Do you like to read weekly my Econocolama

Tuesday, October 26, 2010

- 2010.10.24 රාවය-එකක් කඩතොලූ නොහොත්





රාජ්ය දේපොල පෞද්ගලීකකරණය නොකිරීම මහින්ද චින්තනය පොරොන්දු පතර්ගලයේ එක් පරමි ධාන වගන්තියකි. රට විකිණීමට එරෙහිව විශාල විරෝධයකට මහජනතාව එකතු කරන්නට මේ පොරොන්දුව සමත්විය. මැතිවරණ වේදිකාවේ දී ඕනෑම දෙයකට රැවටෙන මහජනතාව ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය හා රජයේ ආයතන නිසි කළමණාකරණය යන දෙක වරද්දා ගත්හ. ඕනෑම මිළක් ගෙවා පාඩු පිට පාඩු ලබන ආයතන තමන්ගේ බුක්තිය යටතේ තිබිය යුතු අතර එහි පාලනයට පත්විය යුතු තමන් දන්නා හඳුනන නිලධාරීන් විය යුතු යැයි සාමාන්ය ජනතාවගේ සිතට අලූත් ආකල්පයක් කාන්දු කළහ.






තරස්තවාදය පරාජය කර නව ජවයකින් මහජනතාව හමුවේ සිටින ආණ්ඩුව අද තමන් යටතේ පවතින රාජ්යන ආයතන රටට බරක් නොවී පවත්වාගෙන යාමේ අවස්ථාවට මුහුණ දී සිටී. පෞද්ගලික අංශය තමන් සතුව පවතින ව්යාමපාරයක් පාඩු පිට පවත්වාගෙන යන්නේ නැත. ව්යාපාරය  හිමිකරු තම ව්යාපාරය අසාර්ථක වන බව පෙනෙන විට එහි කළමණාකරුගෙන් නිදහසට කරුණු අසයි. ඔහුගේ දක්ෂතාවයක් නැති බව පෙනෙන අවස්ථාවේ අලූත් කළමණාකරුවෙකු පත් කර ගනී. එය සාර්ථක වන අතර තව දුරටත් අසාර්ථක වන්නේ නම් අයිතිකරු කරන්නේ ව්යාපාරය වසා දැමීම හෝ විකුණා එහි ණය බරෙන් නිදහස් වීමය. නමුත් රජය ව්යාහපාර කරන බව පෙන්වන්නේ මහජන යහපතටය. රජයේ ආයතන අකාර්යක්ෂමය. අලාභ ලබයි. එහි පාඩු පියවන්නට මහා භාණ්ඩාගාරය මුදල් නිකුත් කරයි. මහා භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ මහජනතාව ගෙවන බදු වලිනි. සීනි පිටි හාල් ඇතුලූ තමන් පරිභෝජනයට ගන්නා හැම දෙයකින්ම නොයෙක් නම් වලින් බදු ආදායම් එකතු කර ගන්නා රජය ඒ මුදල් වලින් කොටසක් අවුරුදු පතා වැය කරන්නේ මේ පාඩු ලබන ආයතන නඩත්තුවටය. මේ ගෙවී යන වසරේ පමණක් රජය තමන්ගේ පාඩු ලබන ආයතන වෙනුවෙන් වෙන් කර ඇති නඩත්තු මුදල රුපියල් බිලියන 42.2 කි. පොහොර සහනාධාරයට රුපියල් බිලියන තිහක් හා සමෘද්ධි සහනාධාරයට රුපියල් බිලියන තිස්පහක් වැය කරන ගොවියන් හා දුගී දුප්පතුන් නගා සිටුවන්නා සේ රජයේ ව්යවසාය නඩත්තුවට එයටත් වඩා වැඩි මුදලක් වැය කරන්නට සිදුව ඇත්තේ ඇයි?






මෙම රාජ්ය ව්යපාර පාලනය කරන්නේ දේශපාලන හිතමිතරා න්දීන්ය. එහි ආදායමක් ඇතත් නැතත් තමන් දන්නා හඳුනන පාක්ෂිකයන්ට රක්ෂා හා සැපයුම් කොන්තරාත් දිය යුතුය. දේශපාලන පක්ෂයේ නොයෙකුත් පචාරණ ව්යපෘති වලට අනුගහය දැක්විය යුතුය. එපමණක් නොවේ මැති ඇමතිවරුන්ට යාන- වාහන හා යැපීම් වෙනුවෙන් බරක් දරන බවද මහජනතාවට රහසක් නොවේ. පෞද්ගලීකකරණය හෝ රාජ්ය පෞද්ගලික හවුල් ව්යපාර ලෙස පවත්වාගෙන යන විට කළමණාකරුවන් මෙම අතුරු අවස්ථා ගැන නොව ආයතනය නියමාකාරයෙන් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන් ගැන පමණක් විමසිලිමත්වෙයි. ශරී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස් කළමණාකරණය යටතේ පවතින කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ලන්ඩන් සිට පැමිණෙන්නට ආසන වෙන්කර ගත නොහැකිව ආරවුලක් ඇති කරගත් බව පරසිද්ධ රහසකි. සමාගම එසේ කළේ ගුවන් සේවය ව්යා‍පාරයක් වශයෙන් පවත්වාගෙන ගිය හෙයින් බව අප තේරුම්ගත යුතුය. දැන් රජයට අයත් ශ්රි ලන්කන් සමාගමේ මෙවැනි ආරවුල් නැත. ෂෙල් සමාගම දේශපාලන පක්ෂ වලට හෝ මැතිවරණ වලට වියදම් කළේ නැත. දේශපාලන රෙකමදාරු අනුව පාක්ෂිකයන්ට රැකියා දෙන ආයතනයක් නොවීය. එහෙත් ආපසු පවරාගත් ෂෙල් සමාගමේ අනාගත පැවැත්ම ගැන මහජනතාව ට කල්පනාකළ යුතු පැත්තක් තිබේ.






රාජ්ය ආයතන තිබිය යුත්තේ පවතින ආණ්ඩුවේ තිබහ නැති කිරීමටද? පුද්ගලීකරණය කළ රජයේ ආයතන රජයට බදු ගෙවමින් ලාභාංශ නිසි පරිදි ගෙවමින් හා මෙරට තරුණන්ට රුකියා සපයමින් පවත්වාගෙන ගියේ නැද්ද? ලාභයක් පෙන්වා එහි තමන්ට හිමි කොටස මෙරට හෝ විදේශීය හවුල්කරුවන් හිමි කරගත්තේ බලහත්කාරයෙන් නොව ව්යාපාරයක් පවත්වාගෙන යාමෙන් බව වටහා ගැනීමට අප අසමත්ද? ව්යපාරය තමන්ගේ බව කියමින් එහි අලාභ අතින් ගෙවමින් පයින් යන මහජනතාව කල්පනාකළ යුත්තේ ලාභ ලැබූ ව්යාපාර වුවත් රජයට පවරාගත හැකි ඕනෑම අවස්ථාවක මෙම සමාගම් ශරිලංකාවට භාර දී ආපසු ගන්නට නීති රීති හා රෙගුලාසි විසින් ආවරණයක් ඇති බවය. ෂෙල් සමාගම සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ ගෙදර ගියා සේ ම මහින්ද චින්තනය යටතේ ද ආපසු හැරී යන්නේය. ශරි ලන්කන් සමාගම රටේ සම්පතකි. එය කළමණාකරණය කළේ එමිරේට්ස් සමාගමයි. ඔවුන් එය ව්යාපාරයක් ලෙස කරගෙන ගියේය. ඉඩම හෝ වත්කම් ආපසු දෙන්නට අකමැත්ත පළ කළේ නැත. ආණ්ඩුව ඉල්ලා සිටි අවස්ථාවේ අයිතිය අත්හැර දැමූ එමිරේට්ස් පාලකයෝ එය මෙරටට පවරන්නට එකගවිය.






දැන් අභියෝගය මේ ආයතන හරි හැටි පාලනය කිරීමයි. දේශපාලන පක්ෂයක හෝ පක්ෂ හිතවාදීන්ගේ අරමුණු වලට අනුව රජයේ ව්යපවසාය පාලනය කිරීමෙන් මවුබිම උපයාගත්තේ මොනවාද යන්න ගැන අවබෝධයක් මහජනතාවට තිබිය යුතුය. ටෙලිකොම් ආයතනයට දුරකථනයක් දෙන්නට නොහැකි විය. ගෑස් වෙළදාම පුලූල් වූයේ නැත. රක්ෂණය ඒකාධිකාරයක් මිස අද පවතින සිත්ගන්නා සුථ පෙරැළිය පෙන්නුම් කළේ නැත.






දෙස් විදෙස් සමාගම් පාලනය කළ රජයේ ව්යා පාර ආපසු අත්පත් කර ගන්නට ලංකා බැංකුව රුපියල් බිලියන පහක ණයකරයක් නිකුත් කළේය. සියයට පහලොවකට ආසන්න පොලියකට මහජනතාවගෙන් ණයට ගත් මුදලින් ව්යවසාය ආපසු පවරාගෙන තිබේ. දැන් අභියෝගය ලාභ ද උපයා ගනිමින් යහපත්ව කළමණාකරණය කරන අතරතුර ලංකා බැංකුවේ ණය මුදල පොලිය සහිතව ගෙවන්නේ කෙසේ ද යන්නයි.






රජය ගෙන ඇති පරතිපත්ති තීරණයකට අනුව තෝරාගත් ව්යාපාර කිහිපයක කොටස් කොටස් වෙළඳ පොළ හරහා මහජනතාවට විකුණන්නට සූදානම් වෙයි. ඛනිජ තෙල් සංස්ථාව, විදුලිය බල මණ්ඩලය, ශරීලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්, ස්වාධීන රූපවාහිනිය ඇතුලූ රජයේ ආයතන ගණනාවක කොටස් ඉදිරි කාලයේ දී මහජනතාවට ස්වකීය කොටස් නිකුතුවක් කරනු ඇතැයි තොරතුරු දක්වයි. ලෝකයේ හොදම කොටස් වෙළඳ පොළ වශයෙන් වසරක් ඇතුලත සියයට එකසිට දහයක වර්ධනයක් කොළඹ කොටස් වෙළඳ පොළ දක්වා තිබේ. එහෙත් මේ වර්ධනයට සම්පූර්ණයෙන්ම දායක වී ඇත්තේ දේශීය සුථ ආයෝජකයන් හා අර්ථසාධක අරමුදල වැනි රජයේ අරමුදල් පමණකි. වසරේ මේ දක්වා විදේශීය ආයේජකයන රුපියල් බිලියන විස්සක් වටිනා කොටස් විකුණා මෙරටින් ඉයත් කරගෙන ගොස් තිබේ. මේ අනුව ඉදිරියේදී මෙම රජයේ ව්යාකපාර කොටස් වෙළඳ පොළට පැමිණීමෙන් පසු මෙම ආයෝජකයන් ආකර්ශනය කර ගන්නට හැකිවේද? එසේ නැතිනම් මෙරට මහජනතාව යුහුසුලූව මේ කොටස් මිළදී ගන්නට ඉදිරිපත්වේද? මේගැන තවත් පුලූල් කතාබහකට යොමු වීම අවශ්යය.


මිණිසර -


No comments:

Post a Comment