තිබේ. ඔවුන් දක්වන ආකාරයට රට වැසියන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් දහසක සීමාවට ල`ගා වෙන්නට නිදහස ලැබීමෙන් පසු අවුරුදු පනස් පහක් වැය කරන්නට සිදුව ඇත. ඉදිරි වසර පහ ඇතුලත මෙරට ජනතාවගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් හාරදහස දක්වා ඉහල නංවා ගැනීම රජයේ අරමුණ වී ඇතැයි ප‍්‍රකාශ වෙයි.

මේ අතර විදේශික ආයෝජකයන්ට ආයෝජන මණ්ඩලයේ බදු සහන ලැබෙන පිළිවෙත ඉක්මනින්ම අත් හරින්නට ද හැට පිරුණ මහ බැංකුව අදහස් කරන බව අනාවරණය වෙයි. දැනට අවුරුදු විසි පහකට වැඩි කාලයක් ආයෝජන මණ්ඩලය පවත්වාගෙන ගියේය. ආරම්භය කෙසේ වෙතත් ගත වූ අග භාගය ආයෝජන මණ්ඩලයට අභියෝගාත්මක එකක් වන්නට ඇත. අභ්‍යන්තර යුද්ධය හා නිතර ඇවිලෙන වෘත්තීය සටන් අතරතුර මෙරටට ආයෝජකයන් කැ`දවීම පහසු එකක් නොවේ. ඒ බව තහවුරු වන්නේ ද ආයෝජන මණ්ඩලයේ දත්ත අනුවය. 2007 වසරේ නව ආයෝජන ගිවිසුම් 520 ක් හා පවතින ආයෝජන 72 ක දෙවැනි අදියර වෙනුවෙන් අයැදුම් පත් ඔවුන්ට ලැබී ඇත. 2008 වසරේ දී එය නව අයැදුම්පත් 432 ක් හා දෙවැනි පියවර ආයෝජන අයැදුම්පත් ව්‍යාපෘති 31 කි. 2009 වසරේ දී නව අයැදුම්පත් 418 ක් හා දෙවැනි පියවර වශයෙන් ආයෝජන 23 ක් අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව ස`දහන්ය. ගිවිසුම් අත්සන් කරන නමුත් සියලූම ආයෝජකයන් මෙරට ව්‍යාපාර ආරම්භ කරනේනේ නැත. ශක්‍යතා වාර්තා සලකා බලා මෙරට ඇති අවස්ථා වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් පසු ඇතැම් ආයෝජකයෝ ස්වකීය අදහස් අත්හරිති. අවසානයේ ආයෝජන වශයෙන් 2007 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 734ක්, 2008 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 889 ක් හා 2009 දී ඇමරිකානු ඩොලර් මිලියන 601 ක් රටට ලැබී තිබේ.

දැනට රට පුරා කර්මාන්ත කලාප හා අපනයන කේන්ද්‍ර කර ගත් කලාප 12 ක් රජයේ විශේෂ අවධානය යටතේ කි‍්‍රයාත්මකය. එහෙත් අවාසනාවකට මෙන් මෙම ආයෝජන මණ්ඩල සහන යටතේ හෝ රජයේ හෝ පුද්ගලික අංශයේ කම්හල් සියල්ල කේන්ද්‍රගත වී ඇත්තේ බස්නාහිර පලාත වටාය. කොළඹ දිස්ත‍්‍රික්කයේ කර්මාන්ත 2,340 ක් ස්ථාපිත කර ඇත. ගම්පහ කර්මාන්ත 957 කි. කලූතර ස්ථාපිත කර ඇති කර්මාන්ත ගණන 244 ක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අලූත්ම වාර්තාව කියයි. මෙම බස්නාහිර පලාතේ දිස්ති‍්‍රක්ක හැරුණ විට ගාල්ල, මහනුවර, කුරුණෑගල, මාතර, හම්බන්තොට හා නුවර එළියේ සු`ථ වශයෙන් කර්මාන්ත ව්‍යාප්තියක් පෙන්වයි. දිවයිනේ අන් කිසිදු දිස්ත‍්‍රික්කයක විනිමය උපදවන හෝ රුකියා ජනිතකරන කර්මාන්ත පිහිටා ඇත්තේ හතලිස් පහකට අඩු ප‍්‍රමාණයකි. මොනරාගල ඇත්තේ කම්හල් හයකි. මඩකලපුවේ කම්හල් දෙකක්, වව්නියාවේ කම්හල් එකක් හා යාපනයේ කම්හල් තුනක් ඇති බව මෙම දත්ත පෙන්වා දෙයි. මෙයින් පෙනෙන්නේ ආයෝජන මණ්ඩලය කොතරම් පහසුකම් ලබා දී අවස්ථා ඇති කළත් කර්මාන්ත ව්‍යාප්තිය හා මෙරටට නව විදේශ ආයෝජන පැමිණීමේ සැබෑ තත්ත්වයයි.

යුරෝපීය ප‍්‍රජාව මෙරටට ජී.එස්.පී. ප්ලස් බදු සහනය අවලංගු කරමින් කියා සිටියේ ඔවුන්ගේ නිර්නායකයන්ට ගැලපීමක් නොකළ හැකිනම් එරට වැසියන්ගේ බදු ආදායම ශ‍්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් තව දුරටත් ලබාදිය නොහැකි බවය. ආයෝජන මණ්ඩල අනුමැතියෙන් මෙරට කර්මාන්ත හා ව්‍යාපාර අරඹන ව්‍යවසායකයන්ට ඉඩම්,යටිතල පහසුකම්, අමුද්‍රව්‍ය, යන්ත‍්‍රසූත‍්‍ර හා වාහන ආනයනයට බදු සහන හා උපයන ලාභය ගිවිසගත් කාලයකට බද්දෙන් නිදහස් කරන්නේ වක‍්‍රව මේ රටේ ජනතාව මත බදු බර පටවමින්ය.

අවුරුදු විසිපහක් තිස්සේ අනුගමනය කළ ප‍්‍රතිපත්ති වලින් දිනාගත හැකිවූ ප‍්‍රතිලාභ ගැන නිසි තක්සේරුවක් ඇත්නම් තවදුරටත් සහන සැපයීම අවශ්‍ය නැත. එසේම ව්‍යාපාරික අංශ ස්වකීය ආකල්ප හා ආයෝජන රටාව දශක දෙක තුනකට වඩා පැරණි යුගයට වඩා අද වෙනස්ය. ආයෝජන මණ්ඩලය පිහිටුවන අවධියේ අනුමැතිය හා සහන සිත්ගන්නා අවස්ථා නමුත් අද ව්‍යාපාර අංශයේ පවතින තරගකාරීත්වයට මුහුණ දෙන්නට නම් ආකල්ප අතින් වෙනස් කරගත යුතු තැන් බොහෝය.

ව්‍යාපාරයකට අයැදුම්පත‍්‍රය යොමුකර එහි නිෂ්පාදන ආරම්භවීම දක්වා ගතවන කාලය අද ජාත්‍යන්තරව ශ්‍රේණිගත කර තිබේ. ශ‍්‍රි ලංකාව සිටින්නේ අන්තිම කෙළවරේය. හේතුව කර්මාන්තය් ඇරඹීම වෙනුවෙන් විවිධ තල වලදී ගත යුතු අවසරපත් හා නිමක් නැති පරීක්ෂණ හෙයින් කල් ගත වීමයි. අනෙක නිදහස් ශ‍්‍රම වෙළ`ද පොළ, බලශක්තිය, ප‍්‍රවාහනය හා මූල්‍ය ප‍්‍රතිපත්තීන්ය. කම්හලට අවශ්‍ය සේවකයන් ගේ කාර්යක්ෂමතාව, වෘත්තීය සමිති අරගල හා ඵලදායීත්වය නිදහස් ශ‍්‍රම වෙළ`ද පොළ යටතට ගැනේ. කම්කරු නීති රීති හා නිවාඩු ගණන ද එහිලා සැලකිල්ලට ගැනෙන සාධකයන්ය. ලෝකයේ සෙසු තරගකාරී නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මිළටම මෙරට ව්‍යාපාර කරන්නන්ට ද විදුලිය, ඛනිජතෙල් හා ගෑස් මිලයට ගත හැකිවීම බලශක්තිය විෂයෙහි බල පවත්වන වැදගත් කමයි. මේවා මිළ වැඩි නම් එය අවසානයේ නිෂ්පාදන මිලට එකතු වෙයි. එවිය මිළ ගණන් සස`දන විට වෙනත් රටක නිෂ්පාදකයෙකුගේ නිෂ්පාදනය වඩා මිළ අඩුය. තෙල් හා විදුලිය මිල දැනටත් මෙරට කර්මාන්ත හා සේවා අංශ වලට දරාගත නොහැකි මට්ටමට ඇත. යම් පමණකින් දියුණු වී ඇතත් තවමත් ප‍්‍රවාහනයේ ගැටලූ තිබේ. මාර්ග පද්ධතිය යහපත් නමුත් කම්හලේ සිට වරායට හෝ ගුවන් තොටුපොලට නිපැයුම් ගෙන එන්නට ගතවන කාලය වැඩිවීම අහිතකර එකකි. මෙරට කර්මාන්ත බස්නාහිර පලාත කේන්ද්‍රකරගෙන ව්‍යාප්ත වී ඇත්තේ මේ ගැටලූව හෙයින්ය. අවසාන වශයෙන් නම්‍යශීලී හා ඉක්මනින් ප‍්‍රාග්ධන පහසුකම් සපයා ගත හැකි මූල්‍ය වෙළ`ද පොළක් අවශ්‍යය. මේ වන විට අපනයනකරුවන්ගේ මැසිවිල්ල වී ඇත්තේ රුපියලේ අගය ශක්තිමත් වීම නිසා ජගත් වෙළ`දපොළේ දී ස්වකීය භාණ්ඩ මිල වැඩිවීමේ අවාසිය ගැනය. රුපියලේ අගය යම් ප‍්‍රමාණයකට අවප‍්‍රමාණය වීම අපනයන භාණ්ඩ වලට වාසියකි.

කෙසේ නමුත් මෙම ප‍්‍රධාන කාරණා කෙරෙහි සාවධාන වී අවශ්‍ය විස`දුම් සපයන්නට රටට හැකිනම් තව දුරටත් මහජනතාව මත බර පටවමින් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති කර්මාන්ත හා ව්‍යාපාරවලට සහන ලබා දිය යුතු නැත. එනමුත් අවශ්‍ය නම් තවත් කෙටි කාලයක් දැනට ව්‍යාපාර ස්ථාපනය වී නැති දිස්ති‍්‍රක්ක තෝරා ඒවායේ අලූත්න් කර්මාන්ත ආරම්භ කරන ව්‍යවසායකයන්ට සහන ලබා දීම පිළිගත හැකි කාරණයකි. යම් ව්‍යාපාරයක් බදු ගෙවන විට එම ගෙවන බදු ප‍්‍රතිශතය මත පදනම්ව යම් යම් මහන ලබා දිය හැකි ක‍්‍රමවේදයක් සැකසීම වඩාත් උචිතය. ව්‍යාපාරය පටන් ගෙන රටට ආදායමක් අත්පත් කර දෙන විට එයට කෘතවේදීත්වයක් වශයෙන් තව තවත් උපයන ලාභ ආයෝජනයට පෙළඹවීම එහි අරමුණ විය යුතුය.
-මිණිසර

No comments:

Post a Comment