Do you like to read weekly my Econocolama

Thursday, September 30, 2010

රාවය - 2010.10.03 - ඒකාධිකාරය වෙනුවට තරඟකාරීත්වයට තැන දීම




රාවය - 2010.10.03 - මිණිසර






ශරීය ලංකාවේ ආර්ථිකය දියුණු වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. නිදහසින් පසු මේ දක්වා ආර්ථික සංවර්ධනයේ සාමාන්යය වේගය සියයට පහක් පමණ විය. නිදහසින් පසු ගතවූ කාලයෙන් හරි අඩක් යුධමය වාතාවරණයක් යටතේ පැවති හෙයින් මෙම සාමාන්යර ගැන විවාද කිරීම යුක්ති සහගත නැත. සම්පත් හා නිෂ්පාදනයට දායක විය හැකි ජනගනයෙන් වැඩි පරක් තිශතය යුද බිමට සම්බන්ධ ව සිටි අතර ආර්ථිකය ගමන් කළේ ආරක්ෂක අංශ වල නිර්නායකයන්ට අනුවය.






තවමත් සහමුලින්ම රජයේ පාලනයෙන් හා ආරක්ෂක බැඳීම් වලින් මිදී නැති නමුත් යම් පරමත මාණයකට මෙරට ආර්ථිකය වේගවත් වන බව පෙනේ. මේ අවස්ථාවේ දී වඩා අවධානය යොමු කළ යුතු වන්නේ තරගකාරීත්වය ඇති කිරීම කෙරෙහි බව දැක්විය යුතුය. 1977 වසරේ විවෘත ආර්ථික කරීත මය මෙරටට හඳුන්වා දුන් කාලයේ පටන් ආර්ථික පරතු තිපත්ති සම්පාදකයන්ගේ අභිලාශය වූයේ තරඟ කාරීත්වය මගින් මහජනතාවට වඩාත් ලාභදායක, උසස් සේවාවක් සැපයීමයි. මෙයින් දශක දෙකකට පමණ කළින් විවෘත හා සංවෘත ආර්ථික අතර ජාත්යූන්තරය දෝලනය වෙමින් පැවතිණ. එනමුත් දැන් ලෝකය ගමන් කරමින් සිටින්නේ එකම ආර්ථික මූලධර්මයකට අනුවය. රටවල් අතර පරකය තිපත්ති හා සංස්කෘතික අනන්යාතා අනුව එහි යම් යම් වෙනස්කම් පමණක් නිරීක්ෂණය කළ හැකිවේ.






අංශ කිහිපයක හැරෙන්නට මෙරට ව්යාඅපාරික, මුල්යට හා වෙළ ඳ කේෂේතරවෘ යන්හි පරශය මාණවත් තර ඟ කාරීත්වයක් තවමත් නැත. දුරකථන, රක්ෂණ සහ මධ්ය‍ම පාන්තික වෙළ ඳ සැල් සමූහයක එය යම් පමණකට හඳුනාගත හැකිය. රජයට අයත්ව තිබුණ ශරීණ ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් හා පරිපාලනය පැවරීම හා එයින් පසු ජාත්යයන්තර සමාගම් ගණනාවක් මෙරට දුරකථන සේවා සැපයුම්කරුවන් වශයෙන් වෙළ ඳ පොළට ඇතුල්වීමත් සමග මෙම තර ඟ කාරීත්වය ඇතිවූ අතර රුහැන් රහිත ජංගම දුරකථන සමාගම් එය වඩා සියුම් ආකරාඟමමණයක් කරා ගෙන ගියේය. දුරකථන සම්බන්ධතාවයක් ගන්නට දේශපාලනඥයන්ගේ ලිපි හා අවුරුදු ගණන් ලියාපදිංචි වී සිටිය යුතු යුගය අවසන් වූයේ සමාගම් කීපයක් පැමිණ වේගයෙන් සේවා සපයන්නට ඉදිරිපත්වීම සමගය. මෑතක දී විදුලි සංදේශ නියාමන කොමිසම අවම ගාස්තු කරිර මයක් ඇති කිරීම දක්වා සම්බන්ධතා සැපයුම හා දුරකථන ගාස්තු තර ඟ කාරීව පහත වැටීම අවධානයට ගත යුත්තකි. රජයට අයත්ව තිබුණ ශරිා ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකකරණය කිරීමෙන් පසුව රක්ෂණ වෙළ ඳ පොළෙහි විශාල වෙනසක් සිදුවිය. විශේෂයෙන් රථවාහන රක්ෂණය සම්බන්ධයෙන් පෙරැුළිකාර පරමි ගතියක් අත්විය. සතොස ඇතුලූ රාජ්යු ආයතන කිහිපයක් අභිබවමින් අලෙවි වෙළඳ සැල් සමාගම් ගණනක් පැමිණීමෙන් ද මහජනතාවට අලූත් අවස්ථා උදා වී තිබේ.






මෙවැනි තරඟකාරීත්වයක් මගී පරක් වාහනය, ඛනිජ තෙල්, ගෑස්, සෞඛ්යණ සේවා වැනි අංශ වල ද අපේක්ෂා කළේය. එනමුත් ආයෝජකයන්ගේ ගැටලූ හා අයිතිය සහමුලින්ම අත්හැර දමන්නට ඉඩ නොදෙන සුවිශේෂී අයිතීන් රජය භාරයේ තබා ගැනීම හෙයින් පුලූල් ව්යානප්තියක් සිදු වූයේ නැත. මුලින් සඳ හන් කළ දුරකථන, රක්ෂණ හා අලෙවි ව්යාලපාර මගින් අපේක්ෂා කළ උපරිම තරඟකාරීත්වය නැතත් අවම වශයෙන් සේවය ඉල්ලා සිටින පාරිභෝගිකයන්ට සේවය සපයන්නට සමත්වීමත් වැදගත් කාරණයකි.






රජයට අයත් හෝ පුද්ගලික අංශයට වැඩි ඒකාධිකාරයක් හිමි ව්යා පාරයක් හෝ සේවාවක් මගින් පවතින ආර්ථික කරයන මය අනුව මහජනතාවට දැනෙන සු`ථ අවස්ථා උදා කරන්නේ නැත. විදුලිය බලය, ජලය හා මූල්ය් පද්ධතියේ රාජ්යශ පෞද්ගලික තරඟකාරීත්වයක් ඇති කිරීම රාජ්යැ පරුව තිපත්ති වලට අනුව කළ නොහැකි නම් අඩුම තරමින් රාජ්ය් අංශයේ ආයතන කිහිපයක් හෝ පිහිටුවා ඒ ආයතන අතර තරඟයක් ඇති කිරීමෙන් වඩා වැඩි සේවයක් හා කාර්යක්ෂමකාවයක් අපේක්ෂා කළ හැකිය. මේ බව ලෝක බැංකුව හා ජාත්ය්න්තර මූල්යා අරමුදල පවා පෙන්වා දී ඇත.






රජය සතු විදුලිය හා ජල සමාගම් විශාල නාස්තියක් කරන හා අකාර්යක්ෂම ආයතන බව රජයේ මැති ඇමතිවරුම කියා සිටී. මේවායේ නඩත්තුවට මුදල් වැය කරනවා විනා අලූත් තාක්ෂණය හඳුන්වා දීමට නොඑසේනම් සේවා පුලූල් කිරීමට රජයට මුදල් නැත. මෙවැනි අභියෝග හමුවේ කළ යුතුව ඇත්තේ අඩු වශයෙන් දියුණු තාක්ෂණය ඇති රටවල් හෝ පිළිගත් සමාගම් සමග ගිවිසුම් ඇති කරගෙන ඒවා සමග ද්වී පාර්ශවික ව්යා්පාර ඇති කිරීමයි. විදුලිය බෙදා හැරීමේ දී සියයට විසි දෙකක විදුලිබලයක් අපතේ යවන මණ්ඩලයට එය අවම කර ගැනීමට ඇති තාක්ෂණය හෝ දැනට ඇති ලක්ෂ ගණන් පාරිභෝගිකයන්ගේ බිල්පත් සැකසීමට අඩු වියදමක් දැරිය හැකි කරනට මවේදයක් ජාත්යින්තරයෙන් ලබා ගැනීම අපහසු නැත. ටෙලිකොම් සමාගම ස්වකීය බිල්පත් සැකසීම සම්බන්ධව නව පරිගණක පද්ධතියක් හඳුන්වා දීමෙන් විශාල ආර්ථීක වාසියක් අත්පත් කර ගත්තේය. විදුලි බල මණ්ඩලයට හෝ ජල සම්පාදන මණ්ඩලයට ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට නොහැකි වී ඇත්තේ අවශ්යෝ පිරිවැය හිඟකම හෙයිනි. මේ නිසා වාර්ෂිකව සිදුවන විශාල අලාභයට වන්දි ගෙවන්නේ මහජනතාවයි.






වානිජ බැංකු පද්ධතියේ මහජන හා ලංකා යන රාජ්යෝ බැංකු මෙරට මූල්යම කේෂේතරු. යේ විශාල කොටසක් ආවරණය කරගෙන සිටී. සෙසු සියලූම බැංකු වලට ඉතිරිව ඇත්තේ සුලූ වෙළඳ පොළ පරගෙ තිශතයකි. මෙම බැංකු දෙක අතර තරඟකාරීත්වය අඩු හෙයින් කාර්යක්ෂමතාවයක් නැත. පොලී පරටී තිශත අතර තර ඟ කාරීත්වයක් නැත. අවශ්යඩ සංශෝධන සහිතව පුලූල් වෙනසකට ලක් කළහොත් අප නිතර සඳහන් කරන්නාක් මෙන් තැන්පත් පොලිය හා ණය පොලී අනුපාත අතර විශාල පරතරය අඩු කර ගත හැකිවේ.






අන්තර් ආයතන හෝ රාජ්යෙ පෞද්ගලික අංශ අතර උපායශීලී තර ඟ කාරීත්වයක් පැවතිය යුතුය. එයින් සේවය ඉහල හා කාර්යක්ෂම තත්ත්වයකට පත්වෙයි. එහි වාසිය ලැබෙන්නේ මහජනතාවටය. රජයට අයත් ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, සමාන ව්යානපාරයකට පුද්ගලික අංශයට ඇතුල් වෙන්නට ඉඩදීම රටේ සම්පත් විකුණා දැමීමක් නොවේ. රජය කළ යුතු තරඟකාරීත්වයක් ඇතිවෙන්නටත් අලූත් ආයෝජන වලට පරවේ වේශ වන්නටත් ඉඩ දී එහි සිදුවන යම් යම් අකරර ිමිකතා ඇතොත් මැඩලීමයි. එයට බලය ලැබෙන පොදු ව්යධවසාය නියාමන අණ පණත් 2002 වසරේ සිට පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. පෞද්ගලික අංශයේ ව්යා පාර වලට මහජනතාවට සේවා සපයන්නට ඉඩ දී එයින් යම් හානියක් වන ඕනෑම අවස්ථාවක යුක්ති සහගත අන්දමට මැදිහත් වන්නට මෙම නීති මගින් අවකාශය ඇත.


අද අවශ්යවව ඇත්තේ පුලූල් නිදහසක් ඔස්සේ ව්යාථපාරික හා ආයෝජන අවස්ථා වර්ධනය වීමට ඉඩ දෙන පරිසරයකි. එයින් ආර්ථිකය පරරේ සාරණය වනු ඇති අතර නව රුකියා අවස්ථා ජනනය වෙයි. රජයට බදු අය කර ගැනීමේ මාර්ග ද වැඩි වනු ඇත. රජය කළ යුත්තේ නියාමන කාර්යයක් පමණකි. තරඟකාරීත්වය ඇතිවී මහජනතාවට කේවල් කර තම සේවා සලසා ගත හැකි පරිසරයක් ඇතිකිරීම රජයේ වගකීමකි.




මිණිසර

Monday, September 27, 2010

රාවය - 2010.09.26- කහට තේ වෙනුවට ඖෂධීය තේ පානයට හුරුවන ජගත් තේ වෙළඳ පොළ

ශ‍්‍රි ලංකාවේ තේ රසය මුලූ ලෝකයම හදුනයි. 1867 වසර තරම් ඉතිහාසයේ දී බි‍්‍රතාන්‍ය ජාතික ජේම්ස් ටෙලර් ලංකාවට ගෙන ආ තේ පැලයක් මෙරට ආර්ථිකයේ විශේෂිත තැනක් හා ජගත්වාසීන්ගේ ඉමහත් සැලකිල්ලට ලක්වන දෙයක් බවට පත්විය හැකි බව එදා නොසිතන්නට ඇත. අද වන විට ලෝ වැසියන් ජලය හැරුණ විට වැඩිපුරම පානය කරන බවට වාර්තා වී ඇත්තේ තේ පැන්ය. තේ නිපැයුම් විශේෂිත වර්ග දෙදහසකින් පමණ සමන්විතය. දැන් ලෝක අවධානය දිනාගෙන ඇත්තේ ඖෂධීය වටිනාකමක් ආරෝපනය කළ හර්බල් හා ගී‍්‍රන් තේ සඳහා බව ජාත්‍යන්තර වාර්තා දක්වයි.

තේ කර්මාන්තය මෙරටට ආදායම් ලබා දෙන අංශ අතුරින් පළමු තැනක සිටි කාලයක් තිබිණ. දැන් ඒ තැන දිනාගෙන ඇත්තේ විදේශ රුකියා කරන පිරිස් මෙරටට එවන විනිමය හා ඇ`ගලූම් කර්මාන්තයේ ආදායමයි. ශ‍්‍රී ලංකාව තේ නිෂ්පාදනයේ හතරවැනි ස්ථානයට දැන් පත්ව ඇත. චීනය, ඉන්දියාව හා කෙන්යාව ලෝකයේ ප‍්‍රදානතම තේ නිපැයුම්කරුවන් බවට පත්ව තිබේ. එකී රටවල් අතර පාරිභෝජනය වැඩි හෙයින් තවමත් තේ අපනයනය අතින් ඉහලට එන්නට චීනයට හෝ ඉන්දියාවට අවස්ථාව ලැබී නැත. 1995 තෙක් ලෝකයේ ප‍්‍රධානතම තේ සැපයුම් වූ ශ‍්‍රි ලංකාව එයින් පහලට ඇද දමමින් පළමු තැන දිනාගන්නට කෙන්යාව සමත්ව ඇත. එපමණක් නොව, විශේෂ අවධානයකට ලක් නොවන මෙරට තේ කර්මාන්තය දිනෙන් දිනෙම තමන්ට ලෝක සිතියමේ හිමි තැන අහිමි කර ගනිමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය.
මේ වසරේ අගෝස්තු මාසයේ තේ නිපැයුම සියයට තුනකින් වැඩි වී ඇති බව අලූත්ම වාර්තා පෙන්වයි. එය කිලෝ ගෑම් මිලියන 25.15 කි. මේ වසරේ පළමු හය මාසය ඇතුලත තේ අපනයනයෙන් ලැබූ ආදායම රුපියල් මිලියන 625.7 කි. 2009 අවුරුද්දේ තේ අපනයනයෙන් ලැබූ ආදායම සියයට හතකින් පමණ පහත වැටුණ නමුත් මේ වසරේ එය යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි සැලකේ.

ලෝකයේ තේ කර්මාන්තය අභියෝග දෙකකට මුහුණ පා සිටී. එයින් පළමුවැන්න මෙතෙක් කලූ තේ තොග වශයෙන් මිළදී ගනිමින් සිටි රටවල් විවිධ එකිනෙකට වෙනස් තේ රස හා ගුණාත්මක බව කෙරෙහි අවධානය යොමු කිරීමයි. දෙවැන්න පසුගිය අවුරුදු ගණන තුළ ලෝක තේ ඉල්ලූමට වඩා වැඩි තේ තොග ප‍්‍රමාණයක්  ලෝක වෙළ`ද පොළට ලැබීමයි. මේ නිසා තේ නිපදවන රටවල් තම අපනයනය වෙනුවෙන් කෝටා ක‍්‍රමයකට සම්බන්ධ වීමට අවධානය යොමු කර තිබේ.

ලෝකයේ තේ නිපැයුම මේ වසරේ දී ටොන් මිලියන 2.4 ක් වනු ඇත. එය සියයට 1.2 ක වර්ධනයකි. කෙන්යාව සියයට 2.3 ක් ඉන්දියාව සියයට 2.5 වශයෙන් එයට දායක වන අතර චීනය හා තවත් රටවල් කිහිපයක නැපැයුම අඩු වී තිබේ. තේ කර්මාන්තයේ හසල අත්දැකීම් ඇති ශ‍්‍රී ලංකාවේ තේ නිපැයුම වැඩි වන්නේ සියයට 0.7 කින් පමණකි. ඒ අනුව කෝටා ක‍්‍රමය කෙසේ වෙතත් වැඩි නිපැයුම යන ප‍්‍රශ්නය ඇති නොවේ. එසේ නමුත් ලක්ෂ තුනකට ආසන්න සෘජු රුකියා කරන්නවුන් හා තවත් ලක්ෂ ගණනකින් යුත් වක‍්‍ර ආදායම් ලබන පිරිස ක‍්‍රමයෙන් සීමා වනු ඇත. අප‍්‍රිකානු කලාපයෙන් ජාත්‍යන්තරයට තේ අපනයනය කරන ප‍්‍රතිශතය වැඩි වෙමින් පවතී. 2000 සිට 2010 දක්වා කාලය තුළ එය සියයට 2.7 කින් වැඩි වන විට ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවලින් සියයට 2.4 ක් පහත වැටී ඇත. ශ‍්‍රී ලංකාවේ ද සුලූ පහත වැටීමකි.
ශ‍්‍රි ලංකාවේ කලූ තේ නිපැයුම හා අපනයනය බරපතල වෙනසකට ලක්වූයේ ඇයි?  දැනට වතු සමාගම්වල පවතින තේ වගා අවුරුදු ගණන් පැරණි නඩත්තුව අඩු වගා බව පෙනී ගොස් තිබේ. දැනටත් තේ නිෂ්පාදනයෙන් වැඩි දායකත්වයක් දක්වන්නේ පුද්ගලික අංශයයි. මෙම දෙපිරිසම තේ දලූ නෙලා ගැනීමේ සිට අපනයනය දක්වා පලදායකත්වය, උසස් නිෂ්පාදනයක් වෙනුවෙන් කැපවීම හා තත්ත්ව පාලනය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. වැඩි වශයෙන් මේරූ  දලූ නෙලා හොඳ අවධානයකින් තොරව නිපදවන නිසා අවසානයේ දී මෙරට තේ වල උසස් තත්වය පිරිහී තිබේ. ලෝකයේ තේ මිලදී ගන්නා රටවල් අතරින් ඉහලම සිටින රුසියාව ඇතුලූ සීමිත සම්ප‍්‍රදායික රටවල් තවමත් උණුසුම වෙනුවෙන් වැඩි කහට කෝප්ප ප‍්‍රමාණයක් සකස් කර ගත හැකි කලූ තේ ගැන උනන්දුවක් දක්වන අතර බටහිර හා ආසියානු රටවල් වේගයෙන් ඖෂධීයත්වය ඇති තේ මිලදී ගැනීම ගැන උනන්දුවක් දක්වයි.

මේ බව පෙනී යන්නේ අලූත් වෙළඳ පොළ බිහිවන ආකාරය ගැන නිරීක්ෂණය කිරීමෙනි. කලූ තේ නිපැයුම චීනයේ අඩුවී තිබේ. මේ නිසා තේ අපනයනයේ දී පහල බැසීමක් චීනයෙන් වාර්තාවෙයි. එනමුත් ඔවුන් වේගයෙන් ග‍්‍රීන් තේ අපනයනයේ වැඩි වෙළ`ද පොලක් අත් පත් කර ගනිමින් සිටී. ලෝකයේ ගී‍්‍රන් තේ වෙළ`දාමෙන් සියයට හැත්තෑපහක් අයිතිය ඇත්තේ චීනයටය. ජපානය, විටයට්නාමය හා ඉන්දුනීසියාව ඒ වෙළඳ පොල දිනා ගැනීමට තරග කරමින් සිටී. ශ‍්‍රී ලංකාව තවමත් සම්ප‍්‍රදායික ඇට තේ වගාවෙන් බහුල රාජ්‍ය වතු ඇතිව, උසස් නිෂ්පාදනයෙන් තොර කලූ තේ අපනයනය කරමින් තම වෙළඳ පොළ ප‍්‍රතිශතය අඩු කර ගනිමින් සිටිය දී කෙන්යාව, චීනය ඇතුලූ රටවල් ගෙන යන උපක‍්‍රමික වෙළඳ පොළ දිනා ගැනීමේ අවස්ථා ගැන අප උනන්දුවක් දැක්විය යුතුය.


1960 ගණන් වල තේ කිලෝවක් අපනයනය කිරීමේ දී ඩොලර් කිහිපයක් උපයා ගන්නට සමත් වූ ලෝකයේ හොඳම තේ වැඩිම ප‍්‍රමාණයක් නිපදවන්නා අද තේ කිලෝ වකට උපයා ගන්නට සමත් ඩොලර් ප5මාණය ද අඩු කරගෙන ඇතිවා පමණක් නොව වෙළඳ පොළ නව ප‍්‍රවණතා හා පර්යේෂණ ගැන අවධානය යොමු නොකිරීමනිසා එහි ඇති ශක්තිය දුර්වල කර ගනිමින් සිටී. දැන් පවතින තත්ත්වයෙන් තවත් දශකයක් පැවතුන ද තේ වෙළදාමෙන් මෙරටට අවාසියක් වන්නේ නැත. කඩා වැටීමක් හෝ අර්බුදයක් ඇතිවේ යැයි වරදවා වටහා ගත යුතු නැත. එහෙත් වෙනස්වන ලෝකයේ වෙනස් වන වෙළඳ පොළ ප‍්‍රවනතා හෙයින් රටට අහිමිවන ආදායම හා අවස්ථාව බරපතල එකකි.
මිණිසර   -

Thursday, September 16, 2010

රාවය 2010.09.19 - වර්ධනයවන ආර්ථිකය යළි ආයෝජනයට විනා පාරිභෝජනයට නොවේ.

ශ‍්‍රී ලංකාවේ උද්ධමනය හෙවත් වාර්ෂිකව භාණ්ඩ හා සේවාවන් හි මිළ වැඩි වීමේ වේගය දරා ගත නොහැකි තරම් ඉහල වකවානුවක් තිබිණි. එනමුත් මේ වසරේ ගෙවී ගිය හය මාසය තුළ එහි කැපී පෙනෙන අඩු වීමක් වාර්තා කරයි. 2007 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 26.2 ක් වශයෙන් සටහන් විය. ලෝකයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් වැඩි වීම ඉන්ධන මිල ඉහල යාම හා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ පාලනය කර ගත නොහැකි තරමට දේශීය ණය ගැනීම වැනි කාරණා එයට බලපෑවේය. එනමුත් 2010 ජූලි මාසයේ අද්ධමනය සියයට 4.5 ක් වූ අතර එය අගෝස්තු මාසයේ දී සියයට 5 දක්වා සු`ථ වැඩිවීමක් පෙන්නුම් කළේය.

මෙවැනි උද්ධමන අනුපාතිකයක් රට තුළ පවත්වාගෙන යාමට හැකි වීම සාමාන්‍ය මහජනතාවට විශාල සහනයකි. කලින් වසරේ පැවති භාණ්ඩ හා සේවා මිළ ගණන් වලට වඩා ගෙවී යන වසරේ එම කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා මිළ වැඩි වීම සියයට පහකට අඩු නම් එහි වාසිය ලැබෙන්නේ ජනතාවටය.
රජය මේ වන විට විදේශ වත්කම් අතින් හො`ද ස්ථාවරයක සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වාරික වශයෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 406 ක ණය ආධාරය, විදේශීය රුකියා කරන පිරිස් මෙරටට එවන විනිමය ප‍්‍රමාණය ඉහල යාම හා අපනයන යම් ප‍්‍රතිශතයකින් වැඩි වීම එයට බලපා තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇමරිකානු ඩොලරයක රුපියල් වටිනාකම 114 ක සිට 111 තෙක් අඩු වීම මෙරටට ආනයනය කරන භාණ්ඩ මිල තවත් අඩු කර, උද්ධමනය පහත හෙලන්නට දායක වී තිබේ. විදේශ විනිමය වැය කරන අන්දමට ඛනිජ තෙල්, කිරි පිටි, සීනි ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෝක වෙළ`ද පොලේ මිළ ගණන් කැපී පෙනෙන වැඩි වීමක් නොවීම විනිමය පීඩනයක් ඇති නොකරන්නට ද, මෙරට භාණ්ඩ මිළ වැඩි නොවීමට ද බලපා ඇත.

මේ අතර රජය පොලී අනුපාත අඩු කරමින් දේශීය වශයෙන් උද්ධමනය වැඩි වන්නට හේතු විය හැකි කාරණා ගණනාවක් ද සියුම් ලෙස පාලනය කර තිබේ. බැංකු පොලිය අඩුවීම ඉදිරියේ රජය ගන්නා දේශීය ණය වෙනුවෙන් ගෙවන්නට සිදුවන අධික පොලිය සෑහෙන ප‍්‍රමාණයකින් පහත වැටී ඇත. මෙයින් අවුරුදු කිහිපයකට පෙර භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 26 ක් තෙක් වැඩි වී තිබුණි. එහි අදහස ආණ්ඩුව එවැනි ඉහල පොලියකට මහජනතාවගෙන් ණය ගත් බවය. පසුගිය දිනවල අවුරුදු දහයක් දක්වා බැ`දුම්කර වල පොලී අනුපාත සියයට හත අට අතර ගණනකට පහල ගියේය. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ද ඉල්ලා සිටි පොලිය බෙහෙවින් අඩුය. එහි වාසිය අත් කර ගත්තේ දැනට කල් පිරී ඇත් බිල්පත් නැවත වෙන්දේසි කිරීම මගින් කල්පිරුණ බිල්පත් වලට අලූත් මුදල් නෝට්ටු වලින් ගෙවීම් වලකා ගැනීමෙනි. කෙසේ නමුත් මහ බැංකුව මේ වසරේ ජුනි මාසයේ රුපියල් බිලියන 13 ක අලූත් මුදල් නෝට්ටු නිකුත් කර ඇති අතර එය බිලියන 54 දක්වා අගෝස්තු මාසය වන විට ඉහල ගොස් තිබේ. ආර්ථීකයේ ප‍්‍රසාරණය හා පොලී අනුපාත අඩු වීම නිසා මෙම මුදල් සංසරණයේ වැඩි වීම තියුනු බලපෑමක් කර නැත.

2010 වසරේ පළමු හය මාසය ඇතුලත රජය දේශීය වශයෙන් ණය ගැනීම අඩු කර තිබේ. 2009 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 392.5 ක දේශීය ණය ගැනීම් වාර්තා වූ නමුත් මේ වසරේ ජුනි අවසානයවන විට එය රුපියල් බිලියන 315.3 දක්වා සියයට 19.7 කින් අඩු කරගෙන ඇත. අවධානය යොමු කළ යුතු විශේෂත්වය වන්නේ මෙම දේශීය ණය ගැනීම් 2008 වසර සමග සස`දන විට එක හා සමාන බවය. රටේ ආර්ථිකයේ ප‍්‍රසාරණයනිසා විනා පාලනයේ නියම ප‍්‍රතිඵල ලබා ගන්නට නම් එය තව දුරටත් අඩු කර ගත යුතුය. විදේශීය ණය 2009 පළමු මාස හය ඇතුලත දී රුපියල් බිලියන 83.9 ක සිට 2010 එම කාලය තුළ රුපියල් බිලියන 123.5 දක්වා වැඩි වී ඇත. දේශීය ණය අඩු කර විදේශීය ණය ගැනීම් මගින් උද්ධමනය වැඩි කරන මෙරටට මුදල් සංසරණය සීමා කළ හැකි නමුත් මේ ගන්නා ණය ආපසු ගෙවන්නට සිදුවන්නේ ඩොලර් උපයා ගැනීමෙන් පමණකි.

ජාත්‍යන්තර ආර්ථිකයේ වාසි, අඩු බැංකු පොලී අනුපාත වැනි දේ ස්වභාවික ආර්ථික න්‍යායයන්ට යටත්විය යුතුය. කෘත‍්‍රීමව පාලනය කරන තාක් කල් රටට එහි අභ්‍යන්තරය නොදැනේ. අඩු අද්ධමනය හා වැඩි ප‍්‍රතිලාභ ගැන බහුලව කතා කරන අතර මහජනතාවගේ තැන්පතු වලට ලැබෙන අඩු ආදායම ගැන වැඩි සැලකිල්ලක් නොවේ. පාලනයෙන් මිදුන වහා මේ සියල්ල ආපසු හැරෙන්නට ඇති අවදානම ද අමතක කළ යුතු නැත.
දැනටමත් රජය විදේශී්‍ය ණය ගන්නේ මෙයට දශකයකට දෙකකට කලින් ශ‍්‍රී ලංකාවට ලැබුණ සහන පදනමින් නොවේ. වැඩිම ආධාර දෙන චීන රජය පවා ඒ ආධාර වෙනුවෙන් අයකරන්නේ ජාත්‍යන්තර වානිජ බැංකුවකට වැඩි පොලී අනුපාතයකි. මුල්‍ය අරමුදල හෝ වෙනත් ජාත්‍යන්තර ආයතන ශ‍්‍රි ලංකාව ඒක පුද්ගල ආදායම අතින් ඉහල රටක ගනයේ තබා ඇත. 1990 දී ඇමරිකානු ඩොලර් 473 ක ඒක පුද්ගල ආදායම 2004 දී ඇමරිකානු ඩොලර් 1,062 තෙක් හා 2008 දී එය ඇ. ඩො 2,014 තෙක් නංවාගන්නට ශ‍්‍රී ලංකාව සමත්විය. තවත් අවුරුදු පහක් ඇතුලත එය ඇමරිකානු ඩොලර් 4000 දක්වා වැඩි කර ගැනීම රජයේ ඉලක්කයයි. මෙවැනි ආදායම් ඇති රටකට තවත් රටක් හෝ සංවිධානයකින් සහනාධාර හෝ අඩු පොලී ණය අපේක්ෂා කළ නොහැකිය. මේ නිසා දේශීය හෝ විදේශීය වශයෙන් ගන්නා ණය මේ පවතින උද්ධමන අනුපාතිකය දිගටම පවත්වාගෙන යන්නට හැකි අන්දමේ පරිසරයක් නිර්මාණය කළ යුතුය. එවැනි පසුබිමක් සකස් කළ හැක්කේ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට පමණකි. හැකිතාක් ආදායම් වැඩි කර ගත යුතුය. විදේශ විනිමය ලැබෙන ආනයන නංවා ගත යුතු අතර ආනයන සීමා කර ගත හැකි වීම වැදගත්ය. එවිට ගන්නා විදේශ ණය ගෙවන්නට ප‍්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් රටට උපයා ගත හැකි වනු නියතය. අද පවතින නැගී ගෙන එන ආර්ථීකය පාරිභෝජනයට නොව තව තවත් ආයෝජනයට ඉඩ දෙන එකක් බවට පත් කළ හැක්කේ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ දර්ශනය අනුව පමණකි. එය දේශපාලනයෙන් බැහැරව උපායශීලීව මෙහෙයවිය හැකිනම් රටට අනාගතයක් අපේක්ෂා කළ හැකිය.
-මිණිසර   -

Sunday, September 12, 2010

2010.09.12- රාවය- වානිජ බැංකු අධික ලාභ මහජනතාවගේ අතට ආපසු යැවීම

ශ‍්‍රී ලංකාවේ වානිජ බැංකු විසින් උපයා ඇති ලාභය මේ දිනවල විවාද සම්පන්න මාතෘකාවක් වී ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවට වසර හැටක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම් පී. බි. ජයසුන්දර මහතා ද මේ ගැන ස්වකීය මතය දක්වා ඇත. රාවය ඉකොනොකොළම මෙන්ම තවත් මාධ්‍ය ගණනාවක් මෑත පමණක් නොව ඈත කාලයේ පටන්ම මෙරට බැංකු පද්ධතියේ පැවති අධික පොලිය ගැන කතා කළේය. මහජනතාවගෙන් සුලූ පොලියකට ගන්නා ඉතුරුම් නැවත ව්‍යවසායකයන් හා මහජනතාවටම ණයට දෙන්නේ වැඩි පොලී ප‍්‍රතිශතයකටය.


පසුගිය කාලයේ ජාත්‍යන්තරයේ පැවති මූල්‍ය අර්බුදය හෙයින් බටහිර රටවල ප‍්‍රධාන පෙලේ බැංකු හා මූල්‍ය ආයතන බි`ද වැටුණ අතර විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වූ ශ‍්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ආරක්ෂා වූ බව අදහසක් වශයෙන් පැතිර ගියේය. එනමුත් ජයසුන්දර මහතා ගේ එක් ප‍්‍රකාශයකින් එහි හැබෑ පසුබිම අනාවරණය වෙයි. මෙරට ව්‍යාපාරිකයන් හා මහජනතාව පසුගිය වසර තිහ තුළ සියයට තිහක පමණ පොලියක් ණය ගැනීමේ දී බැංකු වලට ගෙවා ඇති බව ඔහුගේ අදහසයි. ණය පොලිය එතරම් ඉහල මට්ටමක පවතින අතර තැන්පතු හිමියන් වෙනුවෙන් එයින් අඩක්වත් වානිජ බැංකු විසින් පොලී ගෙවා නැති බව පැහැදිලිය. ඒ පසුබිම ඉදිරියේ මෙරට බැංකු පද්ධතිය ආරක්ෂා කර ඇත්තේ මහජනතාව විනා එකී බැංකු වල නිවැරදි කළමණාකාරීත්වය හෝ උපායශීලී බව නම් නොවේ.


ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් විසින් බැංකු වලින් ණය ගන්නේ කර්මාන්ත, ව්‍යාපාර හෝ සේවා ආරම්භ කිරීමටය. මෙම ආරම්භ කරන ව්‍යාපෘති ලාභ සහිතව පවත්වාගෙන යන්නට නම් බැංකු වලට සියයට තිහක අධික පොලියක් ගෙවන අතරතුර මහජනතාවගෙන් ලාභ ලෙස උපයන්නට ඇති ධනස්කන්ධය කොතරම්ද? සහල්, එලවලූ මාලූ ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවන විට, බස් ගාස්තු, රෝහල් ගාස්තු වැඩිවන විට මහජනතාව ආණ්ඩුවට ඇ`ගිල්ල දිගු කළේය. වක‍්‍රව පනවන බදු වලින් ආණ්ඩු ආදායම් උපයා ගන්නා අතර බැංකු පද්ධතියේ පැවති මෙවැනි අධික ලාභ ඉපැයීම් පාලනය කරන්නට උත්සාහ කළේ නැත. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ මහජනතාව හැමදාමත් ජීවන වියදම ගැන කනස්සලලෙන් කතාකිරීමය.


මේ වසරේ පළමු මාස හය ඇතුලත බදු ගෙවීමට පෙර මහජන බැංකුව රු. බිලියන 5.2 ක ලාභයක් උපයා ඇති අතර ලංකා බැංකුව එම කාල සීමාවේදී උපයා ඇති ලාභය රු. බිලියන 4.02 කි. කොමර්ෂල් බැංකුව රු. බිලියන 4.06 ක් හැටන් නැෂනල් බැංකුව රු. බිලියන 2.89 ක ලාභයක් උපයා ඇති අතර බදු ගෙවීමෙන් පසු ශූද්ධ ලාභය රු. බිලියන 1.79 කි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 4.5 කි. එම බැංකුවේ පොලී ආදායම පමණක් රු. බිලියන 2.8 ක් වී ඇති අතර එය පසු ගිය වසරේ සම කාල පරිච්ෙඡ්දයේ දී රු.බිලියන 2.1 ක්ව පැවතී ඇත. සම්පත් බැංකුව රු. බිලියන 1.88 ක් හා එන්. ඞී. බී. බැංකුව රු. බිලියන 1,5 මෙම කාලසීමාව ඇතුලත බදු ගෙවීමට පෙර ලාභ වශයෙන් උපයා ඇති බව දැනට නිකුත් කළ ඇති මූල්‍ය වාර්තා පෙන්වයි.


මෑත කාලය තුළ අවස්ථා ගණනාවකදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සිය මිලදී ගැනීමේ හා ප‍්‍රති විකිණීමේ පොලී අනුපාත අඩු කළේය. එසේ අඩු කිරීමෙන් අපේක්ෂා කළේ වානිජ බැංකු පොලී අනුපාත එයට සාපේක්ෂව අඩු වනු ඇති බවය. එහෙත් එය එසේ නොවීය. සාමාන්‍ය ඉතුරුම් පොලී අනුපාතය සියයට හයක් වන විට ණය පොලී අනුපාතය සියයට පහලොවක සිට විසි තුන දක්වා පරාසයක විහිදී තිබිණ. සාමාන්‍යයෙන් මූල්‍ය කේෂේත‍්‍රයේ පිළිගැනීම අනුව තැන්පතු පොලිය හා ණය පොලිය අතර අනුපාත පරතරය සියයට දශම පහක සිට සියයට හතර දක්වා පරාසයක පවතින බව ජාත්‍යන්තර තරගකාරී බැංකු පෙන්වයි. එනමුත් මෙරට එම ප‍්‍රතිශත පරතරය දෙගුණයක සිට තුන් ගුණයක් දක්වා පරාසයක විහිදීමෙන් මෙම පොලී ගැන අදහසක් ඇති කර ගත හැකිය.


බැංකු මහජනතාවට වැඩි පොලියක් ගෙවිය යුතුය. එසේ නැතිනම් අඩු පොලියට ව්‍යවසායකයන්ට හා මහජනතාවට ණය නිකුත් කළ යුතුය. මෑතක දී මහ බැංකුවේ ඉල්ලීම අනුව පොලී අඩු කළේ මහජන බැංකුව පමණකි. අනෙක් බැංකු සියල්ල දැන් ස්වකීය අධික ලාභ වලට කුමක් කළ යුතු ද යන ප‍්‍රශ්නයේ සිරවී සිටී. සාමාන්‍යයෙන් කොටස්කාර සමාගමක් ලාභය යළි ආයෝජනය කළ යුතුය. එසේ නැතිනම් එය කොටස් හිමියන්ට ගෙවිය යුතුය. මෙම අධික ලාභ කොටස් හිමියන් පවා අනපේක්ෂිත එකකි. වානිජ බැංකු ඉක්මනින්ම මෙම ලාභ යළි ආයෝජනය කරන්නට සුදුසු ව්‍යාපෘති හි`ගයෙන් පෙළේ. එයට එකම විස`දුම වශයෙන් දැන් බැංකු යෝජනා කර ඇත්තේ ස්වකීය ප‍්‍රාග්ධන අරමුදල ඉහල දැමීමයි.


ශ‍්‍රී ලංකා මහ බැංකුව කලකට පෙර මෙරට බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමේ අදහසින් යෙදවුම් ප‍්‍රාග්ධනය ඉහල නැංවූ අතර 2011 වසර අවසන් වන තුරු වානිජ බැංකුවක ප‍්‍රාග්ධනය රුපියල් බිලියන තුනක් හා විශේෂිත බැංකු වලට රුපියල් බිලියන දෙකක් වශයෙන් ප‍්‍රාග්ධනය සම්මත කර තිබුණි. දැන් අධික ලාභ උපයා ගත් බැංකු මෙම ලාභ තමන් සතුවම පවත්වා ගැනීමේ අදහසින් 2013 වන විට වානිජ බැංකු ප‍්‍රාග්ධනය රු. බිලියන 4 ක් හා 2015 වන විට රු. බිලියන 5 දක්වාත්, විශේෂිත බැංකු 2013 තෙක් රු. බිලියන 2.5 හා 2015 තෙක් රු. බිලියන 3 දක්වාත් වැඩි කර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අවසර ඉල්ලා තිබේ.


මෙවැනි ප‍්‍රාග්ධනය සාදාරණ නොවන මට්ටමකින් ඉහල නැංවීමෙන් ආර්ථීක ප‍්‍රසාරණයට ලැබෙනවාසියක් නැත. මෙරට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් දෙදහස කිට්ටුවට ගැනීමට නිදහසින් පසු අවුරුදු පණහකට වැඩි කාලයක් ගත කර තිබේ. වත්මන් ආණ්ඩුවේ ඉලක්කය ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් හාරදහසක සීමාවට ඉක්මනින් ගෙනයාමයි. ඒ වෙනුවෙන් විප්ලවීය තීන්දු ගැනීම අවශ්‍යය. පොලී අනුපාත සම්බන්ධයෙන් පවතින බාධක එවැන්නක් බව පැහැදිලිය. පසුගිය අවුරුදු තිහ තුළ සියයට තිහක පොලියක් ගෙවූ පුද්ගලයෙකුට ඉදිරි අවුරුදු කිහිපය තුළ තනි ඉලක්කමක පොලියකින් ව්‍යාපාර අරඹන්නට අවස්ථාව ඇත්නම් එහි වාසිය අත්පත් වන්නේ සමස්ථ ශ‍්‍රී ලාංකික මහජනතාවට බව අවධාරණය කළ යුතුය.


-මිණිසර

Sunday, September 5, 2010

රාවය -2010.09.05 - ව්‍යවසායක බදු සහන ගැන අලූත් ඇසකින් බලන්නට කාලය

ශී‍්‍ර ලංකා මහ බැංකුවට අවුරුදු හැටක් සම්පූර්ණ වි තිබේ. ඔවුන් දක්වන ආකාරයට රට වැසියන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් දහසක සීමාවට ල`ගා වෙන්නට නිදහස ලැබීමෙන් පසු අවුරුදු පනස් පහක් වැය කරන්නට සිදුව ඇත. ඉදිරි වසර පහ ඇතුලත මෙරට ජනතාවගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් හාරදහස දක්වා ඉහල නංවා ගැනීම රජයේ අරමුණ වී ඇතැයි ප‍්‍රකාශ වෙයි.

මේ අතර විදේශික ආයෝජකයන්ට ආයෝජන මණ්ඩලයේ බදු සහන ලැබෙන පිළිවෙත ඉක්මනින්ම අත් හරින්නට ද හැට පිරුණ මහ බැංකුව අදහස් කරන බව අනාවරණය වෙයි. දැනට අවුරුදු විසි පහකට වැඩි කාලයක් ආයෝජන මණ්ඩලය පවත්වාගෙන ගියේය. ආරම්භය කෙසේ වෙතත් ගත වූ අග භාගය ආයෝජන මණ්ඩලයට අභියෝගාත්මක එකක් වන්නට ඇත. අභ්‍යන්තර යුද්ධය හා නිතර ඇවිලෙන වෘත්තීය සටන් අතරතුර මෙරටට ආයෝජකයන් කැ`දවීම පහසු එකක් නොවේ. ඒ බව තහවුරු වන්නේ ද ආයෝජන මණ්ඩලයේ දත්ත අනුවය. 2007 වසරේ නව ආයෝජන ගිවිසුම් 520 ක් හා පවතින ආයෝජන 72 ක දෙවැනි අදියර වෙනුවෙන් අයැදුම් පත් ඔවුන්ට ලැබී ඇත. 2008 වසරේ දී එය නව අයැදුම්පත් 432 ක් හා දෙවැනි පියවර ආයෝජන අයැදුම්පත් ව්‍යාපෘති 31 කි. 2009 වසරේ දී නව අයැදුම්පත් 418 ක් හා දෙවැනි පියවර වශයෙන් ආයෝජන 23 ක් අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව ස`දහන්ය. ගිවිසුම් අත්සන් කරන නමුත් සියලූම ආයෝජකයන් මෙරට ව්‍යාපාර ආරම්භ කරනේනේ නැත. ශක්‍යතා වාර්තා සලකා බලා මෙරට ඇති අවස්ථා වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් පසු ඇතැම් ආයෝජකයෝ ස්වකීය අදහස් අත්හරිති. අවසානයේ ආයෝජන වශයෙන් 2007 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 734ක්, 2008 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 889 ක් හා 2009 දී ඇමරිකානු ඩොලර් මිලියන 601 ක් රටට ලැබී තිබේ.

දැනට රට පුරා කර්මාන්ත කලාප හා අපනයන කේන්ද්‍ර කර ගත් කලාප 12 ක් රජයේ විශේෂ අවධානය යටතේ කි‍්‍රයාත්මකය. එහෙත් අවාසනාවකට මෙන් මෙම ආයෝජන මණ්ඩල සහන යටතේ හෝ රජයේ හෝ පුද්ගලික අංශයේ කම්හල් සියල්ල කේන්ද්‍රගත වී ඇත්තේ බස්නාහිර පලාත වටාය. කොළඹ දිස්ත‍්‍රික්කයේ කර්මාන්ත 2,340 ක් ස්ථාපිත කර ඇත. ගම්පහ කර්මාන්ත 957 කි. කලූතර ස්ථාපිත කර ඇති කර්මාන්ත ගණන 244 ක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අලූත්ම වාර්තාව කියයි. මෙම බස්නාහිර පලාතේ දිස්ති‍්‍රක්ක හැරුණ විට ගාල්ල, මහනුවර, කුරුණෑගල, මාතර, හම්බන්තොට හා නුවර එළියේ සු`ථ වශයෙන් කර්මාන්ත ව්‍යාප්තියක් පෙන්වයි. දිවයිනේ අන් කිසිදු දිස්ත‍්‍රික්කයක විනිමය උපදවන හෝ රුකියා ජනිතකරන කර්මාන්ත පිහිටා ඇත්තේ හතලිස් පහකට අඩු ප‍්‍රමාණයකි. මොනරාගල ඇත්තේ කම්හල් හයකි. මඩකලපුවේ කම්හල් දෙකක්, වව්නියාවේ කම්හල් එකක් හා යාපනයේ කම්හල් තුනක් ඇති බව මෙම දත්ත පෙන්වා දෙයි. මෙයින් පෙනෙන්නේ ආයෝජන මණ්ඩලය කොතරම් පහසුකම් ලබා දී අවස්ථා ඇති කළත් කර්මාන්ත ව්‍යාප්තිය හා මෙරටට නව විදේශ ආයෝජන පැමිණීමේ සැබෑ තත්ත්වයයි.

යුරෝපීය ප‍්‍රජාව මෙරටට ජී.එස්.පී. ප්ලස් බදු සහනය අවලංගු කරමින් කියා සිටියේ ඔවුන්ගේ නිර්නායකයන්ට ගැලපීමක් නොකළ හැකිනම් එරට වැසියන්ගේ බදු ආදායම ශ‍්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් තව දුරටත් ලබාදිය නොහැකි බවය. ආයෝජන මණ්ඩල අනුමැතියෙන් මෙරට කර්මාන්ත හා ව්‍යාපාර අරඹන ව්‍යවසායකයන්ට ඉඩම්,යටිතල පහසුකම්, අමුද්‍රව්‍ය, යන්ත‍්‍රසූත‍්‍ර හා වාහන ආනයනයට බදු සහන හා උපයන ලාභය ගිවිසගත් කාලයකට බද්දෙන් නිදහස් කරන්නේ වක‍්‍රව මේ රටේ ජනතාව මත බදු බර පටවමින්ය.

අවුරුදු විසිපහක් තිස්සේ අනුගමනය කළ ප‍්‍රතිපත්ති වලින් දිනාගත හැකිවූ ප‍්‍රතිලාභ ගැන නිසි තක්සේරුවක් ඇත්නම් තවදුරටත් සහන සැපයීම අවශ්‍ය නැත. එසේම ව්‍යාපාරික අංශ ස්වකීය ආකල්ප හා ආයෝජන රටාව දශක දෙක තුනකට වඩා පැරණි යුගයට වඩා අද වෙනස්ය. ආයෝජන මණ්ඩලය පිහිටුවන අවධියේ අනුමැතිය හා සහන සිත්ගන්නා අවස්ථා නමුත් අද ව්‍යාපාර අංශයේ පවතින තරගකාරීත්වයට මුහුණ දෙන්නට නම් ආකල්ප අතින් වෙනස් කරගත යුතු තැන් බොහෝය.

ව්‍යාපාරයකට අයැදුම්පත‍්‍රය යොමුකර එහි නිෂ්පාදන ආරම්භවීම දක්වා ගතවන කාලය අද ජාත්‍යන්තරව ශ්‍රේණිගත කර තිබේ. ශ‍්‍රි ලංකාව සිටින්නේ අන්තිම කෙළවරේය. හේතුව කර්මාන්තය් ඇරඹීම වෙනුවෙන් විවිධ තල වලදී ගත යුතු අවසරපත් හා නිමක් නැති පරීක්ෂණ හෙයින් කල් ගත වීමයි. අනෙක නිදහස් ශ‍්‍රම වෙළ`ද පොළ, බලශක්තිය, ප‍්‍රවාහනය හා මූල්‍ය ප‍්‍රතිපත්තීන්ය. කම්හලට අවශ්‍ය සේවකයන් ගේ කාර්යක්ෂමතාව, වෘත්තීය සමිති අරගල හා ඵලදායීත්වය නිදහස් ශ‍්‍රම වෙළ`ද පොළ යටතට ගැනේ. කම්කරු නීති රීති හා නිවාඩු ගණන ද එහිලා සැලකිල්ලට ගැනෙන සාධකයන්ය. ලෝකයේ සෙසු තරගකාරී නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මිළටම මෙරට ව්‍යාපාර කරන්නන්ට ද විදුලිය, ඛනිජතෙල් හා ගෑස් මිලයට ගත හැකිවීම බලශක්තිය විෂයෙහි බල පවත්වන වැදගත් කමයි. මේවා මිළ වැඩි නම් එය අවසානයේ නිෂ්පාදන මිලට එකතු වෙයි. එවිය මිළ ගණන් සස`දන විට වෙනත් රටක නිෂ්පාදකයෙකුගේ නිෂ්පාදනය වඩා මිළ අඩුය. තෙල් හා විදුලිය මිල දැනටත් මෙරට කර්මාන්ත හා සේවා අංශ වලට දරාගත නොහැකි මට්ටමට ඇත. යම් පමණකින් දියුණු වී ඇතත් තවමත් ප‍්‍රවාහනයේ ගැටලූ තිබේ. මාර්ග පද්ධතිය යහපත් නමුත් කම්හලේ සිට වරායට හෝ ගුවන් තොටුපොලට නිපැයුම් ගෙන එන්නට ගතවන කාලය වැඩිවීම අහිතකර එකකි. මෙරට කර්මාන්ත බස්නාහිර පලාත කේන්ද්‍රකරගෙන ව්‍යාප්ත වී ඇත්තේ මේ ගැටලූව හෙයින්ය. අවසාන වශයෙන් නම්‍යශීලී හා ඉක්මනින් ප‍්‍රාග්ධන පහසුකම් සපයා ගත හැකි මූල්‍ය වෙළ`ද පොළක් අවශ්‍යය. මේ වන විට අපනයනකරුවන්ගේ මැසිවිල්ල වී ඇත්තේ රුපියලේ අගය ශක්තිමත් වීම නිසා ජගත් වෙළ`දපොළේ දී ස්වකීය භාණ්ඩ මිල වැඩිවීමේ අවාසිය ගැනය. රුපියලේ අගය යම් ප‍්‍රමාණයකට අවප‍්‍රමාණය වීම අපනයන භාණ්ඩ වලට වාසියකි.

කෙසේ නමුත් මෙම ප‍්‍රධාන කාරණා කෙරෙහි සාවධාන වී අවශ්‍ය විස`දුම් සපයන්නට රටට හැකිනම් තව දුරටත් මහජනතාව මත බර පටවමින් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති කර්මාන්ත හා ව්‍යාපාරවලට සහන ලබා දිය යුතු නැත. එනමුත් අවශ්‍ය නම් තවත් කෙටි කාලයක් දැනට ව්‍යාපාර ස්ථාපනය වී නැති දිස්ති‍්‍රක්ක තෝරා ඒවායේ අලූත්න් කර්මාන්ත ආරම්භ කරන ව්‍යවසායකයන්ට සහන ලබා දීම පිළිගත හැකි කාරණයකි. යම් ව්‍යාපාරයක් බදු ගෙවන විට එම ගෙවන බදු ප‍්‍රතිශතය මත පදනම්ව යම් යම් මහන ලබා දිය හැකි ක‍්‍රමවේදයක් සැකසීම වඩාත් උචිතය. ව්‍යාපාරය පටන් ගෙන රටට ආදායමක් අත්පත් කර දෙන විට එයට කෘතවේදීත්වයක් වශයෙන් තව තවත් උපයන ලාභ ආයෝජනයට පෙළඹවීම එහි අරමුණ විය යුතුය.
-මිණිසර